කැනඩාවේ අගමැතිධුරයට පත්වීමෙන් පසු පළමු නිල සංචාරය සඳහා සම්ප්‍රදායිකව අමෙරිකාව තෝරාගනු ලැබුවද, පසුගියදා පත්වූ නව අගමැති මාක් කානි සිය පළමු නිල සංචාරය සඳහා යුරෝපය තෝරා ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. කැනඩාවේ සම්ප්රදාය බිඳ දැමූ නව අගමැතිවරයා පෙරේදා ප්‍රංශයේ සංචාරයක් ආරම්භ කළ බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි. පැරිස් නුවරට පැමිණි කැනඩාවේ අගමැතිවරයා ප්‍රංශ ජනාධීපති එමැනුවෙල් මැක්‍රොන් උණුසුම් අයුරින් පිළිගත් බවත්, අනතුරුව ඔහු බ්‍රිතාන්‍යයේ සංචාරයකට එක්වූ බවත් විදෙස් මාධ්‍ය සඳහන් කරයි. ඊයේ ලන්ඩන් නුවරට පැමිණී කැනඩාවේ අගමැතිවරයා බ්‍රිතාන්‍ය අගමැති සහ තුන්වැනි චාල්ස් රජු මුණ ගැසී ඇතැයි ද වාර්තා වේ.
සංක්‍රමණිකයන් සඳහා වන අමෙරිකානු නියෝග සහ තීරුබදු ඉහළ නැංවීමටත්, කැනඩාව සිය ප්‍රාන්තයක් ලෙස හැඳින්වීමටත් ජනාධීපති ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගැනීමෙන් පසු කැනඩාව සහ අමෙරිකාවේ රාජ්‍යතාන්ත්‍රික සබඳතා පලුදු වී ඇතැයි ද, අගමැති මාක් කාර්නි යුරෝපයේ සංචාරයකට එක්වීමට එය හේතු වී ඇතැයි ද වාර්තා වේ.