Wednesday, March 26, 2025
Home » කාටවත් නොපෙනුණ කල්පිටිය කරවල නිපදවන්නන්ගේ දුක

කාටවත් නොපෙනුණ කල්පිටිය කරවල නිපදවන්නන්ගේ දුක

by Gayan Abeykoon
March 19, 2025 4:01 pm 0 comment

මාර­විල සමූහ - මිහිර විජේ­සේ­කර

කර­වල ප්‍රෝටීන් බහුල ආහා­ර­යක්, බොහෝ දෙනා කර­වල පරි­භෝ­ජ­න­යට දැඩි රුචි­ක­ත්ව­යක් දක්වති, කර­වල ඉතා රස­වත්. එහෙත් කර­වල නිෂ්පා­ද­නය කරන අයගේ ජීවි­ත­නම් රස­වත් නොමැති බවයි අප කළ විම­සී­ම­කදී අනා­ව­ර­ණය වූයේ. ශ්‍රී ලංකවේ ධීවර කර්මා­න්තයේ ව්‍යාප්ති­යට සාපේ­ක්ෂව කර­වල නිෂ්පා­ද­නය සඳහා යොමුවී ඇති ප්‍රදේශ අවම මට්ට­ම­කයි පව­තින්නේ. මීග­මුව, මන්නා­රම, පුත්ත­ලම සහ කල්පි­ටිය කර­වල කර්මා­න්ත­යට යොමුව ඇති ප්‍රදේශ ලෙස හැඳි­න්විය හැකිය.

කෙසේ වෙතත් දේශීය ඉල්ලු­මට සරි­ලන ප්‍රමා­ණ­යට අප රටේ කර­වල නිෂ්පා­ද­නය නොමැති අතර කර­වල සහ උම්බ­ල­කඩ ආන­ය­නය සඳහා විශාල ආන­යන විය­ද­මක් වර්ත­මා­නයේ දැරී­මට සිදුව තිබෙ­නවා.

අද කර­වල කර්මා­න්ත­යට බලපා ඇති ගැටලු රැසක් හේතු­වෙන් කර්මා­න්තය පව­ත්වා­ගෙන යන්නන් දැඩි පීඩා­වට පත්ව ඇති බවයි දක්නට ලැබෙන්නේ.

ඉන්ධන මිල ඉහ­ළ­යාම නිසා කර­වල සඳහා මසුන් අල්ලා ගැනී­මේදී ඉහළ පිරි­වැ­යක් දැරී­මට සිදු­වීම, ලුණු විශාල ප්‍රමා­ණ­යක් කර­වල නිෂ්පා­ද­නය සඳහා අවශ්‍ය වන අතර ලුණු සඳහා අධික පිරි­වැ­යක් දැරී­මට සිදු­වීම, මසුන් අඩු දින­ව­ලදී සහ වැසි කාල­ව­ලදී මසුන්ගේ මිල වැඩි මට්ට­මක තීර­ණය වීම වැනි කරුණු ඉන් ප්‍රධා­නයි.

කර­වල නිෂ්පා­ද­න­යේදී පුරුෂ පක්ෂ­යට වඩා කාන්තා පාර්ශ්වය පෙර­මුණ ගෙන ඇති බවක් දක්නට ලැබේ. කර­වල නිෂ්පා­ද­න­යට ප්‍රසි­ද්ධි­යක් උසු­ලන කල්පි­ටිය අර්ධ­ද්වී­පයේ, බත්ත­ලං­ගු­න්ඩුව දූපතේ කර­වල නිෂ්පා­ද­නයේ යෙදෙන කේ.ඒ.කම­ලා­වතී අද­හස් දක්ව­මින්

“අපි මේ දූප­තට ඇවිල්ලා අවු­රුදු ගාණක් වෙනවා. ඒ දව­ස්වල කර­වල හදන්න ලොකු විය­ද­මක් ගියෙ නෑ. ඒ වගේම මාළු­වල හිඟ­යක් තිබු­නෙත් නෑ. අද හැම­දේම හිඟ­යිනේ. ඒව­ගේම මිල අධි­කයි. කර­වල වේළන්න ලුණු නැතුව බැහැනෙ. ඒව ඕන­මයි. දැන් ලුණු­වල මිල ඉතා අධි­කයි. ඒත් අපිට කර­ව­ල­වල ගාණ වැඩි කරන්න බැහැ. අපේ මහ­න්සිය දිහා බල­පු­වම අපිට මේකේ ලොකු වාසි­යක් නෑ. ගිනි කාශ්ටකේ කර­වල වේලෙන්නෙ. අපිත් කර­වල වගේ ඒ කාෂ්ට­ක­ය­ටම වේළෙ­නවා. ඒත් අද හොඳ මිලක් ලැබෙන්නෙ නැහැ. අපිට ලුණු­ව­ලට සාධා­ර­ණව මිලක් ලබා දෙන්න. එත­කොට අපිට මීට වඩා අඩු මිල­කට කර­වල ජන­තා­වට ලබා දෙන්න පුළු­වන්. රහ කර කර කර­වල කෑවට අපේ ජීවි­ත­වල කිසිම රහක් නෑ මහ­ත්තයෝ.”

වයඹ වෙරළ තීරයේ වෙන්න­ප්පුව, උල්හි­ටි­යාව මුහුදු සීමාවේ ජන­තා­ව­ගේද ප්‍රධාන ජීව­නෝ­පාය වන්නේ ධීවර කර්මා­න්ත­යයි. එහි කර­වල නිෂ්පා­ද­න­යද යහ­මින් පව­ත්වා­ගෙන යයි. අව් කාෂ්ඨ­කය, වැස්ස මේ සියලු බාධ­ක­යන් හමුවේ ඔවුන්ගේ දුක් අඳෝ­නා­වයි මේ….

“අපි මේ කර­වල හදන්න ගත්තේ අද ඊයෙක නොවෙයි. දැන් අවු­රුදු ගාණක් වෙනවා. මේ ලුණු ප්‍රශ්නෙ තමා අපිට විශාල ලෙස දැනිලා තියෙන්නේ. වෙනදා ලුණු මිටි­යක් අපි රුපි­යල් හය­සීය ගාණේ ගත්තෙ. අද රුපි­යල් 5000කට වැඩි­වෙලා තියෙ­නවා. ඉතින් කොහො­මද කර­වල වේළන්නේ. ලුණු­වල මිල වැඩි වුණාට අපිට කර­ව­ල­වල මිල වැඩි කරන්න බෑ. එහෙම වුණොත් මේ කර­වල ටික විකුණ ගන්ඩත් බැරි­වෙ­නවා.“ ඩෙන්සිල් ජෝශප් පෙරේරා එසේ පව­ස­න්නට විය.

“වැහි කාල­ව­ලදී අපි අපා දුකක් විඳින්නෙ. සම­හ­ර­දාට වේළ­ගන්න බැරි වෙලා මාළු ටික අපතේ යනවා. මේ වගේ දුක් විඳල තමයි අපි වෙළෙ­ඳ­පො­ළට කර­වල දාන්නේ. කාටත් තේරෙන්නෙ නෑ. අපි කර­වල වේලන්න ගන්න මහ­න්සිය. මේ ලුණු­වල ගාණ අඩු­ක­රල දෙන්න කියල තමයි අපි ඉල්ලන්නේ.“ ප්‍රින්සි මේබල් ජසින්තා පවසා සිටියා.

“ඇත්ත­ටම ගොඩක් අය කර­වල කන්න ආසයි. කර­වල සඳහා හොඳ ඉල්ලු­ම­කුත් ති‍ෙය­නවා. හැබැයි කර­වල සකස් කරන්න අපි විඳින දුක දන්නේ අපි විත­රයි. ඒක කර­වල කන අයට, කර­වල වෙළෙ­ඳාම දිහා බලා ඉන්න අයට තේරෙන්නේ නෑ.

ඇවිල්ල බැලු­වොත් තේරෙයි කර­ව­ලත් එක්ක කොච්චර කර­වල නිෂ්පා­ද­කයෝ ඔට්ටු වෙන­වද කියලා. සම­හර වෙලා­වට මිනි­සුන් ගාණ වැඩියි කිය­නවා. හැබැයි මාළු ගෙනල්ලා කර­වල කර­න­කන් මොන­ත­රම් කට්ටක් කන­වද ඒක කාට­වත් තේරෙන්නේ නැහැ. මේ කර­වල රහ­වු­ණාට කර­වල නිෂ්පා­ද­නය කරන අපගේ. ජීවිත සුන්දර නැහැ.” අයේශා නන්දනී මෙසේ පව­ස­න්නට විය.

රටේ ආර්ථි­ක­යට සුවි­ශාල දාය­ක­ත්ව­යක් ලබා දෙන කර­වල නිෂ්පා­ද­නය සම්බ­න්ධ­යෙන් අව­ධා­නය යොමු කිරීම කාලීන අව­ශ්‍ය­තා­වක් බවයි මේ අයගේ මැසි­වි­ලි­ව­ලින් කිය­වෙන්නේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT