මින්නේරිය නගරයට ආසන්නයේදී ඊයේ (18) අලුයම 5.00ට පමණ කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වූ වෑන් රථයක් නවතා තිබූ
ලොරියක ගැටීමෙන් 5 දෙනකු තුවාල ලබා තිබේ.
අනතුරින් බරපතළ තුවාල ලැබූ මහරගම ප්රදේශයේ පදිංචි ආර්.පී.අයි. ගමගේ (45), පානදුර ප්රදේශයේ පදිංචි කේ.ඒ. අසිත ප්‍රශාද් සංජීව (34) යන අය
පොලොන්නරුව රෝහලේ නේවාසිකව ප්රතිකාර ලබමින් සිටිති. සෙසු තිදෙනා සුළු තුවාල ලබා තිබේ. කොළඹ සිට මඩකලපුව ඇඟලුම් ආයතනයකට ගමන් ගත් වෑන් රථය, මින්නේරිය නගරය ආසන්නයේ පාලම ආසන්නයේදී මෙම අනතුරට මුහුණපා ඇත. මින්නේරිය සිට හබරණ දෙසට ගමන් ගත්
ලොරිය මාර්ගයෙන් ඉවත නවතා තිබියදී හබරණ දෙස සිට පැමිණි වෑන් රථය ලොරියේ ගැටී ඇති බව මින්නේරිය පොලීසිය කියා සිටියේය.
ලොරි රථයේ රියැදුරු මින්නේරිය පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබිණි.