Sunday, April 20, 2025
Home » ශ්‍රී ලංකාවේ ස්ත්‍රී පුරුෂ ගුරු සංයුතිය හා පාසල් දරුවන්ගේ අධ්‍යාපනය

ශ්‍රී ලංකාවේ ස්ත්‍රී පුරුෂ ගුරු සංයුතිය හා පාසල් දරුවන්ගේ අධ්‍යාපනය

by yasara
March 19, 2025 9:19 am 0 comment

පිරිමි හා ගැහැණු ගුරු සංයුතිය දරුවන්ගේ ස්වීයත්වය වෙත එල්ල කරුණු ලබන බලපෑම අනාවරණය කර ගැනීම තුළින් අනාගතයේදී සිදු විය හැකි බලපෑම් සඳහා විසඳුම් වර්තමානයේ යෝජනා ඉදිරිපත් කිරීම අපගේ අපේක්ෂාව වේ.

ශ්‍රී ලංකීය වර්ථමාන පාසල් පද්ධතිය තුළ මේ අනුව අධ්‍යන වලින් පෙනී යන්නේ පිරිමි ගුරු සංයුතිය විශාල වශයෙන් ගැහැණු ගුරු සංයුතියට සාපේක්ෂව විශාල හිඩැසක් නිර්මාණය කරන බවයි.මෙමගින් පෙන්වා දිය හැකි වන්නේ ද්විතියික සමාජානුයෝජන කාරකය මෙන්ම පළමු විධිමත් සමාජානුයෝජන කාරකය ද වන පාසල තුළ මෙලෙස පිරිමි ගුරු සංයුතිය ප්‍රභල ලෙස අඩු වීම සමබර පෞරුෂ නිර්මාණය විම කෙරෙහි බලපාන බව පෙන්වා දිය හැක.

මේ පිළිබඳව විවිධ පර්යේෂණ වාර්ථා අධ්‍යනය කිරීමෙන් පෙනී යන්නේ අනාගතයේ මතුවිය හැකි ගැටලුවලට පිළියම් ලෙස ඉක්මනින් පිරිමි ගුරුවරුන් පාසල් පද්ධතියට බදවා ගැනීම සඳහා ප්‍රතිපත්ති සැකසීමේ අවශ්‍යතාවය මතු වී ඇති බවත් සියලු සිසුන්ට පූර්ණ පෞර්ෂයක් සකස් කිරීමට සාර්ථක ආකෘති ගැහැණු හා පිරිමි දෙපාර්ශවයෙන්ම ලැබිය යුතු බව තහවුරු කර ඇත.

මේ අනුව පිරිමි ගුරුවරයා ද පාසල් පද්ධති සිසු පෞර්ෂය තීරණය කිරීමේ දී සුවිසල් කාර්යයක් සිදු කරන බව පැහැදිලිය.

පිරිමි ගුරුවරයා හා පාසල් කාර්යයභාර්යය

පිරිමි ගුරුවරුන් පාසල් පද්ධතිය තුළ සිටිය යුතු බව පැහැදිලි කිරිමට ඔවුන් පාසල තුළ සිදු කරන කාර්යයභාරයය තුළින් ගෙනහැර දැක්විය හැකිය. එනම් වාර්ථමානයේ කාර්යය බහුල ජීවිතයක් ගත කරන දෙමාපියන්ගෙන් වෙන් ව නිවෙසින් බැහැරව පාසලට පැමිණෙන දරුවාගේ  භාරකාර දෙමාපියන් වන්නේ ගුරුවරුන්ය.දිලික්ත නිතීයද මීට සාක්ෂි දරයි. දෙමාපියන් යනු මව හා පියා වන අතර දෙපාර්ශවය තුළින් ගොඩනැගෙන්නේ පෞර්ෂයන් ද්විත්වයක් බව සැවොම දන්නා කරුණකි. දෙමාපියන්ගෙන් දුරස් වන දරුවන්, මව/පියා අහිමි දරුවන්, දෙමාපියන් අහිමි සියලුම දරුවන්ගේ පරමාදර්ශී චරිතය වන්නේ ගුරුවරයා පමණි. එහිදී පිරිමි ගුරුවරයාට සුවිශේෂි භූමිකාවක් රග දැක්වීමට සිදු වී ඇත. එය පූර්ණය කිරීම ගුරු මව්වරුන් හට පමණක් සිදු කළ නොහැකි අතර එහිදි පිරිමි ගුරුවරු තුළින් සිදු වන කාර්යය ආදේශනය කර පූර්ණය කිරීමට වෙනත් කිසිවෙකුටත් ආදේශනය කළ නොහැකි වේ.

එමෙන්ම විශේෂයෙන්ම ශිෂ්‍යයන්ගේ පෞර්ෂය නිර්මාණය කිරීමට, සියලුම විෂය සමගාමි හා විෂය භාහිර ක්‍රියාකාරකම් තුළදී පිරිමි දරුවන්ගේ ක්‍රියාකාරිත්වය ඉහළ මට්ටමකින් ලබා ගැනීමට නම් පිරිමි ගුරුවරුන්ගේ සහභාගීත්වය දායක වන බව පාසල් පද්ධතිය තුළ ක්‍රියාකාරින් වන අප හට නිරන්තරයෙන් තහවුරු වන කරුණකි.

පාසල් ගුරුභූමිකාවට පිරිමි පර්ශවයේ අකමැත්ත

මෙම සියලු කරුණු සලකා බලන විට පැහැදිලි කර ගත යුතු කරුණ වන්නේ පාසල් පද්ධතිය තුළ පිරිමි ගුරුවරුන් ප්‍රමාණය ඉහළ නැංවීමට කටයුතු කළ යුතු බවයි. නමුත් විද්‍යාපීඨ සඳහා පිරිමි ගුරු ශිෂ්‍යයින් සුලු ප්‍රමාණයක් අයදුම් කිරීම හා උපාධිධාරින් අතරින් පිරිමි පර්ශවය පාසල් ගුරුවරුන් ලෙස අයදුම් කිරීම ඉතා අවම වීම විශාල ගැටලුවක් බවට පත් වී ඇත. මේ සඳහා හේතු සොයා බැලීමේදී ප්‍රධාන හේතු සාධකය ලෙස දැකගත හැකි වූයේ පවුල් සංස්ථාව තුළ ආර්ථිකමය බර දැරීමේ ප්‍රධාන වගකීම පවුලේ පිරිමි දරුවන්ට හිමි වී තිබිමත් ගුරුවරුන් හට හිමි වන වැටප පවුලේ ආර්ථිකය ශක්තිමත් කිරීමට ප්‍රමාණවත් නොවන බව සිතීමයි.

විසදුම් සොයා යාමට සිදු කළ යුත්තේ කුමක්ද ?

එසේ නම් ගැටලුව වන්නේ කුමක් ද? වැටුප ප්‍රමාණවත් නොවීම පමණක් ද ?. සොයා බැලිමට අවශ්‍යම කාලය නොවේද? . මෙම කරුණ කෙරෙහි අවධානය යොමු නොකළහොත් අනාගතයේ විශාල ගැටලු රාශීයකට මාර්ග විවෘත වනු ඇත.සියලු අධ්‍යාපන ක්ෂේත්‍රයේ බලධාරීන් හට මගහැරී ඇති ගැටලුවක් වන අතර මෙමගින් අප උත්සාහා කරන්නේ මෙම ගැටලුව කතාබහට ලක් කිරීමට සලස්වා අනාගතයේ වැඩලෝකය වෙත නිපුනතා වලින් පිරිපුන් මනා පෞර්ෂයකින් හෙබි දරුවන් පිරිසක් බිහි කිරීමයි.

R.A චානක K.W ක්‍රිෂාන් ල සංජය නවරත්න M.D ප්‍රබුද්ධි G මදාරා

(අධ්‍යාපනපති උපාධි පාඨමාලාව ශ්‍රී ලංකා තොරතුරු තාක්‍ෂණ ආයතනය – මාලඹේ)

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT