30
වැලිවේරිය හා මීගහවත්ත පොලිස් බලප්‍රදේශවලින් සිදු කරන ලද දුරකතන කම්බි සොරකම් කිරීමේ සිද්ධියකට අදාළව සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ පුද්ගලයන් තිදෙනකු ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් සහනා ෆාතිමා හග්නා මහත්මිය විසින් මාර්තු මස 28 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවාය.
ඔවුන් මෙලෙස සොරකම් කොට මාවරමණ්ඩිය ප්‍රදේශයට විකුණා තිබූ රුපියල් ලක්ෂ දෙකක් වටිනා තඹ සොයා ගැනීමට හැකි වූ බවද පොලීසිය මෙහිදී සඳහන් කර සිටියේය. වැලිවේරිය පොලීසියේ උප පොලිස් පරීක්ෂක ජයලත් මහතා සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.