Home » නුව­ර­එ­ළිය රෝහලේ යකා නැටූ හිටපු මේජ­ර්ව­රයා අත්අ­ඩං­ගු­වට

නුව­ර­එ­ළිය රෝහලේ යකා නැටූ හිටපු මේජ­ර්ව­රයා අත්අ­ඩං­ගු­වට

by Gayan Abeykoon
March 19, 2025 4:03 pm 0 comment

නෝර්වුඩ් සමූහ - රංජිත් රාජ­පක්ෂ

නුව­ර­එ­ලිය දිස්ත්‍රික් මහ රෝහල් පරි­ශ්‍රය තුළ කල­හ­කාරී ලෙස හැසිරී රෝහලේ සේව­ක­යන්ට පරුෂ වච­න­යෙන් බැණ වැදුණු යුද හමු­දාවේ හිටපු මේජ­ර්ව­ර­යකු ඊයේ (18) අත්අ­ඩං­ගු­වට ගත් බව නුව­ර­එ­ළිය පොලී­සිය කියයි.

සැක­කාර මේජ­ර්ව­රයා නිවා­ඩු­වක් ගත­කි­රිම සදහා නුව­ර­එ­ළිය ප්‍රදේ­ශ­යට පැමිණ බීමත්ව බිම වැටි තුවාල ලබා ප්‍රති­කාර ලබා ගැනී­මට නුව­ර­එ­ළිය දිස්ත්‍රික් මහ රෝහල වෙත පැමිණි ඇත. එම අව­ස්ථාවේ රෝහලේ සේව­ක­යකු විසින් තුවාල ලබා සිටි මේජ­ර්ව­රයා රෝහ­ලට ඇතු­ළත් කර ගැනී­මේදී ඔහුට ගරු නොකළ බව පව­ස­මින් සැක­කාර මේජ­ර්ව­රයා  රෝහලේ අධ්‍ය­ක්ෂ­ක­ව­ර­යාට සහ සේව­ක­යන්ට පරුෂ වච­න­යෙන් බැණ වැදී ඇතැයි පොලී­සිය සඳ­හන් කරයි.

මේ ගැන නුව­ර­එ­ළිය දිස්ත්‍රික් මහ රෝහලේ අධ්‍ය­ක්ෂ­ව­රයා නුව­ර­එ­ළිය පොලී­සි­යට කරන ලද පැමි­ණි­ල්ලක් මත සැක­කරු අත්අ­ඩං­ගු­වට ගෙන රෝහ­ලේ­දීම ප්‍රති­කාර ලබා­දි­මට කට­යුතු කර ඇත.

නුව­ර­එ­ළිය දිස්ත්‍රික් මහ රෝහලේ අධ්‍යක්ෂ  වෛද්‍ය මහෙන්ද්‍ර සෙන­වි­රත්න මහ­තා­ගෙන් කළ විම­සු­ම­කට ඔහු කියා සිටියේ බමත්ව බිම වැටි තුවාල ලබා රෝහ­ලට පැමිණි මේජ­ර්ව­ර­යකු යැයි පව­සන පුද්ග­ලයා රෝහ­ලට ඇතු­ළත් කිරී­මේදී කනිෂ්ඨ කාර්ය මණ්ඩ­ලයේ සේව­ක­යකු සමඟ බහි­න්බ­ස්වී­මක් සිදු වී ඇති බවත්, පසුව එම සිද්ධිය සම්බ­න්ධ­යෙන් සොයා බැලී­මට ගිය තම­න්ටද මේජ­ර්ව­රයා බව කියන පුද්ග­ලයා පරුෂ වච­න­යෙන් බැණ වැදුණු බවත්ය.

අත්අ­ඩං­ගු­වට ගත් මේජ­ර්ව­රයා පොලිස් ආර­ක්ෂාව මධ්‍යයේ නුව­ර­එ­ළිය දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රති­කාර ලබයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT