Home » දේශ­බන්දු පම­ණක් නොව සැක­ක­රු­වන් කිහිප දෙනෙක්ම සොයන්න පොලිස් කණ්ඩා­යම් යොදවා තිබෙ­නවා

දේශ­බන්දු පම­ණක් නොව සැක­ක­රු­වන් කිහිප දෙනෙක්ම සොයන්න පොලිස් කණ්ඩා­යම් යොදවා තිබෙ­නවා

කැබි­නට් ප්‍රකා­ශක

by Gayan Abeykoon
March 19, 2025 4:00 pm 0 comment

නුවන් කොඩි­කාර

පොලි­ස්පති දේශ­බන්දු තෙන්න­කෝන් මහ­තාව පම­ණක් නොව මේ වන­විට තවත් සැක­ක­රු­වන් කිහිප දෙනකු අත්අ­ඩං­ගු­වට ගැනීම සඳහා පොලිස් කණ්ඩා­යම් යොදවා ඇතැයි කැබි­නට් ප්‍රකා­ශක, ඇමැති, වෛද්‍ය නලින්ද ජය­තිස්ස මහතා පැවැ­සීය.

දේශ­බන්දු තෙන්න­කෝන් මහ­තාව අත්අ­ඩං­ගු­වට නොගන්නේ රජය සමඟ ඇති වෙනත් ගනු­දෙ­නු­වක් නිසා­වෙන් ද යන්න මාධ්‍ය­වේ­දි­යකු ඊයේ (18) පැවති කැබි­නට් තීරණ දැනු­ම්දීමේ මාධ්‍ය හමු­වේදී ඇසූ ප්‍රශ්න­ය­කට පිළි­තුරු දෙමින් ඇමැ­ති­ව­රයා මේ බව සඳ­හන් කළේය. දේශ­බන්දු තෙන්න­කෝන් මහ­තාගේ වැඩ තහ­නම් කිරීම සම්බ­න්ධ­යෙන් මේ වන­විට රජය ගනු ලබන තීර­ණය කුමක් ද යන්න ද මාධ්‍ය­වේ­දීන් ඇසූ ප්‍රශ්න­ය­කට පිළි­තුරු දෙමින් ඇමැ­ති­ව­රයා කියා සිටියේ ඉදි­රියේ දී ඒ පිළි­බ­ඳව පොලී­සිය භාර ඇමැ­ති­ව­රයා විසින් දැනුම් දෙනු ඇති බවයි.

ඇමැ­ති­ව­රයා වැඩි­දු­ර­ටත් මෙසේ ද පැව­සීය.

“දේශ­බන්දු තෙන්න­කෝන් මහතා පම­ණක් නොව තවත් කිහි­ප­දෙ­නෙක්ම ඉන්නවා පොලිස් කණ්ඩා­යම් යොද­වලා අත්අ­ඩං­ගු­වට ගන්න. ඔබ අපිට කියන්නේ නෑනේ ප්‍රසන්න රණ­වී­රත් එක්ක මොකක් හරි ඩීල් එකක් තියෙ­නවා කියලා. අපි එයා­වත් හොය­නවා. සෙව්ව­න්දි­වත් හොය­නවා. තව­නම් ප්‍රසිද්ධ නැති කිහිප දෙනෙක්ම හොයන්න පොලිස් කණ්ඩා­යම් යොද­වලා තියෙන්නේ. ගණේ­මුල්ල සංජීව ඝාත­නයේ 13ක් මේ වෙද්දි අත්අ­ඩං­ගු­වට ගෙන තියෙ­නවා. නඩු පැව­රීම ආරම්භ කර­නවා. ඒ අතර පොලිස් නිල­ධා­රීන් දෙදෙ­නකු සහ බන්ධ­නා­ගාර ජේල­ර්ව­ර­ය­කුත් ඉන්නවා. මේ පරී­ක්ෂණ කර­ගෙන යන­කොට රාජ්‍ය යන්ත්‍ර­ණය තුළ­ටත් නිල­ධා­රීන් අත්අ­ඩං­ගු­වට ගැනීම දක්වා විහි­දිලා තියෙන්නේ. පොලී­සිය උප­රි­මය කට­යුතු කර­මින් ඉන්නවා කියන්න පුළු­වන්. ඒ නිසා ගැල­වෙන්න බෑ.

අපි නොදන්න, පොලී­සිය නොදන්න කරුණු ඔබ දන්නවා නම් ඉදි­රි­පත් කරන එක තමා හොඳ. අනි­වා­ර්ය­යෙන්ම නීතිය ක්‍රියා­ත්මක වෙන බවට සහ­තික වෙන්න පුළු­වන්.”

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT