Home » අන්තර්ජාතික ප්‍රාසාංගික කලා පර්යේෂණ සම්මන්ත්‍රණයක්

අන්තර්ජාතික ප්‍රාසාංගික කලා පර්යේෂණ සම්මන්ත්‍රණයක්

by chanaka
March 19, 2025 4:04 pm 0 comment

අන්තර්ජාතික ප්‍රාසාංගික කලා පර්යේෂණ සම්මන්ත්‍රණය (IPAC) – 2025 හෙට(20) සහ අනිද්දා(21) කොළඹ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේදී පැවැත්වේ.

ප්‍රාසාංගික කලා ක්ෂේත්‍රය නිරන්තරයෙන් වෙනස්වීම්වලට ලක්වෙමින් විකාශනය වන ක්ෂේත්‍රයක් වන අතර එය සමාජයටබලපෑම් සහගතව පැවතීම සඳහා අඛණ්ඩ පර්යේෂණ සහ ශාස්ත්‍රීය සහභාගීත්වය අවශ්‍ය වේ.

මෙම අවශ්‍යතාවය හඳුනා ගනිමින්, හෙට(20) සහ අනිද්දා(21) අන්තර්ජාතික ප්‍රාසාංගික කලා පර්යේෂණ සම්මන්ත්‍රණයක් පැවැත්වීමට කොළඹ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ නර්තන හා නාට්‍ය කලා පීඨය සැලසුම් කර ඇති බව එහි උපකුලපති මහාචාර්‍ය රොහාන් නෙත්සිංහ මහතා පැවසීය.

මෙම අන්තර්ජාතික පර්යේෂණ සම්මන්ත්‍රණය සඳහා දෙස් විදෙස් පර්යේෂකයින් 200 කට ආසන්න සංඛ්‍යාවක් සභභාගි වීමට නියමිතය. එහිදී සාම්ප්‍රදායික හා සමකාලීන ප්‍රාසාංගික කලාවන් මෙන්ම තාක්ෂණය, සමාජ විද්‍යාව සහ මානව ශාස්ත්‍ර විෂයන් සමග අන්තර් ක්ෂත්‍ර අධයනය තුල සිදු කරන ලද පර්යේෂන පත්‍රිකා ඉදිරිපත් කර ඇත.

තේමාත්මක අදාළත්වය සහ ඉහළ ශාස්ත්‍රීය බව සහතික කිරීම සඳහා මෙම සම්මන්ත්‍රණයට අදාළව පුළුල් සමාලෝචන ක්‍රියාවලියක් ඇතුළත් කර ඇත. සෑම සැසියක්ම ගැඹුරු සාකච්ඡා වෙනුවෙන් මංපෙත් විවර වන අතර,එහිදී සමාජය, සංස්කෘතිය සහ තාක්ෂණය තුළ කලාවන්හි පුළුල් කාර්‍යභාරය පිළිබඳව විශේෂ අවධානය යොමු කරයි.

මෙම සමුළුවේ විශේෂත්වය වන්නේ විදේශීය පර්යේෂකයින් 50 කට ආසන්න සංඛ්‍යාවකගේ සහභාගීත්වය පැවතීමයි. ඔවුන්ගේ දායකත්වයන් ශ්‍රී ලංකාවේ ප්‍රාසාංගික කලා පර්යේෂණ ක්ෂේත්‍රයට නැවුම් දැක්මක් සහ ගෝලීය සභභාගිත්වයක් හිමිවේ.

අන්තර්ජාතික විද්වතුන් සමඟ සම්බන්ධ වීම මඟින් සංස්කෘතික සහයෝගීතාවයන් පෝෂණය වේ. එමෙන්ම එය අධ්‍යයන තොරතුරු හුවමාරුව වැඩි දියුණු කරන අතර, ඒකාබද්ධ පර්යේෂණ ව්‍යාපෘති සඳහා නව අවස්ථා නිර්මාණය කරයි.

එවැනි ගෝලීය මැදිහත්වීමක් ශ්‍රී ලංකාවේ අධ්‍යයන තත්ත්වය ශක්තිමත් කරනවා පමණක් නොව, දේශීය පර්යේෂකයින්ට ජාත්‍යන්තර පර්යේෂණ ක්‍රමවේද, න්‍යායන් සහ හොඳම භාවිතයන් පිළිබඳව නිරාවරණය වීමට ද ඉඩ සලසයි.

අන්තර්ජාතික ප්‍රාසාංගික කලා සමුළුව ශ්‍රී ලංකාවේ ප්‍රාසාංගික කලා පර්යේෂණයන්ගේ සැලකිය යුතු සන්ධිස්ථානයක් සනිටුහන් කරයි. ශක්තිමත් පර්යේෂණ සංස්කෘතියක් පෝෂණය කිරීමෙන්, ශාස්ත්‍රීය හුවමාරුව සඳහා කැපවූ වේදිකා නිර්මාණය කිරීමෙන් සහ ජාත්‍යන්තර සහයෝගීතාවය වැළඳ ගැනීමෙන්, වඩාත් ජවසම්පන්න සහ බුද්ධිමය වශයෙන් පොහොසත් කලාත්මක ප්‍රජාවකට මග පාදනු ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT