Home » ‘පොඩි ලැසී’ ට නීති උප­දෙස් දෙන්න නීති­ඥ­ව­රු දෙදෙ­නෙක් ඉන්දියාවට යති

‘පොඩි ලැසී’ ට නීති උප­දෙස් දෙන්න නීති­ඥ­ව­රු දෙදෙ­නෙක් ඉන්දියාවට යති

by Gayan Abeykoon
March 19, 2025 4:00 pm 0 comment

කටු­නා­යක ගුව­න්තො­ටු­පොළ - ටී.කේ.ජී. කපිල

නීති විරෝධී ලෙස ඉන්දි­යා­වට ඇතු­ළු­වීමේ චෝද­නාව යටතේ දැනට එරට ආර­ක්ෂක අංශ මඟින් අත්අ­ඩං­ගු­වට ගෙන බන්ධ­නා­ගා­ර­ගත කර සිටින ජනිත් මධු­සංඛ නොහොත් ‘පොඩි ලැසීට’ නීති උප­දෙස් සහ ඇප ලබා ගැනී­මට අවශ්‍ය සහාය ලබා­දී­මට නීති­ඥ­ව­රුන් දෙදෙ­නකු ඊයේ (18) පස්ව­රුවේ කටු­නා­යක ගුවන් තොටු­පො­ළෙන් ඉන්දි­යාව බලා පිටත්ව ගියහ.

ගුව­න්තො­ටු­පො­ළේදී මාධ්‍යට අද­හස් දැක්වූ එම නීති­ඥ­ව­රුන්, ‘පොඩි ලැසී’ ට එරෙ­හිව ඉන්දි­යා­වට නීති­වි­රෝධී ලෙස ඇතු­ළු­වීම පිළි­බඳ චෝද­නා­වක් පම­ණක් එල්ල වී ඇති බවත්, ඔහුට ඒ සඳහා අවශ්‍ය නීති උප­දෙස් ලබා දෙමින් ඇප ඉල්ලී­මට තමන් කට­යුතු කරන බවත් පැව­සීය. ශ්‍රී ලංකාවේ පොලී­සි­යට ‘පොඩි ලැසී’ සෙවී­මට අවශ්‍ය කරන චෝදනා කිසි­වක් නැති අප­රාධ සඳහා නම් වී ඇති සැක­ක­රු­වකු නොවන බවද ඔවුහු පැව­සූහ.

එමෙන්ම ඔහුට එරෙ­හිව ශ්‍රී ලංකාවේ අධි­ක­රණ කීප­ය­කම නඩු ගණ­නා­වක් විභාග වෙමින් පව­තින අතර, ඒ කිසිදු නඩු කට­යු­ත්තක් සඳහා ඔහුට එරෙ­හිව වරෙන්තු නිකුත් වී නොමැති බවත්, තමන් එම නඩු කට­යුතු සඳහා අවශ්‍ය සහාය දක්වන බවත් එම නීති­ඥ­ව­රුන් දෙදෙනා පැව­සීය.

මෙම නඩුව ලබන 21 වැනිදා ඉන්දි­යාවේ මුම්බායි නුවර තානේ (Thane) අධි­ක­ර­ණයේ දී විභාග වීමට නිය­මි­තය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT