අමෙරිකානු සහ රුසියානු ජනාධීපතිවරු අතර යුක්රේනයේ අනාගතය ගැන තීරණාත්මක දුරකතන සාකච්ඡාවක් ඊයේ ශ්‍රී ලංකා වේලාවෙන් ඊයේ පස්වරු 6.30ත්, 8.30ත් අතර පැවැත්වීමට නියමිතව තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. රුසියාව සහ යුක්රේනය අතර සබඳතා නැවත ස්ථාපිත කිරීම අරමුණු කරමින් එම සාකච්ඡාවට රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් එක්වන බව මොස්කව් නුවර ජනාධිපති කාර්යාලය නිවේදනය කළ බවත් විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
රුසියානු ජනාධිපතිවරයා සමඟ යුක්රේන යුද්ධය සම්බන්ධව තීරණය කිරීමට අමෙරිකාව දැඩි අපේක්ෂාවෙන් පසුවූ බවත්, ඔහු සමඟ සාකච්ඡා කිරීමට බොහෝ කරුණු ඇති බවත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ. මීට පෙර අවස්ථා ගණනාවකදී දෙරටේ ජනාධිපතිවරු අතර සාකච්ඡා පැවැතියද, මේ සාකච්ඡාව වඩාත් තීරණාත්මක වනු ඇතැයිද, ජාත්‍යන්තර අවධානයට ලක්වනු ඇතැයි ද වාර්තා වේ.