Home » දසුන්ට ලැබුණු හදිසි කැඳ­වී­මත් සමඟ අයි­පී­එල් නියෝ­ජ­නය 8ක් දක්වා ඉහ­ළට

දසුන්ට ලැබුණු හදිසි කැඳ­වී­මත් සමඟ අයි­පී­එල් නියෝ­ජ­නය 8ක් දක්වා ඉහ­ළට

22දා නුවන් තුෂාර: 23 වනිඳු සමඟ තීක්ෂණ තරග බිමේ

by Gayan Abeykoon
March 19, 2025 4:15 pm 0 comment

ප්රින්ස් ගුණ­සේ­කර

ඉන්දීය ප්‍රිමි­යර් ලීග් ක්‍රිකට් තර­ගා­ව­ලි­යට මෙවර සහ­භා­ගි­වන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩ­ක­යන් පිරිස 8ක් දක්වා ඉහළ යයි. දිල්ලි කැපි­ටල්ස් සමඟ ඇති කර­ගත් ගිවි­සු­මෙන් ඉවත් වූ එංග­ලන්ත ක්‍රීඩක හැරී බෲක්ට වසර දෙකක අයි­පී­එල් තහ­න­මක් පැන­වී‍මෙන් පසු ශ්‍රී ලංකා හිටපු විස්සයි20 නායක දසුන් ශාන­කට එම පිලෙන් හදිසි ආරා­ධ­නා­වක් ලැබිණි. ඒ සමඟ ඉන්දිය ප්‍රිමි­යර් ලීග් ක්‍රිකට් තර­ගා­ව­ලියේ ශ්‍රී ලංකා නියෝ­ජ­නය ඉහළ ගියේය‍.

මෙවර ඉන්දීය ප්‍රිමි­යර් ලීග් ක්‍රිකට් තර­ගා­ව­ලි­යට මතීෂ පති­රණ, වනිඳු හස­රංග, මහීෂ් තීක්ෂණ, නුවන් තුෂාර, ඒෂාන් මාංලිංග, කමිඳු මෙන්ඩිස් හා දුෂ්මන්ත චමීර යන ක්‍රීඩ­ක­යන් හත්දෙනා ඉන්දි­යාව බලා පිටත්ව ගොස් සිටි අතර, මෙයට දින දෙක­කට පෙර දසුන් ශානක ද දිල්ලි කැපි­ටල්ස් කණ්ඩා­යමේ පුහු­ණු­වී­ම්ව­ලට එක් වූහ.

මේ මස 22 වැනිදා ආර­ම්භ­වන ඉන්දීය ප්‍රීමි­යර් ලීග් ක්‍රිකට් තර­ගා­ව­ලි­යට සහ­භා­ගි­වන සියලු ක්‍රීඩ­ක­යන් මේ වන විට පුහු­ණු­වීම් ආරම්භ කොට ඇති අතර, පළමු තර­ග­යට ශ්‍රී ලංකාවේ නුවන් තුෂාර ඇතු­ළත් රෝයල් චැලෙ­න්ජර්ස් බැංග­ලෝර් පිල හා අජ­න්කයා රහ්නේ නාය­ක­ත්වය දරන කොල්කටා නයිට් රයි­ඩර්ස් අතර තර­ගය කොල්කටා ඊඩ්න් ගාඩ්න් ක්‍රීඩාං­ග­ණ‍යේදී පැවැත්වේ. මේ 23 වැනිදා හද්‍රා­බාද්හි පැවැ­ත්වෙන දෙවැනි තර­ග­යේදී වනිඳු හස­රංග හා මහීෂ් තීක්ෂණ නියෝ­ජ­නය කරන රාජ­ස්ථාන් රෝයල් සමඟ පැට් කමින්ස්ගේ නාය­ක­ත්ව­යෙන් යුත් සන්ර­යිස් හයි­ද්‍රා­බාද් තර­ගය පැවැත්වේ.

අයි­පී­එල් තර­ගා­ව­ලි­යට සහ­භා­ගි­වන මතීෂ පති­රණ ඉන්දීය රුපි­යල් කෝටි 13කට (ශ්‍රී ලංකා රුපි­යල් කෝටි 44ක්) චෙන්නායි සුපර් කිංග්ස් පිල මිලදී ගත් අතර, එය මෙවර ශ්‍රී ලංකා ක්‍රීඩ­ක­ය­කුගේ වැඩිම ගෙවීම වේ. වනිඳු හස­රංග ඉන්දීය රුපි­යල් කෝටි 5.25කට (ශ්‍රී ලංකා රුපි­යල් කෝටි 18ක්) හා මහීෂ් තීක්ෂණ ඉන්දීය රුපි­යල් කෝටි 4.4කට (ශ්‍රී ලංකා රුපි­යල් කෝටි 15ක්) රාජ­ස්ථාන් රෝයල් මිලදී ගත්හ.

වේග පන්දු යවන නුවන් තුෂාර ඉන්දීය රුපි­යල් කෝටි 1.6කට (ශ්‍රී ලංකා රුපි­යල් කෝටි 5.5ක්) රෝයල් චැලෙ­න්ජර්ස් බැංග­ලෝර් පිල, ඒෂාන් මාංලිංග ඉන්දීය රුපි­යල් කෝටි 1.2කට (ශ්‍රී ලංකා රුපි­යල් කෝටි 3.5ක්) හා කමිඳු මෙන්ඩිස් ඉන්දීය රුපි­යල් ලක්ෂ 75කට (ශ්‍රී ලංකා රුපි­යල් කෝටි 2.5ක්) සන්ර­යිස් හයි­ද්‍රා­බාද් කණ්ඩා­යම මිලදී ගත්තේය. වේග පන්දු යවන දුෂ්මන්ත චමීර දිල්ලි කැපි­ටල්ස් පිල ඉන්දීය රුපි­යල් ලක්ෂ 75කට (ශ්‍රී ලංකා රුපි­යල් කෝටි 2.5ක්) තක්සේරු කළේය.

අලු­තෙන්ම එක්වූ දසුන් ශාන­කට ඉන්දීය ප්‍රිමි­යර් ලීග් ක්‍රිකට් වෙන්දේ­සි­යේදී ඉන්දීය රුපි­යල් ලක්ෂ 75ක් (ශ්‍රී ලංකා රුපි­යල් කෝටි 2.5ක්) තක්සේරු මුද­ලක් ඉදි­රි­පත් කොට තිබිණි. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති ඉන්ට­ර්නැ­ෂ­නල් ලීග් විස්සයි20 තර­ගා­ව­ලියේ ශූර­තාව දිනූ ඩුබායි කැපි­ටල්ස් කණ්ඩා­යමේ ප්‍රබල සාමා­ජි­ක­ය­කුවූ දසුන් එම තර­ගා­ව­ලි­යේදි දැක් වූ දක්ෂතා හේතු­වෙන් මෙවර දිල්ලි කැපි­ටල්ස් කණ්ඩා­ය­මට කැඳවා ඇත.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT