බොරලන්ද වංගියගොඩ ප්රදේශයේ 15 හැවිරිදි බාලවයස්කාර පාසල් සිසුවියක පැහැරගෙන ගොස් රඳවා තබාගෙන නීත්යනුකූළ භාරකාරත්වයෙන් අපහරණය කළ තරුණයකු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇතැයි බෝගහකුඹුර පොලීසිය ඊයේ (17) පැවසීය.
බොරලන්ද උඩුවැල්ල ප්රදේශයේ පදිංචි වංගියකුඹුර ප්රදේශයේ පාසලක 10 වසරේ ඉගෙනුම ලබන මෙම සිසුවිය ඉකුත් 22 වැනිදා තනිව නිෙවසේ සිට ඇති බවත් මවුපියන් රැකියාවට ගොස් ඇති බවත් පොලීසිය පවසයි.
මවුපියන් සවස නිෙවසට පැමිණි අවස්ථාවේ දියණිය නිෙවසේ නොසිට ඇති හෙයින් දියණිය නොමැති බවට මව පොලීසියට පැමිණිලි කළ බවද පොලීසිය පැවසීය.
දින කිහිපයකට පසුව දියණිය නිෙවසට ආසන්නයේ පදිංචි 20 හැවිරිදි තරුණයකු සමඟ සිටින බවට ඇයගේ මවට දුරකතන ඇමතුමක් මාර්ගෙයන් දැනුම්වත් කර ඇතැයි පොලීසිය සඳහන් කළේය.
මෙම දැරිය සහ සැකකාර තරුණයා මෙතෙක් සොයා ගැනීමට නොහැකි වී තිබේ.