Home » රෝගී ජීවිත බිල්ලට තබා වර්ජන කරන්න එපා

රෝගී ජීවිත බිල්ලට තබා වර්ජන කරන්න එපා

සෞඛ්‍ය ඇමැති නලින්ද කියයි

by Gayan Abeykoon
March 19, 2025 4:12 pm 0 comment

නුවන් කොඩි­කාර

ආණ්ඩුව පත් වී මාස 4ක් වැනි කාල­යක් ඇතු­ළත සෞඛ්‍ය සේව­ක­යන්ට දැනෙන මූලික වැටුප් වැඩි කිරී­මක් ලබා දී තිබි­යදී සෞඛ්‍ය සේවාව අඩ­පණ වෙන ආකා­ර­යට  තීරණ ගැනීම සුදුසු නොවන බව කැබි­නට් ප්‍රකා­ශක, ඇමැති, වෛද්‍ය නලින්ද ජය­තිස්ස මහතා පැවැ­සීය.

රජයේ ප්‍රවෘත්ති දෙපා­ර්ත­මේ­න්තුවේ ඊයේ (18) පැවැති කැබි­නට් තීරණ දැනු­ම්දීමේ මාධ්‍ය හමුවේ දී ඇමැ­ති­ව­රයා මේ බව සඳ­හන් කළේය.

ආණ්ඩුව අප­හ­සු­තා­වට පත්වන ආකා­ර­යට, දේශ­පා­ලන මත අනුව මෙසේ ක්‍රියා­ක­රන ආකා­රය සුදුසු නොවන බවත් මෙයින් අප­හ­සු­තා­වට පත්වන්නේ ජන­තාව බවත් ඒ මහතා කියා සිටි­යේය.

ඇමැ­ති­ව­රයා වැඩි­දු­ර­ටත් මෙසේද පැවැ­සීය. “ඇමැ­ති­ව­රයා විදි­යට ඔවුන් සමඟ සාකච්ඡා කිහි­ප­යක් පැවැ­ත්වූවා. ඔවුන් සෞඛ්‍ය අමා­ත්‍යාං­ශයේ වැය ශීර්ෂය දවසේ වර්ජ­න­යක් කරන්න සූදා­නම් කරලා තිබුණා. ඊට පෙර දින තිබුණ සාක­ච්ඡාවේ දී මුදල් අමා­ත්‍යාං­ශ­යත් සමඟ සාක­ච්ඡා­වක් අරන් දෙන්න මම පොරොන්දු වුණා. පෙරේදා එම සාක­ච්ඡාව ලබා­දුන්නා. හැබැයි සාක­ච්ඡා­වට යන­කො­ටත් වර්ජ­නය පිළි­බඳ ඔවුන් තීර­ණ­යක් අර­ගෙන තමයි ගිහින් තිබෙන්නේ.  පසු­ගිය මාස හත­රේදී දැනෙන මූලික වැටුප් වැඩි කිරී­මක් කරලා තිබෙ­නවා. ඒ මූලික වැටුප් මත පද­නම්ව මේ අප්‍රේල් මාසයේ ඉඳන් ඕටී, පීඑච් එක, ණය ලබා ගැනීමේ පහ­සු­කම් වැඩි­ක­ර­ගන්න පුළු­වන්. එහෙම තිබි­යදී සෞඛ්‍ය සේවාව අඩ­පන වන ආකා­ර­යට මෙහෙම වර්ජන ක්‍රියා­මාර්ග ගන්න එක සුදුසු නැහැ.

අපි මේ වැටුප් වැඩි කිරීම ලබාදී තිබෙන්නේ රටේ පව­තින ආර්ථි­ක­යට සරි­ලන ආකා­ර­ය­ටයි. අපිට විය­දම් සීමා­වන් තිබෙ­නවා. මෙවර අය-වැයෙන් අපි රුපි­යල් බිලි­යන 110ක් වෙන් කර­නවා වැටුප් වැඩි­වීම සඳහා පම­ණක්.

2027 ජන­වාරි මාසයේ ඉඳලා තව මාස දාහ­ත­කින් රුපි­යල් බිලි­යන 330ක් අම­තර වශ­යෙන් වැටුප් වැඩි­වී­මට භාණ්ඩා­ගා­ර­යෙන් වෙන් කරන්න වෙනවා. මේ සියල්ල සලකා බල­මින් තමයි වැටුප් වැඩි­වීම කරලා තිබෙන්නේ. මේ වෘත්ති­ක­යන් තමන්ට ලැබෙන අව­සාන රුපි­යල දක්වා ගණ­නය කරලා සම­හර අසා­ධා­රණ ඉල්ලීම් කරන කොට ඒ අයට මේ රුපි­යල ලබා දෙන්නට බදු ගෙවන මිනිස්සු කොච්චර බදු ගෙවලා තිබෙ­න­වාද කියලා දන්නෙ­වත් නැහැ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT