Home » කෝටි 12ක සිග­රැට් රේගු දැලේ

කෝටි 12ක සිග­රැට් රේගු දැලේ

by Gayan Abeykoon
March 19, 2025 4:00 pm 0 comment

සුභා­ෂිණී සේනා­නා­යක

නීති විරෝධී ලෙස මෙර­ටට ගෙන්වා ඇති රුපි­යල් කෝටි 12කට අධික වටි­නා­ක­ම­කින් යුත් දුම්වැටි තොග­යක් ශ්‍රී ලංකා රේගු භාර­යට ගෙන තිබේ.

රේගු ආදා­යම් කාර්ය­සා­ධක බළ­කායේ නිල­ධා­රීන් විසින් කොළඹ වරාය පරි­ශ්‍රයේ ගබ­ඩා­වක තිබූ කන්ටේ­න­ර­යක් පරීක්ෂා කිරී­මේදී එම දුම්වැටි තොගය සොයා­ගෙන ඇත.

එහි තිබී දුම්වැටි 713,000ක පමණ තොග­යක් සොයා­ගෙන ඇත.

රේගු දෙපා­ර්ත­මේ­න්තුව සඳ­හන් කළේ එම දුම්වැටි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පාදුක්ක ප්‍රදේ­ශයේ සමා­ග­මක නමින් ආන­ය­නය කර තිබෙන බවයි. භාණ්ඩ ඇසු­රුම් තුළ සඟවා තිබි­යදී දුම්වැටි සොයා ගත් බව ශ්‍රී ලංකා රේගුව සඳ­හන් කරයි.

අදාළ දුම්වැ­ටි­වල වටි­නා­කම රුපි­යල් 124,019,554ක් වේ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT