Wednesday, March 26, 2025
Home » ප්‍රමි­ති­ගත දේශීය ඖෂධ නිෂ්පා­ද­න­යට ආදි­වාසී ගම්මා­න­ව­ලින් අමු­ද්‍රව්‍ය මිලදී ගැනීම අර­ඹයි

ප්‍රමි­ති­ගත දේශීය ඖෂධ නිෂ්පා­ද­න­යට ආදි­වාසී ගම්මා­න­ව­ලින් අමු­ද්‍රව්‍ය මිලදී ගැනීම අර­ඹයි

by Gayan Abeykoon
March 19, 2025 4:01 pm 0 comment

මාපා­ක­ඩ­වැව සමූහ එච්.එම්. රංජිත් කරු­ණා­වීර

ආන­ය­නික ඔසු­ව­ලට යන විය­ද­මත් අඩු කරයි

ආදි­වා­සීන්ගේ ආර්ථි­ක­ය­ටත් ශක්ති­යක්

ආදි­වාසී ගම්මා­නය හා අවට ගම්මා­න­ව­ලින් දේශීය ඖෂධ නිෂ්පා­ද­න­යට ඖෂධ වර්ග මිලදී ගැනී­මෙන් ආදි­වා­සීන්ගේ ආර්ථි­කය ශක්ති­මත් කිරීමේ වැඩ­ස­ට­හ­නක් හා රට තුළ ප්‍රමි­ති­යෙන් යුතු ඖෂධ නිෂ්පා­දන වැඩ­ස­ට­හ­නක් සඳහා මුල­පි­රීම පසු­ගි­යදා සිදු කෙරිණි.

මෙරට ආයු­ර්වේද ඔසු නිෂ්පා­ද­නය සඳහා පිට­ර­ටින් මෙර­ටට ගෙන්වන ඔසු ප්‍රමා­ණය අවම කර­මින්, විදේ­ශ­යන් වෙත ඇදී යන මුදල් අවම කර, ග්‍රාමීය ජන­තා­වගේ ආර්ථි­කය ශක්ති­මත් කිරීම සඳහා එම මුදල් යොදවා ගැනීමේ අර­මුණ ඇතිව හා ප්‍රමි­ති­යෙන් යුතු ආයු­ර්වේද ඖෂධ නිෂ්පා­ද­නය අර­මුණු කර ගනි­මින් ජාතික ජන බල­වේ­ගය ප්‍රමුඛ රජය හා රාජ්‍ය ආයු­ර්වේද ඖෂධ නිෂ්පා­දන සංස්ථාව ඒකා­බ­ද්ධව මේ වන විට දියත් කර තිබෙන ඔසු එකතු කිරීමේ ජාතික වැඩ­ස­ට­හනේ එක් අදි­ය­ර­යක් ලෙස මහි­යං­ග­ණය, දඹාන ආදි­වාසී ගම්මා­න­යේදී එකතු කරන ලද ඖෂධ මිලදී ගැනීම පෙරේදා (17) ආරම්භ කර තිබේ.

දඹාන ආදි­වාසී නායක විශ්ව­කිර්ති වන­ස්පති ඌරු­ව­රිගේ වන්නිලැ ඇත්තන් විසින් එහි ප්‍රථම ඖෂධ තොගය රාජ්‍ය ආයු­ර්වේද ඖෂධ නිෂ්පා­දන සංස්ථාවේ කළ­ම­නා­කාර අධ්‍යක්ෂ වෛද්‍ය එම්.ජී. මාර­සිංහ මහ­තාට ඌව පළාත් ආයු­ර්වේද දෙපා­ර්ත­මේ­න්තුවේ ආයු­ර්වේද කොම­සා­රිස් ශ්‍රීයා කරු­ණා­රත්න මහ­ත්මිය ඉදි­රියේ භාර දෙනු ලැබිණි.

දඹාන ආදී­වාසි ගම්මා­නය හා ඒ අවට පව­තින ඉතා­මත් වටිනා දුර්ලභ ඖෂධ හා පැළෑටි ආරක්ෂා කර ගනි­මින්, මෙම ශාක හා ශාක කොටස් ආයු­ර්වේද ඖෂධ නිෂ්පා­ද­නය සඳහා යොදා ගැනීම තුළින් ආදි­වාසී ජන­තා­වගේ ආර්ථි­කය ශක්ති­මත් කිරී­මට ද පිය­වර ගෙන ඇත. විදේ­ශ­යෙන් ගෙන්වන ප්‍රමි­ති­යෙන් තොර බාල ඖෂධ වෙනු­වට ප්‍රමි­ති­යෙන් යුතු දේශීය ඖෂධ ආයු­ර්වේ­ද­යෙහි ඖෂධ නිෂ්පා­ද­නය සඳහා යොදා ගැනීම මෙහි මූලික අර­මුණ වී තිබේ. ආදි­වාසී ගම්මා­නය අවට ගම්මාන වන වේවත්ත, කුකු­ළා­පොළ, කඳු­බැද්ද, එබ්බා­හැර හා බුලු­පි­ටිය යන ගම්මා­න­ව­ලින් එකතු කරන ලද ඖෂධ නිෂ්පා­ද­නය සඳහා මිලදී ගැනීම මෙහිදී සිදු කෙරිණි.

මෙම අව­ස්ථාව සඳහා  ජාතික ජන බල­වේ­ගයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලි­මේන්තු මන්ත්‍රී දිනිදු හෙන්නා­යක, ජාතික ජන බල­වේ­ගයේ විධා­යක සභික නීතිඥ උපේක්ෂා විජේ­තුංග, රාජ්‍ය ආයු­ර්වේද ඖෂධ නිෂ්පා­දන සංස්ථාවේ කළ­ම­නා­කාර අධ්‍යක්ෂ වෛද්‍ය එම්.ජී. මාර­සිංහ, ඌව පළාත් ආයු­ර්වේද දෙපා­ර්ත­මේ­න්තුවේ ආයු­ර්වේද කොම­සා­රිස් ශ්‍රියා කරු­ණා­රත්න ඇතුළු නාවින්න ආයු­ර්වේද මධ්‍ය­ස්ථා­නයේ නිල­ධා­රීන් හා ආයු­ර්වේද ඖෂධ නිෂ්පා­දන ආය­ත­නයේ වෛද්‍ය­ව­රුන් ඇතුළු මහත්ම මහ­ත්මීන් රැසක් ද මෙම අව­ස්ථා­වට සහ­භාගී වූහ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT