Home » සංවි­ධා­නා­ත්මක අප­රාධ-මත්ද්‍රව්‍ය මඬින්න නව නීති

සංවි­ධා­නා­ත්මක අප­රාධ-මත්ද්‍රව්‍ය මඬින්න නව නීති

ජන­පති පොලිස් ප්‍රධා­නීන්ට කියයි

by Gayan Abeykoon
March 19, 2025 4:14 pm 0 comment

උපාලි කරු­ණා­රත්න

සංවි­ධා­නා­ත්මක අප­රාධ ක්‍රියා­කා­ර­කම් හා මත්ද්‍රව්‍ය ව්‍යස­නය පිටු­දැ­කී­මට අවශ්‍ය පහ­සු­කම් සැල­සී­මට මෙන්ම නව නීති සම්පා­ද­න­යට පිය­වර ගන්නා බව ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා පැව­සීය.

බස්නා­හිර සහ දකුණු පළාත් පොලිස් ප්‍රධා­නීන් සමඟ ජනා­ධි­පති ලේකම් කාර්යා­ලයේ ඊයේ (18) පැවති සාක­ච්ඡා­ව­කදී ජනා­ධි­ප­ති­ව­රයා එසේ සඳ­හන් කළේය.

කිසිදු බල­පෑ­ම­කට යටත් නොවී තම රාජ­කා­රිය ඉටු කරන ලෙස මෙහිදී පොලිස් ප්‍රධා­නීන්ට අව­ධා­ර­ණය කළ ජනා­ධි­ප­ති­ව­රයා නීතියේ විධා­නයේ ආධි­ප­ත්‍යය සුරැ­කීම පොලිස් දෙපා­ර්ත­මේ­න්තුව සතු වග­කී­මක් බව ද  පෙන්වා දුන්නේය. බල­පෑ­ම්ව­ලින් තොරව  නීතිය හා සාමය ආරක්ෂා කිරීමේ ක්‍රියා­ව­ලිය ශක්ති­මත් කරන ලෙස ද ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා  මෙහිදී අදාළ නිල­ධා­රීන්ට දැනුම් දුන්නේය.

අප­රාධ මර්ද­න­යට අදා­ළව  ගත­හැකි සියලු ක්‍රියා­මාර්ග කඩි­න­මින් ගන්නා ලෙස එහිදී ජනා­ධි­ප­ති­ව­රයා  නිල­ධා­රීන්ට දැනුම් දුන්නේය. ඒ සඳහා දේශ­පා­ලන අධි­කා­රිය ලෙස පහ­සු­කම් සැප­යී­මට තම රජය කට­යුතු කරන බව ද ජනා­ධි­ප­ති­ව­රයා එහිදී ප්‍රකාශ කළේය.

මෙරට තුළ නීතියේ විධා­නයේ ආධි­ප­ත්‍යය තහ­වුරු නොකර යහ­පත් සමා­ජ­යක් බිහි කළ නොහැකි බව ද මෙහිදී ජනා­ධි­ප­ති­ව­රයා  ප්‍රකාශ කළේය.

සංවි­ධා­නා­ත්මක අප­රාධ ක්‍රියා­කා­ර­කම් හා මත්ද්‍රව්‍ය ව්‍යව­ස­නය පිටු­දැ­කී­මට නවීන තාක්ෂ­ණය භාවි­ත­යට සැල­සුම් කර ඇති බව ද මෙහිදී සඳ­හන් විය.

මහ­ජන ආර­ක්ෂක සහ පාර්ලි­මේන්තු කට­යුතු ඇමැති ආනන්ද විජේ­පාල, මහ­ජන ආර­ක්ෂක සහ පාර්ලි­මේන්තු කට­යුතු නියෝජ්‍ය ඇමැති නීතීඥ සුනිල් වට­ගල, මහ­ජන ආර­ක්ෂක අමා­ත්‍යාං­ශයේ ලේකම් විශ්‍රා­මික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලි­ස්පති  රවී සෙනෙ­වි­රත්න, වැඩ­බ­ලන පොලි­ස්පති නීතිඥ  ප්‍රියන්ත විර­සූ­රිය  මහ­ත්වරු ද බස්නා­හිර පළාත් පොලිස් ප්‍රධා­නීහු පිරි­සක් ද මෙම අව­ස්ථා­වට එක්ව සිටි­යහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT