Tuesday, March 25, 2025
Home » මන­මා­ල­යාගේ රෙදිත් නෑ

මන­මා­ල­යාගේ රෙදිත් නෑ

by Gayan Abeykoon
March 19, 2025 4:02 pm 0 comment

මේ කතාව ඇහෙන්නේ හස­ලක ප්‍රදේ­ශයේ දුෂ්කර ගම්පි­ය­ස­කිනි. මේ මඟුල් තුලා­වක සිද්ධි­යකි. මන­මා­ලයා මීට පෙර විවාහ වූ 34 වන වියේ පසු­වන එක්දරු පියෙකි. පවුල් ආර­වු­ලක් මත පළමු කසා­ද­යෙන් වෙන්වූ ඔහු දරු­වාත්, සිය බිරි­යත් අතැර අග­න­ග­ර­යට ගොස් පෞද්ග­ලික ආය­ත­න­යක රැකි­යාව කර­මින් සිටි­යේය. කෙසේ වෙතත් මාස­ය­කට වතා­වක් තම දරුවා බැලී­මට යන මොහු ඔහුගේ අධ්‍යා­පන කට­යු­තු­ව­ලට අවශ්‍ය මුදල් හදල් සපයා දීමට ද අම­තක කළේ නැත.

මේ සියල්ල සිදු­වන අත­ර­වා­රයේ කාර්යා­ලයේ සේවය කරන රූමත් තරු­ණි­යක හා ඔහු පෙමින් වෙළෙ­න්නේය. කෙටි කල­කින් දෙදෙනා විවාහ ජීවි­ත­යට එළැ­ඹී­මට තීර­ණය කළත් තමා විවා­හ­ක­යකු බවත් දරු­ව­කුගේ පියකු වන බවත් ඔහු තම පෙම්ව­ති­යට හෝ ඇගේ  මාපි­යන්ට වසන් කර තිබිණී.

තමන් දෙවන වරට විවාහ වන්නට තීර­ණය කළ තරු­ණි­යගේ පාර්ශ්වය යහ­මින් මුදල් හදල් ඇති ගමේ හයි­කාර පවු­ලක් බව ඔහු දැන සිටි­යේය. මංගල දිනය උදා­විණි. ප්‍රදේ­ශයේ ඇති ඉහ­ළම හෝට­ලයේ මංගල උත්ස­වය ගැනී­මට මනා­ලි­යගේ පාර්ශ්වය තීර­ණය කර තිබිණි. නමුත් මනා­ලයා සිය පවුලේ උද­වි­ය­ටත් ළඟම හිත­ව­තුන් කිහිප දෙනෙ­කුට හැර වෙන කිසි­ව­කුට සිය මංගල උත්ස­ව­යට ආරා­ධ­නය කර නොති­බිණි. කෙසේ වෙතත් සිය ස්වාමියා තවත් විවා­හ­යක් කර ගැනී­මට සැර­සෙන බවට මනා­ල­යාගේ පෙර බිරි­ඳට ආරංචි වී තිබිණි. දැන් මංගල යුවළ පෝරු මස්ත­කා­රූ­ඪව සිටිති. සුදු හැඳ­ගත් දැරියෝ අෂ්ටක කිය­න්නට සැර­සුණි. එක­ව­රම සෙනඟ අත­රින් පැමිණී හුරු­බු­හුටි දඟ­කාර කොලු ගැට­යෙක් පෝරුව අස­ලට ගොස් මනා­ල­යාගේ අතින් අදි­න්නට විය.

‘අනේ තාත්තා…. ඔයා අපිව දාලා මෙච්චර කල් කොහේද ගිහිල්ලා හිටියේ. අනේ තාත්තා අපි ගෙදර යමු.’ පුංචි එකා මහ හඬින් හඬ­න්නට වූයේය.

සිදුවූ අහඹු සිද්ධිය දරා ගත නොහැකි වූ මනා­ලිය පෝරු­වේම සිහි­සුන්ව ඇද­වැ­ටු­ණාය.

‘මේ මොකද? මේක ඇත්තක් ද?’

මනා­ලි­යගේ පාර්ශ්වයේ වැඩි­හි­ටි­යන් මනා­ලයා වට කොට ගත්හ. මනා­ලයා නිහ­ඬය.

අව­සා­නයේ කඩි­ගු­ලක් ඇවි­ස්සුනා සේ මනා­ලි­යගේ පාර්ශ්වය මනා­ල­යාට තඩි­බා­න්නට වූහ.

‘බොරු­කා­රයා. වංචා­කා­රයා. උඹට හොඳ වැඩක් කර­න්නම්. ආයේ මේ වගේ වැඩ නොක­රන්න.’

එතැන ඇසුනේ කිසි­ව­කුට හෝ අසා සිටිය නොහැකි වදන්ය. අව­සා­නයේ එතැන සිටි මනා­ල­යාගේ මිතු­රන් දෙදෙ­නකු මනා­ලයා පෝරු­වෙන් ඇද­ගෙන දිව ගොස් අසල තිබූ වාහ­න­ය­කට ගොඩවී එම හෝට­ල­යෙන් පිටව ගියේ පව­නට බඳු වේග­යෙනි. ඒ යන විටත් මනා­ල­යාගේ ඇගේ ඇඳුම් ඉරී බොහෝ දුරට නිරු­වත්ව සිටි බව ගම්වැ­සියෝ කීවේ උසුළු විසුළු කර­මිනි.

‘අන්ති­මට මන­මා­ල­යාගේ රෙදිත් නෑ.’ ඔවුහු ගම පුරා මේ සිද්ධිය පැති­රුවේ එලෙ­සලු.

හස­ලක සමූහ – ඊ. එම්. එස්. ඒක­නා­යක

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT