Wednesday, March 26, 2025
Home » පූර්ණ සටන් විරාමයක් රුසියාව ප්‍රතික්ෂේප කරයි

පූර්ණ සටන් විරාමයක් රුසියාව ප්‍රතික්ෂේප කරයි

by chanaka
March 19, 2025 3:52 pm 0 comment

යුක්‍රේනය සමග පූර්ණ සටන් විරාමටකට එකඟ නොවන බව රුසියාව අවධාරණය කරයි.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර පැවැති දුරකතන සංවාදයේ දී මේ බව සදහන්ව ඇත.

කෙසේවෙතත් රුසියානු – යුක්‍රේන යුද්ධය නතර කිරීමේ අරමුණින් ට්‍රම්ප් පරිපාලනය යෝජනා කර ඇති දින 30 ක සටන් විරාමයට රුසියාව මෙහිදී කැමැත්ත පළ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ජනාධිපතිවරුන් දෙපළ අතර මෙම දුරකතන සංවාදය පැය 2 කට ආසන්න කාලයක් පැවති බව වාර්තාවේ.

එය අවසන් වූ සැණින් යුක්‍රේනයේ බලශක්ති බලාගාරවලට ප්‍රහාර එල්ල කිරීම වහාම නවත්වන්නැයි ජනාධිපති පුටින්, රුසියානු හමුදාවට දැනුම් දී තිබේ.

රුසියානු – යුක්‍රේන යුද්ධය නැවැත්වීමේ අරමුණින් අමෙරිකාව මැදිහත් වි සකස් කළ සාම වැඩපිළිවෙළ ආරම්භ කිරීමට ට්‍රම්ප් පරිපාලනය යෝජනා කළ දින 30 ක සටන් විරාමයට යුක්‍රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි ප්‍රමුඛ යුක්‍රේන රජය මේ වනවිටත් කැමැත්ත පළ කර ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT