ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ගඟතලාව එක්සත් මාධ්‍ය සංසදය තුන්වැනි වරටත් සංවිධානය කරන ශුද්ධ වූ රම්ලාන් උපවාස මාසයේ උපවාසය අත්හැරීමේ ඉෆ්තාර් වැඩසටහන 23 වැනිදා පස්වරු 05.30ට කින්නියා ටී.බී.ඡායා මුස්ලිම් බාලිකා විද්‍යාලයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
මෙම වැඩසටහනේ ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස නැඟෙනහිර ආණ්ඩුකාර මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර සහ දිසාපති මහේෂ් හේමන්ත කුමාර යන මහත්වරු සහභාගි වීමට නියමිතය. ගඟතලාව එක්සත් මාධ්‍ය සංසදයේ කැඳවුම්කරු හා ඉෆ්තාර් කමිටු සභාපති ඕ. කියාස් සාපි, උප ලේකම් පාරුක් මුබාරක්, භාණ්ඩාගාරික එස්. කීදපොන්කලන් යන මහත්වරු විසින් මේ සඳහා නිල ආරාධනය ආණ්ඩුකාර වෙත සහ දිසාපති වෙත භාර දීම සිදු කෙරිණි.