Home » කොටන තුවක්කු අටවා සතුන් මැරූ අයෙක් හඳු­න්ග­මු­වේදී මාට්ටු

කොටන තුවක්කු අටවා සතුන් මැරූ අයෙක් හඳු­න්ග­මු­වේදී මාට්ටු

by Gayan Abeykoon
March 19, 2025 4:00 pm 0 comment

මාතලේ මධ්යම සමූහ

මාතලේ, ලග්ගල, හඳු­න්ග­මුව දේව­ගි­රිය ප්‍රදේ­ශයේ සතුන් දඩ­යම් කිරීම සඳහා අටවා තිබූ මෙරට නිෂ්පා­දිත තුව­ක්කු­වක් සමඟ පුද්ග­ල­යකු හඳු­න්ග­මුව පොලී­සිය මඟින් සැක­පිට අත්අ­ඩං­ගු­වට ගැනිණි.

කලක සිට හඳු­න්ග­මුව, දේව­ගි­රිය, ලේඩි­යං­ගල ප්‍රදේ­ශයේ කැලෑව තුළ නීති විරෝ­ධීව බෙහෙත් කොටන තුවක්කු අටවා සතුන් දඩ­යම් කරන බවට හඳු­න්ග­මුව පොලිස් ස්ථානයේ දූෂණ මර්දන අංශය වෙත ලැබුණු තොර­තු­ර­කට අනුව සිදු කළ වැට­ලී­ම­කදී අදාළ පුද්ග­ල­යාට අයත් ලේඩි­ය­න්ගල ප්‍රදේ­ශයේ වගා බිමක පැලක වහ­ලයේ සඟවා තිබූ තුව­ක්කුව සමඟ එම පුද්ග­ලයා අත්අ­ඩං­ගු­වට ගෙන ඇත.

සිද්ධිය සම්බ­න්ධ­යෙන් සැක­කරු සමඟ ගිනි­අ­විය ලග්ගල අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරී­මට නිය­මි­තය. වැඩි­දුර පරී­ක්ෂණ කට­යුතු හඳු­න්ග­මුව පොලී­සිය මගින් සිදු කරනු ලබයි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT