ආහාර සොයා ගම්වැදුණු වන අලියකු ඊයේ (18) අලුයම මින්නේරිය ප්රදේශයේ නිවෙසකට එල්ල කළ ප්රහාරයකින් බිත්තියක්
ඇඳට පෙරළී ඇඳේ සිටි කාන්තාවක් මියගොස් ඇති බව මින්නේරිය පොලීසිය පැවසීය.
මෙම වන අලි ප්රහාරයෙන් මියගොස් ඇත්තේ මින්නේරිය, හබරණ පාර ලිපිනයේ පදිංචිව සිටි 64 වියැති දෙදරු මවක වන මේරි මාග්‍රට් පෙරේරා නමැත්තියකි.
වන අලි ප්රහාරයත් සමඟ බිත්තිය ඇඟට වැටීමෙන් පසු තුවාල ලත් ඇය හිඟුරක්ගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව අලුයම මියගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය. අලියාගේ පහරදීමෙන් බිත්තිවලට ද දැඩි අලාභහානි සිදුව ඇති අතර, එම වන අලියා පලවා හැරීමට නිවැසියන් සහ ගම්වාසීන් මහත් ශ්රමයක් දරා තිබේ.
මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ මින්නේරිය පොලීසිය සිදු කරයි.