Home » ගෙවුණු මාස දෙකහමාරට රිය අනතුරුවලින් 485ක් මියගිහින්

ගෙවුණු මාස දෙකහමාරට රිය අනතුරුවලින් 485ක් මියගිහින්

by Gayan Abeykoon
March 19, 2025 4:00 pm 0 comment

ගයාන් කුමාර වීර­සිංහ

යතු­රු­පැදි සහ ත්‍රිරෝද රථ අන­තු­රු­ව­ලින් මේ වසරේ  දින­කට පුද්ග­ල­යන් 06 දෙන­කු­වත් මිය යන තත්ත්ව­යක් ඇතිවී තිබේ. රිය අන­තු­රු­ව­ලින් සිදු­වන මරණ සම්බ­න්ධ­යෙන් පොලී­සියේ දෛනික සංඛ්‍යා දත්ත වලට අනුව ජන­වාරි මාස­යේදී රිය අන­තු­රු­ව­ලින් සිදුව ඇති මරණ ගණන 170ක් වන අතර පෙබ­ර­වාරි මාස­යේදී එම ගණන 176කි. මාර්තු මාසයේ 16 වැනිදා දක්වා වාර්තා වී ඇති මරණ ගණන 139කි. කිසිදු මාරක රිය අන­තු­රක් පෙබ­ර­වාරි 28 වෙනිදා සිදුව නැත.

මාර්තු 09 වැනිදා මාරක රිය අන­තුරු 13ක් වාර්තා වී ඇති අතර මෙම වර්ෂයේ මෙතෙක් වැඩිම ජීවිත ගණ­නක් රිය අන­තු­රු­ව­ලින් අහි­මිවූ දිනය ලෙස සැල­කෙ­න්නේද මාර්තු 09 වැනි­දාය. මේ අතර පෙර දිනයේ සිදුවූ අන­තු­ර­කින් මිය යාම් දෙකක්ද සට­හන් වී තිබේ.

මෙම වසරේ ජන­වාරි 01 වැනිදා සිට මාර්තු 16 වෙනිදා දක්වා වාර්තා වී ඇති මාරක රිය අන­තු­රු­ව­ලින් පුද්ග­ල­යන් 485 දෙනෙක් මිය­ගොස් ඇත. මේ අය අත­රින් වැඩි දෙනා පදි­ක­යන් බව වාර්තා වේ.

මෙම මරණ වාර්තා වී ඇත්තේ මෙම වසරේ ගෙවී ගිය දින 75ක කාල­යක් තුළ­දීය. ඒ අනුව සැල­කී­මේදී පුද්ග­ල­යන් 06 දෙනෙ­කුට වැඩි පිරි­සක් දෛනි­කව මේ වන විට මාරක රිය අන­තු­රු­ව­ලින් මිය යමින් පව­තින බවය.

රිය අන­තු­රු­ව­ලින් සිදු­වන මරණ ගණන අඩු කිරී­මට පොලී­සිය මෑත­කදී විශේෂ වැඩ­ස­ට­හ­නක් ද ආරම්භ කර තිබුණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT