Home » බදුල්ලේ පළාත් පාලන ආය­තන 18න් 14ක් සඳහා පක්ෂ 2ක් හා ස්වාධීන කණ්ඩා­ය­මක් නාම­යෝ­ජනා භාර දෙයි

බදුල්ලේ පළාත් පාලන ආය­තන 18න් 14ක් සඳහා පක්ෂ 2ක් හා ස්වාධීන කණ්ඩා­ය­මක් නාම­යෝ­ජනා භාර දෙයි

by Gayan Abeykoon
March 19, 2025 4:00 pm 0 comment

බදුල්ල - නිශාන්ත අබේ­ගු­ණ­ව­ර්ධන

පලාත් පාලන මැති­ව­ර­ණය 2025 සඳහා බදුල්ල දිස්ත්‍රි­ක්කයේ පළාත් පාලන ආය­තන 18න් 14ක් සඳහා පිළි­ගත් දේශ­පා­ලන පක්ෂ 2ක් හා ස්වාධීන කණ්ඩා­ය­මක් ඊයේ (18) වන විට නාම­යෝ­ජනා භාරදී ඇතැයි බදුල්ල දිස්ත්‍රික් සහ­කාර මැති­ව­රණ කොම­සා­රිස් කේ.කාන්දී­පන් මහතා පැව­සීය.   එම නාම­යෝ­ජනා පත්‍ර අත­රින් 11ක් පොදු­ජන එක්සත් පෙර­මුණ විසින් භාරදී ඇති අතර, ඒ බදුල්ල මහ නගර සභා­වට හපු­තලේ නගර සභා­වට සහ පස්සර, ලුණු­ගල, කන්ද­කැ­ටිය, රිදි­මා­ලි­යද්ද, හාලි­ඇළ, ඌව පර­ණ­ගම, ඇල්ල, සොර­ණා­තොට, බණ්ඩා­ර­වෙල යන ප්‍රාදේ­ශීය සභා­වන් 9ය සඳ­හාය. සමගි ජන බල­වේ­ගය මහි­යං­ග­ණය සහ රිදි­මා­ලි­යද්ද ප්‍රාදේ­ශීය සභා දෙකට හා බණ්ඩා­ර­වෙල මහ නගර සභාව සඳහා ස්වාධීන කණ්ඩා­ය­මක් විසින් නාම­යෝ­ජනා භාර දී ඇත.

මේ වන විට පිළි­ගත් දේශ­පා­ලන පක්ෂ 14ක් සහ හා ස්වාධීන කණ්ඩා­යම් 11 කින් බදුල්ල දිස්ත්‍රි­ක්කයේ මහ නගර සභා 2ක් නගර සභා 1 ක් සහ ප්‍රාදේ­ශීය සභා 15 කට ඇප මුදල් තැන්පත් කර ඇති බවද සහ­කාර මැති­ව­රණ කොම­සා­රිස් කේ.කාන්දී­පන් මහතා පැවැ­සීය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT