68
පතනදිඹුල ආර්ගිල් වතුයායේ නුග ගසකට අකුණක් වැදීමෙන් එහි අත්තක් කඩා වැටී නිෙවසකට හා ලොරි රථයකට හානි සිදුව ඇත.
මධ්යම කඳුකරයේ පතනදිඹුල ආශ්‍රිත ප්රදේශයන්ට පෙරේදා (17) සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි පතිත වන අවස්ථාවේදී පතනදිඹුල ආර්ගිල් වතුයායේ නුග ගසකට අකුණු සැර වැදීමෙන් එහි විශාල ප්රමාණයේ අත්තක් කඩාවැටී ඇති බව පතනදිඹුල පොලීසියේ නිලධාරියකු පැවැසීය. එම අත්ත ඒ අසල පිහිටි නිෙවසට හා ඒ අසල නවතා තිබූ ලොරි රථයකට කඩා වැටීමත් සමඟ එම නිෙවසට හා ලොරි රථයට හානි සිදුව ඇති බවත්, මෙම සිද්ධියෙන් එක් අයකු සුළු තුවාල ලබා ඇති බවද එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.