Home » ජපන් ශ්‍රී ලංකා සංස්කෘ­තික උත්ස­වය මීරි­ගම දී උත්ක­ර්ෂ­වත්ව

ජපන් ශ්‍රී ලංකා සංස්කෘ­තික උත්ස­වය මීරි­ගම දී උත්ක­ර්ෂ­වත්ව

by Gayan Abeykoon
March 19, 2025 4:01 pm 0 comment

කොට­දෙ­ණි­යාව සමූහ එම්. පුෂ්ප­කු­මාර

ජපන් ශ්‍රී ලංකා සංස්කෘ­තික උත්ස­වය පසු­ගිය 15 වැනිදා ජාතික තරුණ සේවා සභාවේ අනු­ග්‍ර­හ­යෙන් මීරි­ගම යොවුන් නිකේ­තන රංග ශාලා­වේදී උත්ක­ර්ෂ­වත් අන්ද­මින් පැවැ­ත්විණි.

දෙරටේ නර්තන, ගායන වාදන අංග රැස­කින් සම­න්විත වූ මෙම සංස්කෘ­තික උත්ස­වය සඳහා ජයිකා ආය­ත­නික ස්වේච්ඡා නිල­ධා­රීන්, ජපන් ජාති­ක­යන් සමඟ මීරි­ගම යොවුන් නිකේ­තන පාඨ­මාලා හදා­රන දරු දැරි­යන් මෙන්ම ප්‍රදේ­ශයේ කලා­ය­තන රැසක නර්තන ශිල්පීන් ද එක්ව සිටීම විශේ­ෂ­ත්ව­යක් විය. ජය­ව­ර්ධ­න­පුර විශ්ව­වි­ද්‍යා­ලයේ සහ සබ­ර­ග­මුව විශ්ව­වි­ද්‍යා­ලයේ ජපන් භාෂා අධ්‍ය­යන අංශ­යන්හි ඉගෙ­නුම ලබන සිසුන්ගේ නර්තන ගායනා ද මේ සඳහා එක් කර තිබිණි. තරුණ සේවා සභාවේ ගම්පහ දිස්ත්‍රික් සහ­කාර අධ්‍යක්ෂ මේනක බාල­සූ­රිය මහතා උත්ස­වයේ අර­මුණු පැහැ­දිලි කළ අතර, මීරි­ගම පුහුණු මධ්‍ය­ස්ථා­නයේ ජයිකා ස්වේච්ඡා සේවිකා තෝ කෝ කුරාතා මහ­ත්මිය විශේෂ පිළි­ගැ­නීමේ කතා­වක් සිංහල භාෂා­වෙන් පැවැ­ත්වූ­වාය. ජපන් හා ශ්‍රී ලංකා සංස්කෘ­තිය පිළි­බඳ කරුණු අව­බෝධ කර ගැනීමේ වැද­ග­ත්කම, අත්දැ­කීම් හුව­මාරු කර ගැනීම සම්බ­න්ධ­යෙන් කුරාතා මහ­ත්මිය මෙහිදී කරුණු දැක්වූ­වාය. ජයිකා ආය­ත­නයේ ජ්‍යෙෂ්ඨ නියෝ­ජිත තකුමා නොගුචි මහතා මෙහිදී අද­හස් දක්ව­මින්, 1951 වසරේ ජේ.ආර්. ජය­ව­ර්ධන මහතා විසින් ශ්‍රී ලංකාව නියෝ­ජ­නය කර­මින් ජපා­නය වෙනු­වෙන් කරන ලද මෙහෙය අගය කරන බව සඳ­හන් කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT