Home » තල­වා­කැලේ තිදෙ­නෙ­කුට බඹ­රුන් විදලා

තල­වා­කැලේ තිදෙ­නෙ­කුට බඹ­රුන් විදලා

by Gayan Abeykoon
March 19, 2025 4:00 pm 0 comment

හැටන් මධ්යම විශේෂ

තල­වා­කැලේ වතු­යායේ සිදුවූ බඹර ප්‍රහා­ර­යක් හේතු­වෙන් තුවාල ලැබූ තිදෙ­නකු කොට­ගල ප්‍රාදේ­ශීය රෝහ­ලට ඇතු­ළත් කර ඇති බව එම රෝහලේ නිල­ධා­රි­යකු පැව­සීය.

මේ පිළි­බ­ඳව වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ එම නිල­ධා­රියා පව­සන ලද්දේ පෙරේදා (17) මෙම තිදෙනා තවත් පිරි­සක් සමඟ තල­වා­කැලේ වතු­යායේ සේවය කර­මින් සිටි­යදී එම වතු­යායේ ගසක බැඳ තිබු බඹර කූඩු­වක් ඇවි­ස්සී­මෙන් එහි සිටි බඹ­රුන් මෙම තිදෙ­නාට පහර දී ඇති බවයි.

බබ­රුන්ගේ එම පහර දීම හේතු­වෙන් තුවාල ලැබූ මෙම තිදෙනා මෙසේ රෝහල් ගත කර ඇති බවත්, එම තිදෙනා මේ වන විට මෙම රෝහලේ නේවා­සි­කව ප්‍රති­කාර ලබන අතර, ඔවුන්ගේ තත්ත්ව­යන් බර­ප­තළ නොවන බවද එම නිල­ධා­රියා වැඩි­දු­ර­ටත් පැව­සීය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT