ජාතික අධ්‍යාපන විද්‍යා පීඨ ගුරු පුහුණුව ලබන ගුරු සිසුන්ගේ පාසල හා ප්‍රජා අධ්‍යාපන සංවර්ධන වැඩ පුහුණුව යටතේ වේයන්ගොඩ සියනෑ ජාතික විද්‍යා පීඨයේ ගුරු පුහුණුව ලබන ගුරු සිසු සිසුවියන් පිරිසක් මහව ගල්ගමුව ප්‍රදේශයේ දුෂ්කර ප්‍රදේශවල පාසල් හතරක අධ්‍යාපන හා භෞතික සම්පත් සංවර්ධනය කිරීමේ සමාජ සත්කාරක සේවාවක නිරත වූහ.
ගුරු සිසු සිසුවියන් තුන්සියයක්, කථිකාචාර්ය මණ්ඩලය, අධ්‍යාපන, අනධ්‍යයන අංශවල ද සහාය ඇතිව ක්‍රියාත්මක කළ මෙම සමාජ මෙහෙවර තුළින් රුපියල් ලක්ෂ ගනණක් වටිනා අධ්‍යාපන භෞතික සම්පත් සංවර්ධනය කර දී ඇතැයි පීඨාධිපති ප්‍රියන්ත සුබසිංහආරච්චි මහතා පැවසීය. ඩෙස් පුටු නවීකරණය, අබලන් පන්ති කාමර, දොර, ජනෙල් පිළිසකර කර පාසල් ගෙවතු පවිත්‍රතාවය, පන්ති කාමර අලංකරණය මෙන්ම එම පාසල්වල සිසුන් සඳහා කුසලතා සංවර්ධනය, අධ්‍යාපන ක්‍රියාකාරකම් පැවැත්වීම එම දින හතර තුළ සිදු කළ සුවිශේෂ සේවාවන් කිහිපයකි.