Tuesday, March 25, 2025
Home » සුදත් – අචලා සිත්තර යුවලගේ සිතුවම් දැක්මක් 21වැනිදා

සුදත් – අචලා සිත්තර යුවලගේ සිතුවම් දැක්මක් 21වැනිදා

by chanaka
March 19, 2025 3:48 pm 0 comment

බුද්ධිකා ඉඹුලාන

ප්‍රවිණ දෘෂ්‍ය කලා ශිල්පී සුදත් අබේසේකර සහ ප්‍රවිණ දෘෂ්‍ය කලා ශිල්පීණි අචලා ගුණවර්ධන සිත්තර යුවල ඉදිරිපත් කරන FIRST IMPRESSION A Printmaking Milestone in Sri Lanka සිතුවම් දැක්ම මෙම 21 වැනිදා ප.ව. 5 ට කොළඹ 7,හෝර්ටන් පෙදෙස, සෞන්දර්ය කලා විශ්ව විද්‍යාල දෘෂ්‍යකලා පීඨයේ පිහිටි ජේ.ඩී.ඒ.පෙරේරා කලාගාරයේ දී විවෘත කෙරේ.

මේ ප්‍රදර්ශනය මෙම 25 වැනිදා තෙක් පෙ.ව.9 සිට ප.ව.7 දක්වා කලා රසිකයන් සඳහා විවෘතව පවතී.

සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ දී මෙම විෂයය පිළිබඳ මූලිකව හදාරා මෑතකදී චීනයේ දී ලද දැනුම හා ප්‍රායෝගික පුහුණුව ලත්සුදත් – අචලා යුවල වඩාත් ගැඹුරින් හා ප්‍රායෝගිකව ඊට යොමු වූහ.

Printmaking සඳහාම විශේෂයෙන් උපයෝගී කරගන්නා වෘත්තීයමය මෙවලම් හා ආම්පන්න ( Tools) භාවිත කරමින් ද ශ්‍රී ලංකාවේ දී ප්‍රථම වතාවට Printmaking සඳහාම නිර්මාණය කළ යන්ත්‍රයක් උපයෝගී කරගනිමින් ද මුද්‍රණය කළ සිතුවම් එකතුවක් මෙම ප්‍රදර්ශනයට ඇතුළත්ය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT