Home » ඉන්දි­යානු මහකොම­සා­රිස් කාර්යාල නියෝ­ජි­තයෝ දකුණු පළාත් ආණ්ඩු­කාර හමු­වෙති

ඉන්දි­යානු මහකොම­සා­රිස් කාර්යාල නියෝ­ජි­තයෝ දකුණු පළාත් ආණ්ඩු­කාර හමු­වෙති

by Gayan Abeykoon
March 19, 2025 4:01 pm 0 comment

දකුණු පළාත් සංචා­රක එස්.දීය­ග­හගේ

ශ්‍රී ලංකාවේ ඉන්දි­යානු මහ කොම­සා­රිස් කාර්යා­ලයේ නියෝ­ජි­ත­යින් පිරි­සක් දකුණු පළාත් ආණ්ඩු­කාර බන්දුල හරි­ස්චන්ද්‍ර මහතා ආණ්ඩු­කාර කාර්යා­ල­යේදී හමුවී සුහද සාක­ච්ඡා­වක නිරත විය.

ශ්‍රී ලංකාවේ ඉන්දි­යානු මහ­කො­ම­සා­රිස් කාර්යා­ලයේ අධ්‍යා­පන අංශයේ පළමු ලේකම් සන්දිප් චෞදි මහතා සහ එම කාර්යා­ලයේ දෙවන කොන්සල් පී.එච්.රත්න­මාලා මහ­ත්මිය ඇතුළු පිරි­සක් මෙම අව­ස්ථා­වට සහ­භාගි වූහ.

ඈත අතී­තයේ සිට ශ්‍රී ලංකාව සහ ඉන්දි­යාව අතර පව­තින මිතු­දම තව­දු­ර­ටත් තහ­වු­රු­වී­මට මෙම හමුව ඉතා වැද­ගත් බව සන්දිප් චෞදි මහතා මෙහිදී පැව­සීය. දෙරට අතර මිතු­දම තහ­වුරු කර­මින් තිළිණ හුව­මා­රු­වක්ද මෙහිදී සිදු­විය.

දකුණු පළාත් ආණ්ඩු­කා­ර­ව­ර­යාගේ පෞද්ග­ලික ලේකම් බී.කේ.එස් රවීන්ද්‍ර, ආණ්ඩු­කාර ලේකම් සම්පත් ඉන්දික සම­ර­කෝන්, දකුණු පළාත් ප්‍රධාන ලේකම් සුමිත් අල­හ­කෝන්, දකුණු පළාත් ප්‍රධාන අමා­ත්‍යාං­ශයේ ලේකම් ක්‍රිෂාන්ත මහේන්ද්‍ර සහ ආණ්ඩු­කා­ර­ව­ර­යාගේ සම්බ­න්ධී­ක­රණ ලේකම් සුධ­ර්මන් වෛද්‍ය­රත්න යන මහ­ත්ව­රුද මෙම අව­ස්ථා­වට සහ­භාගි වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT