බගවන්තලාව නගර මධ්‍යයේදි පුද්ගලයකුට පිහියකින් පහර දී තුවාල සිදු කළ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති බව බගවන්තලාව පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව්.ආර්.ඒ.ඩී.සුගතදාස මහතා පැවසීය.
සැකකරු කෙසෙල්ගමුඔය රක්ෂිතයේ අනවසරෙන් මැණික් ගරමින් සිටියදී පිහි පහරින් තුවාල ලැබු පුද්ගලයා දින කිහිපයකට ප්‍රථම විදුලි පහනක් ඒ දෙසට දැල්වීමට උරණ වු සැකකරු ඉකුත් 16 වැනිදා පස්වරුවේ බගවන්තලාව නගරයේදි එම පුද්ගලයාට පිහියකින් පහර දී තුවාල සිදු කර ප්‍රදේශයෙන් පලාගොස් ඇති බවයි ස්ථානාධිපතිවරයා පවසා සිටියේ. තුවාල ලැබූ පුද්ගලයා විදුලි පහන දැල්වීමත් සමඟ සැකකරු ඇතුළු තවත් පිරිසක් මැණික් ගරමින් සිටියදි පොලීසිය යැයි සිතා එම ස්ථානයෙන් පලාගොස් පසුව විදුලි පහන දැල්වූයේ මෙම පුද්ගලයා බවට තහවුරු කරගෙන බගවන්තලාව නගරයේදි මෙම පහර දීම සිදු කර සැකකරු පලා ගොස් ඇත.
සැකකරුට එරෙහිව බගවන්තලාව පොලීසියට මීට ප්‍රථම අවස්ථා කිහිපයකදි මෙවැනි පහරදීම් සම්බන්ධයෙන් පැමිණිලි ගණනාවක් ලැබී ඇති බවත්, එම පැමිණිලි මේ වන විට හැටන් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාග වෙමින් පවතින බවයි පොලිස් ස්ථානාධිපතිවරයා පවසා සිටියේ.
පහරදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා බරපතළ තුවාල සහිතව දික්ඔය මූලික රෝහලේ ප්‍රතිකාර ලබන අතර, පහර දීම සම්බන්ධයෙන් බගවන්තලාව පොලීසිය විමර්ශනයක් ආරම්භ කර ඇත.