Wednesday, March 26, 2025
Home » කුෂ් ගෙනා ඉන්දි­යානු ජෝඩුව රේගු දැලේ

කුෂ් ගෙනා ඉන්දි­යානු ජෝඩුව රේගු දැලේ

by Gayan Abeykoon
March 19, 2025 4:03 pm 0 comment

කටු­නා­යක ගුව­න්තො­ටු­පළ ටී.කේ.ජී. කපිල

රුපි­යල් දෙකෝටි පනස් ලක්ෂ­යක් වටිනා කුෂ්  මත්ද්‍රව්‍ය තොග­යක් මෙර­ටට  ගෙනා විදේ­ශික යුව­ළක් කටු­නා­යක ගුව­න්තො­ටු­පොළ පැමි­ණීමේ පර්ය­න්තයේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය විසින් අත්අ­ඩං­ගු­වට ගනු ලැබූහ.

මොවුන් ඉන්දීය ජාතික විවා­හක යුව­ළක් වන අතර, සැමියා 32 හැවි­රි­දිය. බිරිඳ 29 හැවි­රි­දිය. ඔවුන් ඩුබායි සහ ඉන්දි­යාව අතර ව්‍යාපා­රික කට­යු­තු­වල නිර­තව සිටි­න්නන් බව මූලික විම­ර්ශ­න­ව­ලදී අනා­ව­ර­ණය කර ගෙන තිබේ.

ඔවුන් මෙම කිලෝ­ග්‍රෑම් 02යි ග්‍රෑම් 400ක් බරැති කුෂ් තොගය එහි ගන්ධය පිට­තට නොපැ­ති­රෙන ආකා­ර­යට පොලි­තීන් ආව­රණ යොදා ඇසු­රුම් කර, ඒවා ලී පෙට්ටි තුළ අසුරා, ඒ මත රෙදි ආව­ර­ණය  කර තිබී ඇත. මත්ද්‍රව්‍ය ඉව කර හඳුනා ගන්නා සුන­ඛ­යන් නොමඟ යැවීම සඳහා කපුරු කුඩු කර ආලේප කර තිබී ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT