Wednesday, March 26, 2025
Home » චමෝද් කවි­ශ්කගේ මෝටර් රථ­යට ගිනි තියලා

චමෝද් කවි­ශ්කගේ මෝටර් රථ­යට ගිනි තියලා

by Gayan Abeykoon
March 19, 2025 4:01 pm 0 comment

මලිඳු තෙන්න­කෝන් සහ අනු­රා­ධ­පුර සංචා­රක

රූප­වා­හිනී නාළි­කා­වක ජන­ප්‍රිය රියැ­ලිටි ගායන තර­ග­ය­කින් ජය­ගත් රියැ­ලිටි තරු­වක් වන චමෝද් කවි­ශ්කගේ, මෝටර් රථ­යට කිසි­යම් පුද්ග­ල­යකු ඊයේ (18) අලු­යම ගිනි තබා තිබේ.

එම මෝටර් රථය අනු­රා­ධ­පු­රයේ පිහිටි සිය නිවෙසේ නවතා තබා තිබි­යදී මෙලෙස යම්කිසි අයකු ගිනි තැබී­මට ලක් කර ඇති අතර ඒ සම්බ­න්ධ­යෙන් පොලී­සිය විම­ර්ශ­න­යක් ද ආරම්භ කර තිබේ.  චමෝද් කවිශ්ක මාධ්‍ය­යට අද­හස් පළ­ක­ර­මින් ඒ සම්බ­න්ධ­යෙන් මෙසේ කියා සිටි­යේය.

“ශබ්ද­යක් ඇසීම නිසා මම එළි­යට පැමිණ බල­න­විට වාහ­නය සම්පූ­ර්ණ­යෙන්ම ගිනි­ගෙන තිබුණා. මේ දේ වෙන­කොට පාන්දර 1.42යි වේලාව. කවු­රු­හරි ගෙද­රට ඇවිල්ලා ගෙදර නතර කරලා තිබ්බ වාහ­න­යට ප්‍රෙටල් දාලා ගිනි තියලා තියෙ­නවා.  මම එළි­යට බහිද්දි වැඩේ ඔක්කොම වෙලා ඉව­රයි. මුළු වාහ­නේම ගිනි අරන් තියෙන්නේ. සද්ද­යක් ආවා, ඒත් එක්කම මම එළි­යට එද්දි සේරම ගිනි අරන් ඉව­රයි.

බොහොම ස්තූතියි මේක කරපු කෙනාට. බොහොම ස්තූතියි.”

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT