ගම්පහ පොලිස් බල ප්රදේශයට අයත් මාදෙල්ගමුව ප්රදේශයේ නිවෙසක හුදෙකලාව ජීවත් වූ අසූ හැවිරිදි පුද්ගලයකුගේ ගෙල කපා මරා දැමූ සැකකරු ගම්පහ පොලීසියේ අපරාධ අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනිණි. අත්අඩංගුවට ගත් සැකකරු මියගිය පුද්ගලයාගේ මුනුපුරකු වන අතර, මියගිය පුද්ගලයාගේ යාබද නිවෙසේ පදිංචිව සිටි අයෙකි. සැකකරුගේ සොහොයුරකු සාක්ෂි දෙමින් පවසා ඇත්තේ, පෙරේදා (17) දහවල් තම සීයාගේ නිවෙස දෙසින් ඇසුණු ශබ්දයක් පිළිබඳව සොයා බැලීමේදී තම සොහොයුරා ලේ තැවරුණු මන්නා පිහියක් ද රැගෙන සීයාගේ නිවෙසේ සිට පිටතට යන අයුරු දුටු බවයි. අනතුරුව පැමිණි ගම්පහ පොලීසියේ අපරාධ අංශයේ නිලධාරීන් ඝාතනය සඳහා යොදා ගත් මන්නා පිහිය ද සමඟින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු යම් මානසික ආබාධයකට ප්රතිකාර ගන්නා පුද්ගලයකු බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ. සැකකරු අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.