Tuesday, March 25, 2025
Home » පාර්ලි­මේ­න්තුව

පාර්ලි­මේ­න්තුව

by Gayan Abeykoon
March 19, 2025 4:02 pm 0 comment

රටේ නිෂ්පා­දන ආර්ථි­ක­යක් ස්ථාපිත කිරී­මට ව්‍යව­සා­ය­කත්ව උන්මා­ද­යක් නිර්මා­ණය කළ යුතුයි

ඇමැති සුනිල් හඳු­න්නෙත්ති

නිෂ්පා­දන ආර්ථි­ක­යක් රට තුළ ස්ථාපිත කිරීම සඳහා ව්‍යව­සා­ය­කත්ව උන්මා­ද­යක් නිර්මා­ණය කළ යුතු බව කර්මාන්ත සහ ව්‍යව­සා­ය­කත්ව සංව­ර්ධන ඇමැති සුනිල් හඳු­න්නෙත්ති මහතා පාර්ලි­මේ­න්තුවේ දී ඊයේ (18) පැව­සීය.

වත්මන් ආණ්ඩුව යටතේ නව ව්‍යව­සා­ය­ක­යන් ආර්ථි­කය කැඳ­වී­මට අපේක්ෂා කරන බවද ඇමැ­ති­ව­රයා පැව­සු­වේය.

අය­වැය තෙවැනි වර කිය­වීමේ විවා­ද­යට එක්වෙ­මින් ඇමැ­ති­ව­රයා මේ බව කියා සිටි­යේය.

ඇමැ­ති­ව­රයා මෙසේද පැව­සු­වේය.

ජාතික ජන බල­වේ­ගය ප්‍රති­පත්ති ප්‍රකා­ශය අනුව නිෂ්පා­දන ආර්ථි­ක­යක් පණ ගැන්වීම, නිෂ්පා­දන ආර්ථි­ක­යට ජන­තාව සහ­භාගි කරවා ගැනීම සහ ජන­තා­වට සාධා­රණ ලෙස ප්‍රති­ලාභ බෙදී යාම ගැන සහ­තික වීම මූලික අර­මුණ වෙනවා. පසු­ගිය වසර 76ක කාලය තුළදී අස­ම­තු­ලිත සංව­ර්ධන වැඩ­ස­ට­හ­න්වල ප්‍රති­ඵ­ලය වී තිබෙන්නේ ඍණ ආර්ථි­ක­ය­කට කඩා වැටුණා, ණය බර වැඩි වුණා. කර්මාන්ත ක්ෂේත්‍ර­යෙන් වැඩි දාය­ක­ත්ව­යක් සපයා ගැනී­මට අපි කට­යුතු කර­නවා. අප­න­ය­නය සඳහා අවශ්‍ය පිය­වර ගන්නවා. ඩොලර් බිලි­යන 16ක අප­න­යන ආර්ථි­ක­යක් මේ වන විට අපට තිබෙ­නවා. මේ වසර තුළදී ඩොලර් බිලි­යන 19ක ඉල­ක්ක­යට යාම සඳහා අපි අපේක්ෂා කර­නවා. 2030 වසර වන විට ඩොලර් බිලි­යන 28ක කර්මාන්ත දාය­ක­ත්ව­යක් අප­න­යන ක්ෂේත්‍ර­යට ලබා­දෙ­නවා. කර්මාන්ත හා ව්‍යව­සා­ය­ක­ත්වය වෙනු­වෙන් වෙන්වෙලා තිබෙන භූමිය සීමි­තයි. බස්නා­හිර, වයඹ වැනි පළා­ත්වල කර්මාන්ත ක්ෂේත්‍ර­යට තිබෙන භූමියේ දාය­ක­ත්වය ඉතා සීමි­තයි. ව්‍යව­සා­ය­ක­ත්වය වෙනු­වෙන් අපට තිබෙන්නේ 0.01ක ඉඩම් දාය­ක­ත්ව­යක්. 2030 වසර වන විට එම ඉඩම් දාය­ක­ත්වය අඩුම තරමේ සිය­යට 1ක් දක්වා ඉහළ නැංවී­මට අපි උත්සාහ කර­නවා. ජාත්‍ය­න්තර ප්‍රමි­තිය අනුව සිය­යට 3ක භූමි දාය­ක­ත්ව­යක් තිබිය යුතුයි. මේ ගැන අපි ජනා­ධි­ප­ති­තුමා එක්කත් කතා කළා. කෘෂි­ක­ර්මා­න්ත­යට යෙද­වී­මට තිබෙන ඉඩම් වැඩි­පු­රම කර්මාන්ත ව්‍යව­සා­ය­ක­යන්ට ලබා­දී­මට අපේක්ෂා කර­නවා. ව්‍යව­සා­ය­කත්ව උන්මා­ද­යක් ඇති කළ යුතුයි. වාහන කෑලි කපලා මෙහෙට ගෙනැ­විත් බට් කර­නවා කියලා සම­හරු කිය­නවා. බට් කරන එක නොව වාහන උපාංග නිෂ්පා­ද­න­යයි එතැන සිදු වන්නේ. යකඩ ආශ්‍රිත කර්මා­න්තය තිබෙ­නවා. ලෙදර් නිෂ්පා­ද­නත් තිබෙ­නවා. ඇප­රල් ඉන්ඩස්ට්‍රි එකට විශාල ඉල්ලු­මක් අපට තිබෙ­නවා. මැණික් හා ස්වර්ණා­භ­රණ මඟින් විශාල ආදා­ය­මක් අපට ලැබෙ­නවා. විද්‍යා­ත්මක පද­න­මක් යටතේ අපේ අමා­ත්‍යාං­ශය හදලා තිබෙ­නවා. ගමේ රැකියා විර­හිත තරු­ණ­යෙක් ප්‍රාදේ­ශීය ලේකම් කාර්යා­ල­යට පැමිණ ව්‍යව­සා­ය­ක­යෙක් වීමට කැමැ­ත්තක් පළ කළොත් ඒ සඳහා අද අව­ස්ථාව තිබෙ­නවා. කුඩා ව්‍යාපාර අංශය, ජාතික ව්‍යව­සා­ය­කත්ව අධි­කා­රිය, කාර්මික සංව­ර්ධන මණ්ඩ­ලය, අප­න­යන සංව­ර්ධන මණ්ඩ­ලය, පේෂ­කර්ම ආය­ත­නය, ශිල්ප සභාව, ලක්සල වැනි ආය­තන හැම එක­කම ප්‍රාදේ­ශීය නිල­ධා­රීන් සිටි­නවා. මීට කලින් ඔවුන් වැඩ කළේ වෙන වෙනම. දැන් ඔවුන් ඒකා­බ­ද්ධව ගමට ගොස් සිටි­නවා. අප­න­යන සඳහා වන අමාත්‍ය සභාව ස්ථාපිත කර තිබෙ­නවා. අවු­රුදු 28කට පසුව මේ මාස 4 තුළ අපි එය පිහි­ටෙව්වා. අප­න­ය­නට අදාළ සියලු කර්මාන්ත ඒකා­බද්ධ කළා. වැවිලි කර්මාන්ත අමා­ත්‍යාං­ශය, කෘෂි­කර්ම අමා­ත්‍යාං­ශය, මාර්ග හා ප්‍රවා­හන අමා­ත්‍යාං­ශය, මුදල් අමා­ත්‍යාං­ශය මූලි­කව අමා­ත්‍ය­වරු කමි­ටු­වක් අපි හැදුවා. අප­න­යන ක්ෂේත්‍රයේ සියලු ප්‍රශ්න එතැ­නින් විසඳා ගන්න පුළු­වන්. හැම දිස්ත්‍රි­ක්ක­ය­කට සම්බ­න්ධී­ක­රණ කමි­ටුව, දිස්ත්‍රික් කෘෂි­කර්ම කමි­ටුව යනා­දිය තිබෙ­නවා. දිස්ත්‍රික් කර්මාන්ත ප්‍රව­ර්ධන සභා­වක් පිහි­ටු­වී­මට පුළු­වන්. රත්න­පු­රය, හම්බ­න්තොට, මාතර, ගාල්ල යනාදී දිස්ත්‍රි­ක්ක­වල සක්‍රිය කර තිබෙ­නවා. වාණිජ මණ්ඩල, බැංකු යනා­දිය දිස්ත්‍රික් කර්මාන්ත සභා­වට කැඳ­වන්න පුළු­වන්. ඉඩම් අමා­ත්‍යාං­ශ­යත් කැඳ­වන්න පුළු­වන්. අලුත් කර්මාන්ත පිහි­ටු­වී­මට එය වැද­ගත් වෙනවා. චිත්‍ර­පට සංස්ථාව වෙනම කර්මා­න්ත­යක්. ඒවා හඳු­නා­ගත යුතුයි. අගය එකතු කරන කර්මාන්ත ගණ­නා­වක් අපි හඳු­නා­ගෙන තිබෙ­නවා. නව ආයෝ­ජන කලාප ස්ථාපිත කර­නවා. සෑම පළා­ත­කම කර්මාන්ත ප්‍රව­ර්ධ­න­යක් අපි සිදු කර­නවා. කර්මා­න්ත­යක් ආරම්භ කිරී­මට විදේ­ශීය ආයෝ­ජ­ක­යෙක් ආවොත් අඩු තරමේ අවු­රුදු එක­හ­මා­ර­ව­ක්වත් යනවා අනු­මත කර ගැනීම් සඳහා. සෑම පළා­ත­ක­ටම සත්කාර සප­යන මධ්‍ය­ස්ථාන ඉදි කර­නවා. ස්ටාර්ටප් ක්ලස්ටර් හදන්න අපි තීර­ණය කළා. හැම ප්‍රාදේ­ශීය ලේකම් කොට්ඨා­ස­ය­ක­ටම එක ක්ලස්ටර් එක බැඟින් 15,000ක් පමණ අලු­තින් රැකියා උත්පා­දන කරන්න කට­යුතු කර­නවා. ස්ටාර්ටප් ක්ලස්ටර් 331ක් අපි හඳු­නා­ගෙන තිබෙ­නවා. ඉන්දි­යාව, චීනය, දකුණු කොරි­යාව, විය­ට්නා­මය දැවැන්ත ලෙස ව්‍යව­සා­ය­ක­යන් ආර්ථි­ක­යට කැඳ­වන ක්‍රියා­ව­ලි­යක් බවට පත්ව තිබෙ­නවා.

 

විරැකියාවට තිර­සර විසදුමකට සර­සවි, පාසල් අධ්‍යා­ප­නයේ ද ප්‍රති­සං­ස්ක­රණ අව­ශ්‍යයි

අග­මැති ආචාර්ය හරිනි අම­ර­සූ­රිය

රැකියා විර­හි­ත­භා­ව­යට තිර­සර පිළි­තු­රක් සෙවීම සඳහා විශ්ව­වි­ද්‍යාල අධ්‍යා­ප­නය තුළ පම­ණක් නොව පාසල් පද්ධ­තියේ සාමාන්‍ය අධ්‍යා­ප­නය තුළ ද ප්‍රති­සං­ස්ක­රණ අවශ්‍ය බව අග්‍රා­මාත්‍ය, අධ්‍යා­පන, උසස් අධ්‍යා­පන හා වෘත්තීය අධ්‍යා­පන ඇමැති ආචාර්ය හරිනි අම­ර­සූ­රිය මෙණෙ­විය පාර්ලි­මේ­න්තුවේ දී ඊයේ (18) පැව­සු­වාය.

රජයේ පුර­ප්පා­ඩු­ව­ලට උපා­ධි­ධා­රීන් 35,000ක් බඳවා ගැනී­මට වෙන් වූ ප්‍රති­පා­ද­න­යන්ට අම­ත­රව උපා­ධි­ධා­රීන්ට රැකියා ලබා­දීම සඳහා තවත් රුපි­යල් මිලි­යන 10,000ක අති­රේක ප්‍රති­පා­ද­න­යක් වෙන් කර ඇති බවත් අග්‍රා­මා­ත්‍ය­ව­රිය ප්‍රකාශ කළාය.

අමා­ත්‍යාං­ශය නිවේ­දන ඉදි­රි­පත් කර­මින් අග්‍රා­මා­ත්‍ය­ව­රිය මේ බව කියා සිටි­යාය.

අග­මැ­ති­ව­රිය මෙසේද පැව­සු­වාය.

ප්‍රාථ­මික හා ද්විතීය මට්ටම සාමාන්‍ය අධ්‍යා­ප­නය සම්බ­න්ධ­යෙන් වෙන් කළ දත්ත නොමැති අතර සමස්ත ලෙස එම අවධි දෙක­ටම පොදුවේ එක් සිසු­වෙකු සඳහා වෙන් කළ මුදල් තිබෙ­නවා. වසර ගණ­නා­වක තොර­තුරු තිබෙ­නවා. 2022 වස­රේදී රුපි­යල් 75096යි. 2023 වස­රේදී රුපි­යල් 87594යි. 2024 වස­රේදී රුපි­යල් 97784යි. 2025 ඇස්ත­මේ­න්තු­ගත රුපි­යල් මිලි­යන 1 යි 15,715යි.

තෘති­යික මට්ටම එක් එක් විෂය ධාරාව අනුව වෙනස් වෙනවා. ඒ තොර­තුරු සභා­ගත කර­නවා. තෘති­යික මට්ට­මෙන් ලක්ෂ 405313යි. පුන­රා­ව­ර්තන විය­ද­මෙන් ගත් තොර­තුරු තමයි ඒ. විවිධ ක්ෂේත්‍ර­ව­ලින් අධ්‍යා­ප­නය හදාරා අව­සන් කර උපාධි ගෙන රැකියා සොයා ගැනී­මට ගත­වන කාලය ගැන විශ්ව­වි­ද්‍යා­ව­ලින් අධ්‍ය­ය­නය කර තිබෙ­නවා. ඒ තොර­තුරු අස­ම්පූ­ර්ණයි. රැකියා ලබා ගැනී­මේදී සමාජ ගනු­දෙනු ද බල­පා­නවා. විශේ­ෂ­යෙන්ම පෞද්ග­ලික අංශ­යට එය බල­පා­නවා. එය සංකී­ර්ණයි. කෙටි­යෙන් පිළි­තුරු දීමට නොහැ­කියි. කෘෂි­කර්ම ක්ෂේත්‍රයේ උපාධි රැකියා නියුක්ති 60.3යි. ඉංජි­නේරු විද්‍යාවේ 73.5යි. එලෙස එක් එක් ක්ෂේත්‍ර­යෙන් විවිධ ප්‍රති­ශ­ත­ව­ලින් රැකියා නියුක්ත වෙලා තිබෙ­නවා.

විශ්ව­වි­ද්‍යාල ප්‍රති­පා­දන කොමි­ෂන් සභාව නවක උපාධි අපේ­ක්ෂ­ක­යන්ට වෘත්තීය වැඩ­ස­ට­හන් සැල­සුම් කිරීම සහ ක්‍රියා­ත්මක කිරීම සඳහා වෘත්තීය මාර්ගෝ­ප­දේ­ශ­නය පිළි­බඳ ස්ථාවර කමි­ටු­වක් පව­ත්වා­ගෙන යනවා. මෙම කමි­ටුව විශ්ව­වි­ද්‍යාල ප්‍රති­පා­දන කොමි­ෂන් සභාව යටතේ ඇති සිය­ලුම විශ්ව­වි­ද්‍යා­ල­වල වෘත්තීය මාර්ගෝ­ප­දේ­ශන ඒක­ක­වල අධ්‍ය­ක්ෂ­ව­රුන් ඇතු­ළත් වේ.

ප්‍රධාන රැකියා වෙ‍ෙළ­ඳ­පොළේ අව­ශ්‍යතා අනුව අව­ධා­නය යොමු කර­මින් සිය­ලුම විශ්ව­වි­ද්‍යාල වෘත්තීය මාර්ගෝ­ප­දේ­ශන වැඩ­ස­ට­හන් ක්‍රියා­ත්මක කර­නවා. උපාධි අපේ­ක්ෂ­ක­යින් සහ කර්මාන්ත ඉල්ලීම් අතර පර­ත­රය පිය­වීම සඳහා රැකියා වෙ‍ෙළ­ඳ­පොළ සංවි­ධා­නය කරනු ලබන අතර නවක උපා­ධි­ධා­රීන් සහ පෞද්ග­ලික අංශයේ ව්‍යාපාර අතර සහ­යෝ­ගි­තාව වර්ධ­නය කිරී­මට ව්‍යාපා­රික සම්බ­න්ධතා ස්ථාපිත කර තිබෙ­නවා. මෙම මුල් පිරීම් උපා­ධි­ධා­රීන්ගේ නවෝ­ත්පා­දන දිරි­මත් කරන අතර කර්මාන්ත වෘත්ති­ක­යන් අතර සම්බන්ධ වීමට ඔවුන්ට අවස්ථා නිර්මා­ණය කර­නවා. විශ්ව­වි­ද්‍යාල වෘත්තීය මාර්ගෝ­ප­දේශ ඒක­කය හරහා සිසුන්ට නාය­ක­ත්වය, මෘදු කුස­ලතා සහ අනෙ­කුත් අත්‍ය­වශ්‍ය නිපු­ණතා පිළි­බඳ පුහු­ණුව ලැබෙ­නවා. මීට අම­ත­රව කර්මාන්ත විශේ­ෂ­ඥ­යින් සහ­භාගී වන වැඩ­මුළු, සිසුන්ට සම්මුඛ පරී­ක්ෂණ සඳහා සූදා­නම් වීමට විශ්වා­සය ගොඩ­නැ­ඟී­මට සහ සිහි­ක­ල්ප­නාව වැඩි­දි­යුණු කිරී­මට උප­කාරී වෙනවා. තවද විශ්ව­වි­ද්‍යාල ප්‍රති­පා­දන කොමි­ෂන් සභාව මඟින් සෑම විශ්ව­වි­ද්‍යා­ල­ය­කම වෘත්තීය මාර්ගෝ­ප­දේ­ශන ඒකක සඳහා ව්‍යූහ­ගත රාමු­වක් සහ ප්‍රති­පත්ති ස්ථාපිත කිරීම සඳහා චක්‍ර ලේඛ­න­යක් ද නිකුත් කර තිබෙ­නවා. මෙම මුල් පිරීම අර­මුණු කරන්නේ නවක උපා­ධි­ධා­රීන්ට සහාය වීමෙන් විරැ­කි­යාව අඩු කිරීම සහ ලංකාවේ තිර­සර මට්ට­ම­කින් උපා­ධි­ධාරී රැකියා පවත්වා ගැනී­ම­ටයි.

විශ්ව­වි­ද්‍යා­ල­ව­ලට පම­ණක් මේ ප්‍රශ්නය විස­ඳන්න බැහැ. රැකියා උත්පා­ද­න­යත් අවශ්‍ය වෙනවා. ඒ වගේම සාමාන්‍ය අධ්‍යා­ප­නය තුළත් වෙන­ස්වීම් අවශ්‍ය වෙනවා.

දැනට රජයේ පව­තින පුර­ප්පාඩු අනුව උපා­ධිය සුදු­සු­කම් තන­තුරු සඳහා උපා­ධි­ධා­රීන් 35,000ක් බඳවා ගැනී­මට කට­යුතු කර­නවා. ඒ සඳහා එක් එක් අමා­ත්‍යාං­ශය සඳහා වෙන් වූ ප්‍රති­පා­ද­න­යන්ට අම­ත­රව රුපි­යල් මිලි­යන 10,000ක අති­රේක ප්‍රති­පා­දන ද වෙන් කර තිබෙ­නවා. මේ බඳවා ගැනීම් අත­රින් වැඩි පිරි­සක් ගුරු වෘත්තිය සඳහා බඳවා ගැනී­මට නිය­මිත අතර දැනට ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණයේ පව­තින නඩුව අව­සන් වූ පසුව එහි තීර­ණය ප්‍රකා­රව ඉදිරි කට­යුතු සිදු කර­නවා. ඉතිරි අනෙ­කුත් ඒ ඒ තන­තුරු සඳහා බඳවා ගැනීම් පටි­පා­ටිය ප්‍රකා­රව කුස­ලතා පද­නම් මත හෝ විවෘත තරග විභා­ග­ව­ලින් බඳවා ගැනීමේ කට­යුතු සිදු කර­නවා.

 

ජාතික ක්‍රීඩා පනත සංශෝ­ධ­නය කඩිනමින්

ඇමැති සුනිල් කුමාර ගමගේ

ක්‍රීඩා 73ක් ඉලක්ක කර ගත් ජාතික ක්‍රීඩා පනත සංශෝ­ධ­නයේ වැඩ කට­යුතු බොහෝ ප්‍රමා­ණ­යක් මේ වන විට අව­සන් කර ඇතැයි තරුණ කට­යුතු සහ ක්‍රීඩා ඇමැති සුනිල් කුමාර ගමගේ මහතා පාර්ලි­මේ­න්තුවේ දී ඊයේ (18) පැව­සීය.

පුද්ග­ල­යෙක් හෝ කණ්ඩා­ය­මක් ඉලක්ක කර පන­තක් නිර්මා­ණය කළ නොහැකි බවත් සමස්ත ක්‍රීඩා­වන්ම නියෝ­ජ­නය කර­මින් මෙම පනත ගෙන එන බවත් ඇමැ­ති­ව­රයා පැව­සු­වේය.

අය වැය තෙවැනි වර කිය­වීමේ විවා­ද­යට එක්වෙ­මින් ඇමැ­ති­ව­රයා මේ බව කියා සිටි­යේය. ඇමැ­ති­ව­රයා මෙසේද පැව­සු­වේය. පොහො­සත් රටක් ලස්සන ජීවි­ත­යක් යන කාර­ණා­වේදී ක්‍රීඩාව සහ තාරුණ්‍ය ඉතාම වැද­ගත්. ඒ තුළින් ජව සම්පන්න තරු­ණ­යෙක් ගොඩ­නැ­ඟී­මට කට­යුතු කර­නවා. දශක ගණ­නා­වක් පැර­දුණු ජන­තාව ජය­ග්‍රාහී කිරී­මට අපට පැවරී තිබෙ­නවා. දියුණු සංස්කෘ­ති­යක් සහිත නිවුණු චින්ත­න­ය­කින් හෙබි තෘප්ති­මත් තාරු­ණ්‍ය­යක් නිර්මා­ණය කිරී­මත් අපේ අමා­ත්‍යාං­ශයේ වග­කී­මක්. මේ අර­මුණ ඉටු කර ගැනී­මට පුන­රා­ව­ර්තන විය­දම් සඳහා රුපි­යල් මිලි­යන 7100ක් ප්‍රාග්ධන විය­දම් සඳහා රුපි­යල් මිලි­යන 5500ක් අය වැයෙන් වෙන් කර තිබෙ­නවා. මිලි­යන 8486කුත් තරුණ කට­යුතු වෙනු­වෙන් මිලි­යන 4114කුත් අය වැයෙන් වෙන් කර තිබෙ­නවා. පසු­ගිය වස­ර­වල අය වැයෙන් වෙන් කළ මුදල් සම්පූ­ර්ණ­යෙන් විය­දම් කර නැහැ. පසු­ගිය අය වැය­වල තිබූ කතා කතාම පම­ණයි. අය­වැයේ වෙන් කරන මුදල යථා­ර්ථ­යක් බවට පත්කි­රී­මට අපි කට­යුතු කර­නවා. ජාතික ක්‍රීඩා පනත වෙනස් කර­නවා. එම කාර්ය බොහෝ දුරට අව­සන්.

 

අප­න­යන ප්‍රමුඛ නිෂ්පා­දන ආර්ථි­ක­යක් බිහි කර ගැනී­මට ඉදිරිපත් කළ අය වැයක්

නියෝජ්‍ය ඇමැති චතු­රංග අබේ­සිංහ

අප­න­යන ප්‍රමුඛ නිෂ්පා­දන ආර්ථි­ක­යක් බිහි කර ගැනී­මට නිර්මා­ණය කළ පළමු අය වැය මෙම අය වැය බව කර්මාන්ත සහ ව්‍යව­සා­ය­කත්ව සංව­ර්ධන නියෝජ්‍ය ඇමැති චතු­රංග අබේ­සිංහ මහතා පාර්ලි­මේ­න්තු­වේදී ඊයේ (18) පැව­සීය. කර්මාන්ත හා ව්‍යව­සා­ය­කත්ව සංව­ර්ධන අමා­ත්‍යාං­ශ­යට රුපි­යල් බිලි­යන 13ක මුද­ලක් වෙන් කළත්, නිෂ්පා­දන ආර්ථි­ක­යක් බිහි කර­ගැ­නීම සඳහා සමස්ත අමා­ත්‍යාංශ සඳහා මේ අය වැයෙන් රුපි­යල් බිලි­යන 100ක් පමණ සම­ස්ත­යක් ලෙස වෙන් කර ඇතැයි ද නියෝජ්‍ය ඇමැ­ති­ව­රයා පැව­සු­වේය. අය වැය තෙවැනි වර කිය­වීමේ විවා­ද­යට එක්වෙ­මින් නියෝජ්‍ය ඇමැ­ති­ව­රයා මේ බව කියා සිටි­යේය.

නියෝජ්‍ය ඇමැ­ති­ව­රයා මෙසේද පැව­සු­වේය.

තාක්ෂ­ණික කාරණා සම්බ­න්ධ­යෙන් දෛනි­කව ව්‍යව­සා­ය­ක­යන් සමඟ කතා­බහ කර­නවා. කොප­මණ තාක්ෂ­ණික කාරණා කතා කළත් කර්මාන්ත හා ව්‍යව­සා­ය­කත්ව දත්ත­ව­ලින් තමයි බලන්න වෙන්නේ. 2017 වන විටත් අප­න­ය­නය බිලි­යන 17යි. ලෝකයේ තිබෙන අර්බුද හැම කාල­ය­කම එනවා. න්‍යායා­ත්මක දැනුම හා භූමියේ භාවි­තය ගැන ගැටලු තිබෙ­නවා. රටක් ව්‍යව­සා­ය­කත්ව විදි­යට ලෝක වෙළෙ­ඳ­පො­ළෙන් උකහා ගන්නේ කෙසේද කියලා විම­සිය යුතුයි. ලෝකයේ අග­ය­දා­ම­යන් තුළට එකතු වන්නේ කෙසේද යන්න ගැන අපි විමසා බලන්න ඕන. ඒ තුළ තමයි නිෂ්පා­දන ආර්ථි­කය ගැන කතා කරන්න වෙන්නේ. පසු­ගිය මාස 4 තුළ සැල­සුම් සකස් කර ගැනී­මට සහාය දුන් අමා­ත්‍යාං­ශයේ ලේක­ම්ව­රිය ඇතුළු කාර්ය මණ්ඩ­ල­ය­ටත්, අපේ පෞද්ග­ලික කාර්ය මණ්ඩ­ල­ය­ටත් ස්තූති­වන්ත වෙනවා. ඉඩම් ගැටලු විස­ඳී­මට, ප්‍රාග්ධන ගැටලු, වෙළෙ­ඳ­පොළ ලබා­ගැ­නී­මට පැවැති ගැටලු, අවශ්‍ය තාක්ෂණ හා දත්ත, සහ­ති­ක­ක­ර­ණය යනා­දිය සම්බ­න්ධ­යෙන් පව­තින ගැටලු විස­ඳී­මට අපි අව­ධා­නය යොමු කර තිබෙ­නවා. රුපි­යල් බිලි­යන 16ක් ඒ සඳහා වෙන් කර තිබෙ­නවා. වැවිලි, කෘෂි, ධීවර යනාදි අමා­ත්‍යාංශ, රාජ්‍ය නොවන සංවි­ධාන, බැංකු, විශ්ව­වි­ද්‍යාල සමඟ එක්ව ව්‍යව­සා­ය­ක­ත්වය නැංවී­මට පොදු රාමු­වක් සකස් කර­නවා. වාහන එක­ලස් කිරීමේ කර්මා­න්තය මුහුණ දී ඇති ගැට­ලුව නිරා­ක­ර­ණ­යට අපි කට­යුතු කර තිබෙ­නවා. මැණික් හා ස්වර්ණා­භ­රණ කර්මා­න්තය බිඳ වැටී තිබෙ­නවා. ඊට අදාළ ගැටලු විස­ඳී­මට අපි පිය­වර ගන්නවා. අප­න­යන නිෂ්පා­ද­න­වල යෙද­වුම් සඳහා ටැරිෆ් පොලිසි එකක් එනවා. ඉදි කිරීමේ කර්මා­න්තය ඉදි­රි­යට ගොස් තිබෙ­නවා. දේශී­යව නිෂ්පා­ද­නය කරන භාණ්ඩ­ව­ලට රජයේ මිලදී ගැනීම් කළ යුතුයි කියලා තිබු­ණාට පසු­ගිය කාලයේ ඒවා ක්‍රියා­ත්මක වුණේ නැහැ. ජාතික උප­දේ­ශන කමි­ටු­වක් පත් කර තිබෙ­නවා. පරාටේ නීතිය හරහා අර්බු­ද­යට ලක් වූ දේශීය සුළු හා මධ්‍ය පරි­මාණ නිෂ්පා­ද­ක­යන්ට තවත් සහන ක්‍රියා­ව­ලි­යක් ඉදිරි සති දෙක තුළ ඉදි­රි­පත් කර­නවා. දැනට ගැට­ලු­වට ලක්ව සිටින 20,000ක් පමණ සුළු හා මධ්‍ය පරි­මාණ ව්‍යාපා­රි­ක­යන් එකි­නෙකා ගෙන බැංකු සමඟ සාකච්ඡා කර ඔවුන්ට සහාය වීමට පිය­වර ගන්නවා.

 

අමෙ­රිකා විබව තීරු බදු කාර­ණ­යෙන් විය හැකි බල­පෑම් අධ්‍යයනය කර­නවා

ඇමැති ආචාර්ය අනිල් ජයන්ත

අමෙ­රිකා එක්සත් ජන­ප­දය විසින් ඉදි­රි­පත් කරන ලද සාධා­රණ වෙළෙ­ඳාම පිළි­බඳ මතු කර­ගත් විබව තීරු බදු කාර­ණය තුළින් ශ්‍රී ලංකාවේ අප­න­යන ක්ෂේත්‍ර­යට ඇති විය හැකි බල­පෑම් පිළි­බඳ අධ්‍ය­නය කර­මින් සිටින බව කම්කරු ඇමැති සහ ආර්ථික සංව­ර්ධන නියෝජ්‍ය ඇමැති ආචාර්ය අනිල් ජයන්ත මහතා පාර්ලි­මේ­න්තු­වේදී ඊයේ (18) ප්‍රකාශ කළේය.

2025 අප්‍රේල් මාස­යේදී මේ සම්බ­න්ධ­යෙන් ප්‍රකාශ කරන බවට වාර්තා­වන බවත් ඇමැ­ති­ව­රයා පැව­සීය.

නියෝජ්‍ය ඇමැති අනිල් ජයන්ත මහතා මේ බව සඳ­හන් කළේ පාර්ලි­මේන්තු මන්ත්‍රී රවී කරු­ණා­නා­යක මහතා ස්ථාවර නියෝග 27/2 යටතේ මතු කරන ලද කරු­ණ­කට පිළි­තුරු දෙමිනි.

එහිදී වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ ඇමැ­ති­ව­රයා මෙසේද පැව­සීය.

කම්කරු ඇමැති සහ ආර්ථික සංව­ර්ධන නියෝජ්‍ය ඇමැති ආචාර්ය අනිල් ජයන්ත –

මෙම ප්‍රශ්න­ව­ලට පාදක වන අමෙ­රිකා එක්සත් ජන­ප­දය විසින් ඉදි­රි­පත් කරන ලද සාධා­රණ වෙළෙ­ඳාම පිළි­බඳ මතු කර­ගත්ත මේ විබව තීරු බදු කාර­ණය ගැට ගැසී තිබෙ­නවා. එහිදී ඒ ප්‍රති­ප­ත්තිය ඉදි­රි­පත් කරන්න නිය­මිත වෙන්නේ අප්‍රේල් මාස­යේදී කියලා වාර්තා වෙනවා. කෙසේ වෙතත් අපි දැනට පැන නැඟී තිබෙන තත්ත්ව­යට අදාළ කරු­ණුත්, භූ දේශ­පා­ලන කරුණු සහ අනෙ­කුත් කාරණා පිළි­බඳ විශේෂ සැල­කි­ල්ලක් දක්ව­මින් ශ්‍රී ලංකාවේ අප­න­යන ක්ෂේත්‍ර­යට ඇති විය හැකි බල­පෑම් පිළි­බඳ අධ්‍ය­ය­නය කර­මින් සිටි­නවා.

2025 අප්‍රේල් මාස­යේදී තමයි මේ පිළි­බඳ ප්‍රකාශ කරන බව මාධ්‍ය මඟින් දැන­ගන්න තිබෙන්නේ. විබව තීරු බදු සහ සාධා­රණ වෙළෙ­ඳාම පිළි­බඳ ප්‍රති­ප­ත්ති­යේදී සැල­කි­ල්ලට ගැනී­මට ඉඩ­කඩ තිබෙන කරුණු වන්නේ ඒ ඒ රට­වල් අතර තිබෙන වෙළෙඳ පර­ත­රය, විනි­මය අනු­පා­තය ප්‍රබ­ල­තා­වය හා දුබ­ල­තා­වය, තීරු බදු අනු­පාත සහ වැට් ඇතුළු වෙනත් බදු සැල­කි­ල්ලට ගන්න ඉඩ තිබෙ­නවා. ශ්‍රී ලංකාව පිළි­බඳ සැල­කී­මේදී අමෙ­රි­කාව සමඟ තිබෙන වෙළෙඳ පර­ත­රය අපිට වාසි­දා­යක තත්ත්ව­යක් තියෙන බව සැබෑව. කෙසේ නමුත් අපි ඩොල­ර­යට සාපේ­ක්ෂව දුර්වල මට්ට­මක තිබෙන්නේ , ස්ට්‍රෝන්ග් කරන්සි එකක් නොවන නිසා එත­නින් ඇති වෙන බල­පෑ­මත් අපිට අඩු බල­පෑ­මක් තිබෙන්නේ. අනිත් පැත්තෙන් රාජ්‍ය තාන්ත්‍රි­කව අපි ඉතා­මත් හොඳ සම්බ­න්ධතා පව­ත්වා­ගෙන යනවා. ඒ නිසා ඒ තත්ත්ව­යෙන් ඇති­විය හැකි නෙග­ටිව් බල­පෑම් අඩුයි. කෙසේ වෙතත් සාධා­රණ වෙළෙ­ඳාම හා විබව තීරු බදු සම්බන්ධ කරුණු අපි අධ්‍ය­නය කර­මින් ඉන්නවා. එහිදී මුදල් අමා­ත්‍යාං­ශය, වෙළෙඳ අමා­ත්‍යාං­ශය වගේ අප­න­යන සංව­ර්ධන මණ්ඩ­ලය ඇතුළු රාජ්‍ය ආය­තන සහ ඒ කණ්ඩා­යම් අධ්‍යන කට­යුතු කරලා තියෙ­නවා.

අමෙ­රි­කා­වත් සමඟ සිදු කරන විදේශ වෙ‍ෙළ­ඳා­මේදී වැඩිම බල­පෑ­මට ලක්විය හැකි ක්ෂේත්‍ර විදි­යට හඳු­නා­ගෙන තිබෙන්නේ ඇඟ­ලුම් සහ රෙදි­පිළි, රබර් සහ රබර් ආශ්‍රිත නිෂ්පා­දන, පොල් සහ පොල් ආශ්‍රිත නිෂ්පා­දන, ප්ලාස්ටික් නිෂ්පා­දන. ඒවගේ සම­ස්ත­යක් ලෙස ගත්තම අපේ අප­න­යන ආදා­ය­මෙන් සිය­යට අසූ හයක් පමණ සම්බන්ධ වෙනවා. මේකට ගන්න ක්‍රියා­මාර්ග සහා ඒ උප­ක්‍ර­ම­ව­ලට අම­ත­රව අමෙ­රි­කාවේ පිහිටි ශ්‍රී ලංකා තානා­පති කාර්යා­ලය හරහා තානා­ප­ති­තුමා දැන­ට­මත් මූලික සාකච්ඡා සහ අව­බෝ­ධ­තා­ව­යන් හද­මින් තිබෙ­නවා.

 

අමෙ­රි­කා­වත් සමඟ අවු­රුදු 10-15ක විශේෂ තීරු­බදු  ගිවි­සු­මකට යායුතුයි

මන්ත්‍රී රවී කරු­ණා­නා­යක

අද සී.එන්.එන්. එකේ දාලා තිබුණා ඔවුන් කාන්තා ඇඳුම් සියල්ල නැවත අමෙ­රි­කා­වට ගෙනි­යන්න හද­නවා කියලා. අප්‍රේල් මාසයේ අප­න­ය­නය ගත්තොත් ලංකා­වෙන් අමෙ­රි­කා­වට සිය­යට දහ­අ­ටයි දශම එක­කින් ගිය අවු­රු­ද්දට වඩා වැඩි­වෙලා තිබෙ­නවා. ඔබ­තුමා කිව්වා අප්‍රේල් මාසයේ සිට වැඩි කරන්න යනවා කියලා. සම­ස්ත­යක් ලෙස ලෝක­ය­ටම වැඩි වුණොත් ප්‍රශ්න­යක් නෑ. නමුත් ලංකාව වශ­යෙන් හරි වැඩි කළොත් ඒක තමයි බල­පාන්නේ. රට මේ බංකො­ලොත් භාව­යෙන් එළි­යට එන අව­ස්ථා­වේදී අපිට බැරිද අමෙ­රි­කා­වත් සමඟ කතා කරලා අපිට අවු­රුදු 10-15ක විශේෂ තීරු­බදු ගිවි­සු­මක් ලබා ගන්න. බංග්ලා­දේ­ශය ඒක සාර්ථක කර­ගෙන තියෙ­නවා. මොකද ලක්ෂ දොළ­හ­හ­මා­රක ඍජු රැකී රක්ෂා ප්‍රමා­ණ­යක් මේ ඇඟ­ලුම් කර්මා­න්ත­යෙන් යොමු වෙලා තියෙ­නවා.

 

තහ­නම් උත්තේ­ජක භාවි­තය පිළි­බඳ ඉදි­රි­යේදී දැඩිව කට­යුතු කරනවා

නියෝජ්‍ය ඇමැති හිටපු ඔලි­ම්පික් ක්‍රීඩක සුගත් තිල­ක­රත්න

ක්‍රීඩ­ක­යින්ගේ අසා­මාන්‍ය දක්ෂතා හේතු­වෙන් තහ­නම් උත්තේ­ජක භාවි­තය පිළි­බඳ ඉදි­රි­යේදී දැඩිව කට­යුතු කිරී­මට සිදු­වෙන බව ක්‍රීඩා නියෝජ්‍ය ඇමැති හිටපු ඔලි­ම්පික් ක්‍රීඩක සුගත් තිල­ක­රත්න මහතා පැව­සීය.

(18) පාර්ලි­මේ­න්තු­වේදී අය වැය විවා­ද­යට එක්වෙ­මින් ඔහු වැඩි­දු­ර­ටත් සඳ­හන් කළේ,

Òඅපේ ක්‍රීඩක ක්‍රීඩි­කාවෝ ගොඩක් වෙලා­වට පුරු­දු­වෙලා තියෙ­නවා තහ­නම් උත්තේ­ජක භාවි­ත­යෙන් ක්‍රීඩාවේ ජය­ග්‍ර­හණ කරා යන්න. තහ­නම් උත්තේ­ජක මර්දන ආය­ත­නය මඟින් අපි මේ ගැන විශේ­ෂ­යෙන් කට­යුතු කර­නවා. විශේ­ෂ­යෙන් පාසල් ක්‍රීඩා මට්ටම තුළත් තහ­නම් උත්තේ­ජක භාවි­තය සීඝ්‍ර ලෙස වර්ධ­නය වෙලා තියෙ­නවා. ඒ නිසා ඉදි­රි­යේදී මේ සඳ­හාත් මැදි­හත්ව කට­යුතු කර­නවා. තහ­නම් උත්තේ­ජක මර්දන ඒක­කය හරහා ක්‍රීඩ­ක­යින් අනි­වා­ර්ය­යෙන්ම පරී­ක්ෂණ සඳහා යොමු කර­නවා. මුත්‍රා සාම්පල විත­රක් නෙමෙයි දැන් රුධි­රය තුළි­නුත් මේ පරී­ක්ෂණ කරන්න පුළු­වන්.  අපි මෙම පරී­ක්ෂණ සඳහා වැඩි අව­ධා­න­යක් නොඳු­න්නොත් ඉදි­රි­යේදී අපේ රටේ ක්‍රීඩා අභි­මා­නය අහිමි වෙයි. ක්‍රීඩ­ක­යින්ගේ අනා­ග­ත­යත් නැති වෙයි. ක්‍රීඩ­ක­යින්ගේ අසා­මාන්‍ය දක්ෂතා හේතු­වෙන් තහ­නම් උත්තේ­ජක භාවි­තය ගැන දැඩි තීර­ණය ගන්න වෙලා තිබෙ­නවා. අපේ පුහු­ණු­ක­රු­වන්ගේ දැනු­මත් මදි. ඒ නිසා විදේශ පුහු­ණු­ක­රු­වන්ගේ දැනුම අපේ පුහු­ණු­ක­රු­වන්ට ලබා­දෙන්න අපි කට­යුතු කර­නවා.

පාසල් මට්ට­මේදී ක්‍රීඩක ක්‍රීඩි­කා­වන්ගේ දක්ෂතා ඉතා ඉහළ මට්ට­මක පැව­ති­යත් ඔවුන් ජාතික මට්ට­මට එද්දී ඔවුන්ගේ ක්‍රීඩා දක්ෂතා නැති­වෙලා යනවා. ඒකට හේතුව පුහු­ණු­වී­ම්වල තිබෙන දුර්ව­ලතා. ඔලි­ම්පි­ක්ලා­භි­යෙක් පාර්ලි­මේ­න්තුව අම­තන ප්‍රථම අව­ස්ථාව මෙයයි. ඇත්ත­ටම එය මගේ ජීවි­තයේ ලද භාග්‍ය­යක්. මම පැමි­ණි­යේද දුෂ්කර ගම­නක්. නුව­ර­එ­ළිය විදු­ලි­පුර විද්‍යා­ල­යෙන් අධ්‍යා­ප­නය ලැබූ මගේ ක්‍රීඩා මාවත දුෂ්කර ගම­නක්. ඒ වගේම අපේ රටේ ක්‍රීඩ­ක­යින් 107 දෙනකු පම­ණයි ඔලි­ම්පික් නියෝ­ජ­නය කර තිබෙන්නේ. සියලු සංගම් සමඟ අපි සාකච්ඡා කර­නවා.

 

ක්‍රීඩා සංගම් හා ආණ්ඩුව ගැටු­ණොත් එයින් තැළෙන්නේ ක්‍රීඩ­ක­යින්

මන්ත්‍රී නාමල් රාජ­පක්ෂ

ක්‍රීඩා සංගම් හා ආණ්ඩුව ගැටු­න­හොත් එයින් තැළෙන්නේ ක්‍රීඩ­ක­යින් බව පොදු ජන පෙර­මුණේ පාර්ලි­මේන්තු මන්ත්‍රී නාමල් රාජ­පක්ෂ මහතා පාර්ලි­මේ­න්තු­වේදී ඊයේ (18) ප්‍රකාශ කළේය.

එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආය­ත­නය හා රජය ගැටු­නොත් පීඩා­වට පත්වන්නේ මෙරට ක්‍රීඩ­ක­යින් මිස විනාශ වන්නේ රටේ ක්‍රීඩා­වන් බවද සිහි­පත් කළ නාමල් රාජ­පක්ෂ මහතා එයින් දේශ­පා­ල­න­ඥ­යින්ට කිසිදු බල­පෑ­මක් සිදු නොවන බව ද පැව­සීය.

නාමල් රාජ­පක්ෂ මහතා මේ බව සඳ­හන් කළේ අය වැය කාරක සභා අව­ස්ථාවේ විවා­ද­යට එක් වෙමිනි.

ශ්‍රී ලංකා පොදු ජන පෙර­මුණේ පාර්ලි­මේන්තු මන්ත්‍රී නාමල් රාජ­පක්ෂ

හුදෙක් ක්‍රීඩා භාණ්ඩ බෙදීම, අපි සාම්ප්‍ර­දා­යි­කව විශ්වාස කරන ක්‍රීඩා­වට පම­ණක් ලඝු කරන්න එපා කියලා මම ඉල්ල­නවා. 2026 ලෝක කුස­ලා­නය ලංකාවේ සෙල්ලම් කර­නවා. 05 වැනි ක්‍රීඩා පිට්ට­නිය ලංකාවේ තිබුණා නම් බී.සී.සී.අයි. එක නැතිව තනි­වම ලෝක කුස­ලා­න­යක් අපේ රටේ පව­ත්වන්න පුළු­වන් හැකි­යාව අපිට තියෙ­නවා. ඒත් අවා­ස­නා­ව­කට පිට්ටනි 04යි තියෙන්නේ. ඒ වගේම ලෝකය ස්පෝට්ස් ඉන්ඩ­ස්ට්‍රි­යක් බවට පත්වෙ­මින් පව­ති­නවා. කර්මාන්ත අමා­ත්‍යාං­ශ­ය­ටත් වැද­ගත්.

ඒ වගේම තමයි මේ ක්‍රීඩා පනත. 1973 හදපු ක්‍රීඩා පන­තක් තියෙන්නේ. විවෘත ආර්ථි­ක­ය­ටත් කලින්. ඒක ඇතුළේ ක්‍රීඩාව තිබෙන්නේ යැපෙ­න්නන්ගේ සංග­ම­යක් විදි­යට. ආණ්ඩු­වෙන් යැපෙන්න ඕනි. ලෝකයේ ක්‍රීඩා ආර්ථි­කය ඩොලර් ට්‍රිලි­යන 2.3ක් තියෙ­නවා. රටේ සල්ලි උත්පා­ද­නය කළ­හැකි ක්‍රීඩා සංගම් කිහි­ප­යක් තිබෙ­නවා. ඔවුන්ද සම්බන්ධ කර­ගත යුතුයි. දැන් තිබෙන්නේ විවෘත ආර්ථි­ක­ය­ටත් පෙර හදපු ක්‍රීඩා පන­තක්.

 

 

 

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT