Home » ඊශ්‍රා­යල හමු­දා­වෙන් ගාසා තීර­යට යළි ගුවන් ප්‍රහාර

ඊශ්‍රා­යල හමු­දා­වෙන් ගාසා තීර­යට යළි ගුවන් ප්‍රහාර

පල­ස්තී­නුවෝ 400ක් මරුට

by Gayan Abeykoon
March 19, 2025 4:15 pm 0 comment

ඊශ්‍රා­යල හමු­දාව පෙරේදා රාත්‍රියේ සිට අඛ­ණ්ඩව ගාසා තීර­යට එල්ල කළ ගුවන් ප්‍රහා­ර­මා­ලා­ව­කින් පල­ස්තී­නු­වන් 400කට අධීක පිරි­සක් ජීවි­ත­ක්ෂ­යට පත්වූ බව අල් ජසීරා පුවත් සේවය වාර්තා කළේය. පසු­ගිය ජන­වා­රියේ 19 වැනි­දා­යින් පසු ගාසා තීරයේ සිදුවූ විශා­ල­තම ප්‍රහා­රය මෙය බව වාර්තා වේ. එම ගුවන් ප්‍රහා­රය ඛාන් යුනිස් සහ රෆා නගර ඇතු­ළුව ගාසා තීරය පුරා එල්ල වී ඇති අතර,  දරු­වන් වැඩි ප්‍රමා­ණ­යක් ප්‍රහා­ර­යෙන් මිය ගිය බව ගාසා තීරයේ සෞඛ්‍ය අමා­ත්‍යාං­ශය නිවේ­ද­නය කළ බව අල් ජසීරා පුවත් සේවය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය. මළ­සි­රු­රු­ව­ලින්  ගාසා තීරයේ රෝහ­ල්වල පිරී ඇති බවත්, තුවා­ල­ක­රු­වන් 562ක් රෝහ­ල්ගත කර ඇති බවත් වාර්තා වේ.

මේ වන ­විට ගොඩ­නැ­ඟිලි සුන්බු­න්ව­ලට යට­වූ­වන් සොයා මෙහෙ­යුම් ආරම්භ කර ඇති අතර, පසු­ගිය ජන­වාරි මස 19 වැනිදා ක්‍රියා­ත්මක වූ ඊශ්‍රා­ය­ලය සහ හමාස් සංවි­ධා­නය අතර සටන් විරාම ගිවි­සුමේ සති 6ක පළමු අදි­යර නිමා­වෙන් පසු ආරම්භ වූ දෙවැනි අදි­යරේ සාකච්ඡා අසා­ර්ථක වීම ගුවන් ප්‍රහා­ර­යට හේතු වී ඇතැයි ද වාර්තා වේ.

හමාස් සංවි­ධා­නය සිය හමුදා ශක්තිය වැඩි කර­මින් සිටින බවත්, එය වැළැ­ක්වීම සඳහා ගුවන් ප්‍රහා­රය එල්ල කිරීම හැර වෙනත් වික­ල්ප­යක් නොතිබූ බවත් නිවේ­ද­න­යක් නිකුත් කර­මින් ඊශ්‍රා­යල අග­මැති බෙන්ජ­මින් නෙත­න්යා­හුගේ කාර්යා­ලය ප්‍රකාශ කර තිබේ. දැනට ඉති­රිව සිටින ප්‍රාණ ඇප­ක­රු­වන් නිද­හස් කිරීම හමාස් සංවි­ධා­නය විසින් ප්‍රති­ක්ෂේප කරනු ලැබීම ද ප්‍රහා­රය එල්ල කිරී­මට හේතු වූ බව එම නිවේ­ද­නයේ සඳ­හන් කර ඇතැයි වාර්තා වේ. හමාස් සංවි­ධා­නය සතුව තවත් ප්‍රාණ­ඇ­ප­ක­රු­වන් 59 දෙනකු සිටින බවත්, ඉන් 24 දෙනකු ජීවත්ව සිටින බවට තොර­තුරු ලැබී ඇති බවත් ඊශ්‍රා­ය­ලය ප්‍රකාශ කර ඇති අතර, ගාසා තීර­යට නව ගුවන් ප්‍රහාර එල්ල කිරීම තෝරා ගැනී­මෙන් ප්‍රාණ ඇප­ක­රු­වන් මුදා ගැනීම පිළි­බඳ අද­හස ඊශ්‍රා­යල රජය අත්හැර දමා ඇතැයි ප්‍රාණ­ඇ­ප­ක­රු­වන්ගේ පවුලේ සාමා­ජි­ක­යන් රජ­යට දොස් පවරා ඇතැයි ද වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT