Wednesday, April 9, 2025
Home » පොහොර සහ­නා­ධ­ාර­යත් හොර­කම් කරලා

පොහොර සහ­නා­ධ­ාර­යත් හොර­කම් කරලා

ගොවීන් 155කගේ ලක්ෂ 29ක් පිල්ලි ගහලා - කෘෂිකර්ම නියෝජ්‍ය ඇමැති කියයි

by Gayan Abeykoon
March 19, 2025 4:06 pm 0 comment

ස්වර්ණා විජේ­කෝන්, සන්ධ්යා කරු­ණා­රත්න

රජය මඟින් දුන් පොහොර සහ­නා­ධාර මුදල් ඇතැම් ගොවීන්ට ලැබී නොමැති බවත් එම මුදල් සොරා­ගෙන ඇති බවට මේ වන විට අනා­ව­ර­ණය වී ඇති බවත් කෘෂි­කර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරු­ණා­රත්න මහතා පාර්ලි­මේ­න්තු­වේදී ඊයේ (18) ප්‍රකාශ කළේය. ඒ අනුව අනු­රා­ධ­පුර දිස්ත්‍රි­ක්කයේ පම­ණක් ගොවීන් 155 දෙන­කුට ලබා­දුන් පොහොර සහ­නා­ධාර මුදල් රුපි­යල් 2,934,310ක් සොර­ගෙන ඇති බවට අනා­ව­ර­ණය වී ඇති බව ද නියෝජ්‍ය ඇමැ­ති­ව­රයා පැව­සීය.

ජාතික ජන බල­වේ­ගයේ පාර්ලි­මේන්තු මන්ත්‍රී සුසන්ත කුමාර නව­රත්න මහතා යොමු කළ ප්‍රශ්න­ය­කට පිළි­තුරු දෙමින් කෘෂි­කර්ම නියෝජ්‍ය අමා­ත්‍ය­ව­රයා මේ බව අනා­ව­ර­ණය කළේය. මෙම සිද්ධිය සම්බ­න්ධ­යෙන් එක් නිල­ධා­රි­නි­යක මේ වන විට අත්අ­ඩං­ගු­වට ගෙන ඇති බව ද නියෝජ්‍ය අමා­ත්‍ය­ව­රයා සඳ­හන් කළේය. මෙම සිද්ධිය සම්බ­න්ධ­යෙන් විම­ර්ශන දිගින් දිග­ටම සිදු කරන අතර මීට සම්බන්ධ සියලු දෙනාට නීතිය ක්‍රියා­ත්මක කරන බව ද නියෝජ්‍ය ඇමැ­ති­ව­රයා වැඩි­දු­ර­ටත් පැව­සීය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT