හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා හෙට (20) දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මාතර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.
2023 දෙසැම්බර් 31 වැනිදා මාතර, වැලිගම හෝටලයක් අසල සිදුවූ වෙඩිතැබීමේ සිද්ධියේදී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරියෙකු මියයාම සම්බන්ධයෙන් එවක වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු 8 දෙනෙකු අත්අඩංගුවට ගන්නැයි මාතර මහේස්ත්‍රාත් අධිකරණය පෙබරවාරි 28 වැනිදා වරෙන්තු නිකුත් කළේ ය.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය ලබාදුන් නියෝගය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා දේශබන්දු තෙන්නකෝන් මහතා ඉදිරිපත් කළ රිට් පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය මාර්තු 16 වැනිදා නියෝග කර තිබුණි.
කෙසේ නමුත් වැලිගම ප්රදේශයේ වෙඩිතැබීමට අදාළව වරෙන්තු ලබා සිටි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අද පෙරවරුවේ සිය නීතීඥවරුන් සමග පැමිණ මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට භාර විය.