ප්‍රධානපෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සහ පාතාල කල්ලි සාමාජිකයකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් ‘හරක් කටා’ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටියදී පලා යාමේ සැලසුමකට ආධාර අනුබල දුන් බව කියන හිටපු පොලිස් කොස්තාපල් රවිදු සන්දීප නමැත්තා ඉන්දියාවේ සැඟව සිටියදී මෙරට ජාතික ආරක්ෂාවට තර්ජනය වන ආකාරයේ කටයුතුවල නිරත වී ඇති බව ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය විසින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු දක්වනු ලැබීය.
ඒ සම්බන්ධයෙන් ප්‍රගතිය පිළිබඳ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසාන් අමරසේන මහතා ත්‍රස්ත විමර්ශන ඒකකයට ඊයේ (18)නියෝග කළේය.
ඉන්දීය බුද්ධි අංශ, මෙරට බුද්ධි අංශ වෙත සැකකාර හිටපු පොලිස් කොස්තාපල්වරයා ඉන්දියාවේ සැඟව සිටින කාලය තුළ ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආරක්ෂාවට තර්ජනයක් වන ආකාරයේ කටයුතුවල නිරතව ඇති බවට ඉන්දීය බුද්ධි අංශ ලබාදුන් තොරතුරකට අනුව මෙම විමර්ශන ආරම්භ කළ බව අධිකරණය හමුවේ ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් සඳහන් කරනු ලැබීය.