91
අනුරාධපුර – පාදෙණිය ප්‍රධාන මාර්ගයේ ගල්ගමුව මීගස්හන්දිය ප්රදේශයේ මාර්ගයේ රිය අනතුරකින් මියගිය අලි පැටවකුගේ සිරුරක් ගල්ගමුව වනජීවී නිලධාරීන් විසින් ඊයේ (18) සොයාගෙන තිබේ.
මියගිය අලි පැටවාගේ ශරීරයේ අනතුරක් සිදු වූ බවට තුවාල දක්නට ලැබෙන අතර අනතුර සිදු කළ රථ වාහනය පලා ගොස් තිබේ.
ඊයේ (18) අලුයම මෙම අනතුර සිදුව ඇති අතර අනතුරට පත් කළ රථවාහනය සොයා පරීක්ෂණ සිදු කරයි.
අනතුරෙන් මියගිය අලි පැටවාගේ වයස අවුරුදු දෙකක් පමණ වන අතර සිද්ධිය පිළිබඳව පරීක්ෂණ ගල්ගමුව වනජීවී කාර්යාලයේ නිලධාරීන් විසින් සිදු කරයි.