Home » අලු­ත්ගම පූර්වා­රාම විහාර රන් වැටේ පිත්තල කණු සොරා­ගෙන

අලු­ත්ගම පූර්වා­රාම විහාර රන් වැටේ පිත්තල කණු සොරා­ගෙන

by Gayan Abeykoon
March 19, 2025 4:00 pm 0 comment

කළු­තර මධ්යම සමූහ - සුනිල් ස්ටැන්ලි

අලු­ත්ගම, ගනේ­ගම, පූර්වා­රාම විහා­ර­ස්ථා­නයේ බෝධි මළුව වටා සවි­කොට ඇති රන් වැටේ රුපි­යල් 281,000ක් වටිනා පිත්තල කොටස් සොරා­ගෙන යෑමේ සිද්ධි­යක් සම්බ­න්ධ­යෙන් අලු­ත්ගම පොලී­සිය පරී­ක්ෂණ පව­ත්වයි.

විහා­රා­ධි­පති දික්හේ­න­පුර විජිත හිමි­යන් ­වි­සින් පොලී­සි­යට කරන ලද පැමි­ණි­ල්ලක් අනුව මේ පිළි­බඳ පරී­ක්ෂණ ආරම්භ කොට තිබේ. තමා පෙරේදා (17) උදේ 6.00ට පමණ අවදි වී බෝ මළුව අතු­ගා­මින් සිටින විට රන් වැටේ කොටස් අඩු බව දුටු බවත්, පරීක්ෂා කර බලන විට අඩි 2 1/2ක් උස අඟල් 2ක් පළල පිත්තල කණු 27ක්, අඟල් 1/2 පළල අඩි 7ක් උස පිත්තල කණු 7ක් සොරා­ගෙන ගොස් තිබූ බවත් උන්ව­හන්සේ පොලී­සි­යට කර තිබූ පැමි­ණිල්ලේ සඳ­හන් වේ.

අළු­ත්ගම පොලිස් ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරී­ක්ෂක ආර්.කේ. රත්න­සිං­හම් මහ­තාගේ මෙහෙ­ය­වීම යටතේ මේ පිළි­බ­ඳව වැඩි­දුර පරී­ක්ෂණ පැවැත්වේ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT