Tuesday, March 25, 2025
Home » ඉම්ති­යාස්ට සජබ එපා වෙයි

ඉම්ති­යාස්ට සජබ එපා වෙයි

සභා­පති ධුර­යෙන් - කෘත්‍යා­ධි­කාරි මණ්ඩ­ල­යෙන් ඉල්ලා අස්වෙයි

by Gayan Abeykoon
March 19, 2025 4:13 pm 0 comment

රක්ෂණ ශ්රියන්ත

පාර්ලි­මේන්තු මන්ත්‍රී ඉම්ති­යාස් බාකීර් මාකාර් මහතා සමගි ජන බල­වේ­ගයේ සභා­පති ධුර­යෙන්, කෘත්‍යා­ධි­කාරි මණ්ඩ­ල­යෙන් සහ අනෙ­කුත් සියලු තන­තු­රු­ව­ලින් ඊයේ (18) ඉල්ලා අස් විය.

සමගි ජන බල­වේ­ගයේ නායක, සජිත් ප්‍රේම­දාස මහ­තාට ලිපි­යක් යොමු කර­මින් ඒ මහතා සිය ඉල්ලා අස් වීම සම්බ­න්ධ­යෙන් දැනුම්දී ඇති අතර පක්ෂයේ මහ­ලේ­කම් රංජිත් මද්දුම බණ්ඩාර, ජාතික සංවි­ධා­යක තිස්ස අත්ත­නා­යක, භාණ්ඩා­ගා­රික හර්ෂ ද සිල්වා මහ­ත්ව­රුන්ට එම ලිපියේ පිට­පත් යොමු කර තිබේ.

මේ සම්බ­න්ධ­යෙන් ‘දින­මිණ’ කළ විම­සු­ම­කට පිළි­තුරු දෙමින් ඉම්ති­යාස් බාකීර් මාකාර් මහතා පැව­සුවේ තමන් පක්ෂ සාමා­ජි­ක­ත්ව­යෙන් හැර අනෙ­කුත් සියලු තන­තු­රු­ව­ලින් ඉවත් වූ බවයි.

සමගි ජන බල­වේ­ගයේ සභා­පති ධුර­යට පත් කිරීම සම්බ­න්ධ­යෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස මහ­තාට ස්තූතිය පළ කරන බවත් පක්ෂය නිර්මා­ණය කිරීමේ ප්‍රය­ත්නයේ සිට පක්ෂයේ කට­යුතු කර­ගෙන යෑමේදී පක්ෂ නාය­ක­ත්වයේ සිට අව­සන් සාමා­ජි­කයා දක්වා තමා කෙරෙහි තැබූ විශ්වා­සය සම්බ­න්ධ­යෙන් කෘත­ඥ­තාව පිරි­න­මන බවත් ඉම්ති­යාස් බාකීර් මාකාර් මහතා විපක්ෂ නාය­ක­ව­ර­යාට යැවූ ලිපියේ සඳ­හන් කර ඇත.

අද දින පටන් තමා පක්ෂයේ සභා­පති හා අනෙ­කුත් සියලු වග­කී­ම්ව­ලින් නිද­හස් වීමට තීර­ණය කළ බවත් සියලු ශ්‍රී ලාංකි­ක­යන්ගේ සහ පාක්ෂි­ක­යන්ගේ අභි­ලා­ෂ­යන් පණ ගන්ව­මින් පක්ෂයේ ඉදිරි කට­යුතු සර්ව­ප්‍ර­කා­ර­යෙන්ම සාර්ථක වන්නට ප්‍රාර්ථනා කරන බවත් මාකාර් මහතා සිය ලිපියේ දක්වා ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT