Tuesday, March 25, 2025
Home » ජනතා මණ්ඩපය

ජනතා මණ්ඩපය

by Gayan Abeykoon
March 19, 2025 4:01 pm 0 comment

වේවැ­ල්ක­ඳු­රට ජල­යෙන් පීඩා

වැල්ල­වාය ප්‍රා‍ෙද්ශීය ලේකම් කොට්ඨා­ස­යට අයත් වැලි­ආර ප්‍රදේ­ශයේ පිහිටි අලි­කොටේ ඔයට අලි­කො­ටේ­ආර ජලා­ශයේ වැඩි වතුර නිද­හස් කිරී­මත් සමඟ අලි­කොටේ ඔය හරහා වේවැ­ල්ක­ඳුර ගම්මා­න­යට යාමට දමා ඇති සපත්තු පාල­මට  උඩින්   නිර­න්ත­ර­යෙන් ජලය ගලා යාම හේතු­වෙන් එම ගම්මා­නයේ පදිංචි ජන­තාව ගැටලු රැස­කට මුහුණ දී සිටිති.

සපත්තු පාල­මට  උඩින් නිර­න්ත­ර­යෙන්ම ජලය ගලා යාම හේතු­වෙන් විශේ­ෂ­යෙන්ම මල්ව­ත්තා­වල ජාතික පාසල, කුමා­ර­දාස විද්‍යා­ලය ඇතුළු අවට ඇති  විවිධ පාසල් කරා යන දරු­වන් මෙන්ම රැකියා සඳහා යන පිරිස් මෙන්ම එදි­නෙදා නග­ර­යට පැමි­ණෙන පිරි­සද දැඩි ලෙස අස­රණ වී සිටිති.

අලි­කො­ටේ­ආර ජලා­ශයේ සිට මෙම සපත්තු පාල­මට  ඇති දුර මීටර් 200ක් පමණ වන බවත් ඒ තරම් ආස­න්න­යෙන් පිහිටි මෙම සපත්තු පාලම වෙනු­වට ඉදි­කළ යුතුව  තිබුණේ සාමාන්‍ය පාල­මක් බවත් පෙන්වා දෙන ගම්වා­සීහු  ඒ හේතුව නිසා මෙම ගම්මා­නයේ පදිංචි ජන­තාව දෛනික ගම­නා­ග­මන කට­යු­තු­ව­ලදී නිර­න්ත­ර­යෙන් විවිධ අසී­රු­තා­ව­නට පත්වන බවත් කඩි­න­මින් මෙම ගැට­ලුව සම්බ­න්ධ­යෙන් වග­කි­ව­යුතු වාරි­මාර්ග බල­ධා­රින්ගේ අව­ධා­නය යොමු විය යුතු බවත් කියා සිටිති.

කුඹුරු  වගා­බිම් අක්කර 70කට අධික ප්‍රමා­ණ­යක් මෙම ගම්මා­නයේ පිහිටා ඇති අතර, ඒවායේ අස්වනු නෙළී­මට යන්ත්‍ර සූත්‍ර පවා ගෙන­යා­මට මේ හේතුව නිසා නොහැකි වී ඇති අතර, ඒ  හේතු­වෙන් කුඹුරු වගා කළ ගොවීහු දැඩි ලෙස අස­රණ වී සිටිති.

මෙම සපත්තු පාල­මෙන්  එගොඩ වූ ගමන් කුඹු­රු­යාය තිබුණ ද  සපත්තු පාල­මට උඩින් ජලය ගලා යාම හේතු­වෙන් කිලෝ­මී­ටර් හත­රක පමණ දුරක් යන්ත්‍ර සූත්‍ර ගෙන යාමට මේ හේතුව නිසා ඔවුන්ට සිදුවී තිබේ.

ගොවීන්ගේ පහ­සුව සඳහා කොසුවේ ජලය පිටාර ගලන විට ගමන් කිරීම සඳහා  ඇළ දිගේ මාර්ග­යක් සකස් කළද එය වැසි­දාට මඩ වගු­රක් වන බවත් ඒ මාර්ගය හරහා කුඹුරු ඉඩ­ම්ව­ලට පැමි­ණී­මට කිලෝ මීටර් හත­කට පමණ ආසන්න දුරක් පැමි­ණිය යුතු බවත් ගොවීහු කියා සිටිති. මේ නිසා ප්‍රදේ­ශ­වා­සීහු දැඩි අප­හ­සු­තා­වට පත්ව සිටිති. එනිසා ප්‍රදේ­ශ­වා­සීන් ඉල්ලා සිටින්නේ මේ පිළි­බ­ඳව බල­ධා­රින්ගේ අව­ධා­නය ඉක්ම­නින් යොමු විය යුතු බවය.

 

 ජී.අයි.ආර්. ගරු­සිංහ

වැල්ල­වාය    


පාදුක්ක කන්ද­බඩ මාර්ගය අබ­ලන්

සීතා­වක ප්‍රාදේ­ශීය සභා බල­ප්‍ර­දේ­ශයේ, පාදුක්ක මල­ගල හරහා හොරණ මාර්ග­යත් පාදුක්ක මීරි­ය­ගල්ල මාර්ග­යත් සම්බන්ධ කෙරෙන උඩු­මුල්ල අංග­මුව මාර්ගයේ කන්ද­බඩ ප්‍රදේ­ශය කාල­යක සිට දැඩි ලෙස අබ­ලන්ව පවතී.

මෙම මාර්ගයේ කොට­සක් මීට වසර කිහි­ප­ය­කට ඉහ­තදී කාපට් අතුරා සංව­ර්ධ­නය කරනු ලැබු­වත් මාර්ගයේ අත්‍ය­ව­ශ්‍යම කොටස වන මෙම වෙල්යාය මැදින් වැටී ඇති කොට­සට වග­කි­ව­යුතු කිසි­ව­කුගේ අව­ධා­නය නොමැති වීම නිසා, කිසිදු සංව­ර්ධ­න­යක් නොකර වළ­වල් සෑදී ජලය පිරී ඇතැයි ඔවුහු පව­සති.

මෙම මාර්ගය දෙපස  විශාල ජන­තා­වක් පදිං­චිව සිටින අතර, ඔවුන් පාදුක්ක නග­ර­ය­ටත්, පාසල් දරු­වන් සහ රැකි­යා­වන් සඳහා යන එන අයත් විශාල පිරි­සක් මෙම මාර්ගයේ ගමන් කරනු ලබයි.

එලෙස ප්‍රදේ­ශයේ ජන­තා­වට සම්ප­තක්ව පව­තින මෙම මාර්ගයේ, හදිසි අව­ස්ථා­ව­කට වාහ­න­ය­ක්වත් ධාව­නය කළ නොහැකි තත්ත්වයේ පව­තින කන්ද­බඩ ප්‍රදේ­ශයේ මෙම කොටස, ඉදිරි කාල­ය­කදී යථා තත්ත්ව­යට පත් කරන තෙක්, තාව­කා­ලි­කව ප්‍රදේ­ශයේ ජන­තා­වගේ ප්‍රයෝ­ජ­නය සඳහා සකස් කර දෙන මෙන් ඔවුහු වග­කි­ව­යුතු අංශ­ව­ලින් ඉල්ලා සිටිති.

රෙක්සි වෙත්ත­සිංහ

පාදුක්ක

 


විදුලි සංඥා එළි දෙන්න

මාතර  නග­රයේ ප්‍රධාන බස් නැව­තු­ම්පොළ ඉදි­රි­පි­ටට මාර්ග සංඥා විදුලි ආලෝක පද්ධ­ති­යක් අව­ශ්‍යය. මෙම ස්ථාන­යට විදුලි ආලෝක සංඥා නොමැති වීම විශාල අඩු­පා­ඩු­වකි. එම අඩු­පා­ඩුව විශේ­ෂ­යෙන් දැනෙන්නේ රථ­වා­හන රියැ­දු­ර­න්ටය.

මාතර ප්‍රධාන බස් නැව­තුම ඉදි­රි­පි­ටට  විදුලි ආලෝක සංඥා ක්‍රමය ඇති කිරීම අත්‍ය­ව­ශ්‍යයි. රිය අන­තුරු අවම කර ගැනී­මට අවශ්‍ය කට­යුතු කිරීම අදාළ වග­කිව යුතු බල­ධා­රින්ගේ යුතු­ක­මකි.

එබැ­වින් මෙම ස්ථාන­යට විදුලි ආලෝක සංඥා පද්ධ­ති­යක් සවි කර­න්නට කට­යුතු කිරී­මට වග­කිව යුතු බල­ධා­රින්ගේ අව­ධා­නය කඩි­න­මින් යොමු විය යුතුය.

 

වසන්ත ද සිල්වා.

වැලි­ගම


මිනිපේ දුන්ගො­ල්ලට බස් එකක් දෙන්න

දුන්ගොල්ල මාර්ගයේ පිහිටි අබ­ලන් තත්ත්වයේ පව­තින පැන්නුම් පාලම සංව­ර්ධ­නය කර ගමට බස් රථ­යක් ලබා දීමට පිය­වර ගන්නැයි ප්‍රවා­හන ගැට­ලු­වට වසර ගණ­නා­වක සිට මුහුණ දෙන ගම්වා­සීහු ඉල්ලා සිටිති. දුන්ගොල්ල ගම මිනිපේ ප්‍රාදේ­ශීය ලේකම් කොට්ඨා­සයේ හුද­කලා වූ අති­දු­ෂ්කර ගම්මා­න­යකි.

දුන්ගොල්ල ගමේ  පාසල් දරු­වන් 60 දෙනෙකු පමණ සිටිති.  මේ අය­ගෙන් ගමේ ප්‍රාථ­මික පාසලේ දරු­වන් 38 දෙනෙකු පහ වසර දක්වා අධ්‍යා­ප­නය ලබන අත­ර­ පහ වස­රෙන් ඉහළ පන්ති­වල දරු­වන් ගමේ සිට කිලෝ මීටර් දෙක­හ­මා­රක් පමණ දුරින් පිහිටි මීගොල්ල මහා විද්‍යා­ලය වෙත යති. ඔවුන් එම පාස­ලට යා යුතු වන්නේ පා ගම­නෙන් වන අතර, මේ පා ගමන් මාර්ගය වැටී ඇත්තේ වන­අලි නිතර සැරි­ස­රන  වනා­න්ත­රය මැදිනි. මේ නිසා දරු­ව­කුට තනි­වම යාමට නොහැකි නිසා අලියා ගැව­සෙන කැලෑ ප්‍රදේ­ශය නිමා­වෙන ස්ථානය දක්වා එම දරුවා රැගෙන යෑම­ටත් පෙරළා ගෙන ඒම­ටත් වැඩි­හි­ටි­ය­කුට ගමන් කිරී­මට සිදු වේ. මෙයට වසර ගණ­න­කට පෙර හස­ලක නග­රයේ සිට දුන්ගොල්ල ගම දක්වා හස­ලක ඩිපෝව මඟින් බස් රථ­යක් ධාව­නය කළද ගමට ආස­න්නයේ තිබෙන ජල මාර්ග­යක් හරහා ඉදි­කර ඇති පාලමේ අබ­ලන් තත්ත්වය හේතු­වෙන් එම බස් රථය නතර කර දැමී­මට එම ඩිපෝ­වට සිදු­විය. ගමට බස් රථ­යක් ධාව­නය නොවී­මට හේතුව අබ­ලන් පාලම නිසා, එම පාලම ප්‍රති­සං­ස්ක­ර­ණය කර නැවත බස් රථ­යක් ලබා දෙන ලෙස ගම්වැ­සි­යෝ ඉල්ලා සිටිති.

 

ඊ.එම්.එස්. ඒක­නා­යක 

හස­ලක


හිටපු ජන­පති වර­ප්‍ර­සාද හා බහු­ජන පැතුම

2024 සැප්තැ­ම්බර් 21 පැවති ජනා­ධි­ප­ති­ව­ර­ණ­යෙන් විශිෂ්ට ජය­ග්‍ර­හ­ණ­යක් ලබා­ගත් අනුර කුමාර දිසා­නා­යක මහතා, සාධා­රණ ජනතා වර­ම­කින් ජනා­ධි­පති ධුර­යට පත් වූ අතර, වහාම දූෂි­ත­ය­න්ගෙන් සම­න්වි­තව තිබූ පාර්ල‍ි­මේ­න්තුව විසු­රුවා හරින ලදී.  පාර්ලි­මේන්තු මැති­ව­ර­ණය 2024 නොවැ­ම්බර් 14 වැනි දින විශාල ජනතා උද්‍යෝග­යක් මධ්‍යයේ ඉතාම සාම­කා­මීව පැවැ­ත්වුණි. එකී මැති­ව­ර­ණ­යෙන් ද අති­වි­ශිෂ්ට ජයක් ලබා­ගත් ජාතික ජන බල­වේ­ග­යට අලුත් පාර්ලි­මේ­න්තුවේ මන්ත්‍රී­වරු තනි පක්ෂ­යක් හැටි­යට 159ක් හිමි­විය.  මේ අනුව ජන­තා­වට පොරොන්දු වූ අයු­රින් කුඩා කැබි­නට් මණ්ඩ­ල‍යක් පත් කළ ජනා­ධි­ප­ති­ව­රයා රාජ්‍ය අමා­ත්‍ය­වරු වෙනු­වට නියෝජ්‍ය ඇමැ­ති­වරු ඉතාම අඩු සංඛ්‍යා­ව­කට සීමා කර මැති­ව­රණ දෙ‍කක­දීම ජාතික ජන බල­වේ­ගයේ ප්‍රති­පත්ති ප්‍රකා­ශ­නයේ සඳ­හන් කළ අයු­රින් කඩි­න­මින් ජනතා සේව­යට අව­තීර්ණ විය. විප­ක්ෂ­යට හිමි වූ මන්ත්‍රී­වරු 66 දෙනා සමඟ අන්ත පරා­ජ­ය­කට පත් වුණ බව දත් හිටපු මැති, ඇමැ­ති­වරු සෑහෙන පිරි­සක් මහ­ජ­නයා ඉදි­රි­යට යාමට නොහැකි නිසාම, එම පාර්ලි­මේන්තු මැති­ව­ර­ණ­යට ඉදි­රි­පත් නොවීය. මේ පිරිස පාර්ලි­මේන්තු මැති­ව­ර­ණ­යෙන් පසුව, ඉතාම නිහඬ පිළි­වෙ­තක් අනු­ග­ම­නය  කර­මින් සිට, නව ජනතා ආණ්ඩු­වට මාස 02ක් යාම­ටත් පෙර, එම ආණ්ඩුව දැඩි ලෙස විවේ­ච­නය කර­න්නට පට­න්ගත් අතර, ජන­තාව අපේක්ෂා කළ රටේ මුදල් කාබා­සි­නියා කළ පසු­ගිය පාල­නයේ දූෂි­ත­යන්ට එරෙ­හිව, මිනී­ම­රු­වන්ට එරෙ­හිව, හොරුන්ට එරෙ­හිව විම­ර්ශන කට­යුතු කඩි­න­මින් සිදු වන බව පෙනී යාමෙන්, ඉම­හත් කල­බ­ල­යට, බියට පත්ව ඔවුන්ගේ දැඩි විරෝ­ධය දක්ව­මින් අස­ත්‍යය කරුණු කාරණා විශාල ප්‍රමා­ණ­යක් දක්ව­න්නට විය. නමුත් මේ රටේ අනා­ග­තය ගැන සිතා පත්කර ගත් ජාතික ජන බල­වේ­ගයේ ආණ්ඩුව පිහි­ටු­වී­මට තම වටිනා ඡන්දය පාවිච්චි කළ ජන­තාව මේ දක්වාම ජාතික ජන බල­වේග ආණ්ඩුව සම­ඟම සිටීම මේ රටේ වාස­නා­වකි. නමුත් පරා­ජය වූ හිටපු දූෂිත මැති, ඇමැ­ති­වරු ඉතාම සුළු පිරි­සක් දැනට පාර්ලි‍මේ­න්තුවේ  සිටින මන්ත්‍රී­ව­රුන් දෙතුන් දෙනෙක් එක්ව මෙම නව රජය පෙරළා දම­න්නට හැකි යැයි මෝඩ බලා­පො­රො­ත්තු­වෙන් කට­යුතු කර­නවා දැකීම, විහිළු සහ­ග­තය. එම අය අතර විශේ­ෂ­යෙන් නාමල් රාජ­පක්ෂ, දිලිත් ජය­වීර, විමල් වීර­වංශ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, උදය ගම්ම­න්පිල, අනුර ප්‍රිය­ද­ර්ශන යාපා, සුසිල් ප්‍රේම­ජ­යන්ත, ඩී.වී.චානක වැනි අය නම් වශ­යෙන් සඳ­හන් කළ හැකිය.

නමුත් මේ අය මොන­ත­රම් කෑගැ­සු­වද, වැඩිම වුණොත් අප්‍රේල්, මැයි වන විට පළාත් පාලන මැති­ව­ර­ණ­ව­ලින් ද ජාතික ජන බල­වේ­ගය අති­වි­ශිෂ්ට වූ ජයක් ලබා­ගත් පසුව, මේ පිරිස අනි­වා­ර්ය­යෙන්ම නිහඬ වන අතර, සම­හ­රුන්ට “මහ­උළු ගෙදර”, ඉදිරි කාලය ගත කර­න්නට සිදු­වීම නොවැ­ළැ­ක්විය හැකිය. එය මේ රටේ බහු­තර ජන­තා­වගේ බලා­පො­රො­ත්තුව හා එකම අපේ­ක්ෂා­වයි.  ජාතික ජන බල­වේ­ගයේ පසු­ගිය මැති­ව­රණ ප්‍රකා­ශ­න­යෙන් පොරොන්දු දුන් ආකා­ර­යට දැනට දේශ­පා­ල­න­යෙන් විශ්‍රාම ගොස් මහ­ජන මුදල් කෝටි ගණ­නින් විය­දම් කර­මින්, අසා­ධා­රණ ලෙස සැප සම්පත් ලබන හිටපු ජනා­ධි­ප­ති­වරු, ජනා­ධි­ප­ති­ව­රි­යන් හා එම අයගේ අඹු­වන් හා දරු­වන් ද ඔවු­නට ලබා දී ඇති විශ්‍රාම වැටුප්, රජයේ නිවාස, වර­ප්‍ර­සාද සියල්ල අහෝසි කිරීම, කඩි­න­මින් සිදු කළ යුතු­මය.  ලක්ෂ දෙසිය විස්සක් වූ අප ජන­තාව මෙම පොරො­න්දුව ඉටු වනු දැකී­මට දෑස් දල්වා­ගෙන සිටියි.

දැනට සිදු වන මෙකී කති­කා­වන් නිසා මේ වන විට ගෝඨා­භය රාජ­පක්ෂ හිටපු ජනා­ධි­ප­ති­ව­රයා සහ හේමා ප්‍රේම­දාස ජනා­ධි­පති බිරිඳ තම රජයේ නිවාස භාරදී තිබීම අගය කළ යුතුය.  නමුත් මහින්ද රාජ­පක්ෂ, මෛත්‍රී­පාල සිරි­සේන හිටපු ජනා­ධි­ප­ති­වරු දෙදෙනා සහ චන්ද්‍රිකා බණ්ඩා­ර­නා­යක හිටපු ජනා­ධි­ප­ති­නිය මෙතෙක් එම නිවාස භාර දී නැත.

මාගේ මත­කයේ හැටි­යට පසු­ගිය මැති­ව­ර­ණ­ව­ලදී ජාතික ජන බල­වේ­ගයේ වේදි­කා­වල මෙම හිටපු ජනා­ධි­ප­ති­වරු හා ජනා­ධි­ප­ති­ව­රි‍යගේ වර­ප්‍ර­සාද අහෝසි කරන බව ප්‍රකාශ වෙද්දී හිටපු ජනා­ධි­පති චන්ද්‍රිකා බණ්ඩා­ර­නා­යක මාධ්‍ය­වේ­දි­ය­කුගේ ප්‍රශ්න­ය­කට පිළි­තුරු වශ­යෙන් කීවේ එම යෝජ­නාව ඉතාම හොඳ කාලෝ­චිත වැඩක් බවය.  එතු­මිය ඒ ප්‍රකා­ශය කරන අව­ධි­යේ­දීම රජයේ නිවාස භාර දී ඉවත් වූවා නම්, බණ්ඩා­ර­නා­යක නාම­යට ද ගෞර­ව­යකි.  නමුත් එතු­මිය ලක්ෂ විස්සක් ද, මහින්ද රාජ­පක්ෂ ලක්ෂ හත­ළිස් හයක් ද, මෛත්‍රී­පාල සිරි­සේන ලක්ෂ නව­යක් ද ජනතා බදු මුදල් වැය කර­මින්,  එකී නිවා­ස­වල රැඳී සිටීම හාස්‍ය­ජ­න­කය. හිටපු ජනා­ධි­පති වර­ප්‍ර­සාද පන­තක් නොප­මාව පාර්ලි­මේ­න්තු­වට ඉදි­රි­පත් කර නීත්‍ය­නු­කූ­ලව ඉවත් කරන තුරු බලා නොසිට, ඉව­ත්වු­ව­හොත් එම අයගේ සෞඛ්‍ය­යට ගුණ­දා­ය­කය.  ජනා­ධි­ප­ති­වරු, අග­මැ­ති­වරු, මැති ඇමැ­ති­වරු එන්නේ ස්වේච්ඡා­වෙන්  මේ රටේ ජන­තා­වට සේවය කිරී­මට මිස, මේ ආකා­ර­යට මහ­ජන මුද­ලින් ජීවත් වීමට නොවන බව, තේරුම් ගන්නට බැරි­වීම ඉතාම කන­ගා­ටු­දා­ය­කය.

1948 නිද­හස ලැබූ­වා­යින් පසුව, අප රටේ බිහි වූ ඩී.එස්.සේනා­නා­යක, ඩඩ්ලි සේනා­නා­යක, සර් ජෝන් කොත­ලා­වල, එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩා­ර­නා­යක, විජ­යා­නන්ද දහ­නා­යක, සිරි­මාවෝ බණ්ඩා­ර­නා­යක, ජේ.ආර්. ජය­ව­ර්ධන, ආර්.ප්‍රේම­දාස, ඩී.බී. විජේ­තුංග වැනි ගෞර­ව­නීය නායක, නායි­කා­වන් ගැන­වත් සිතා බලා ඒ අනුව, හිටපු අග­මැති ජනා­ධි­ප­ති­වරු හා ජනා­ධි­ප­ති­ව­රි­යන් ද ආද­ර්ශ­යට ගෙන මහින්ද, චන්ද්‍රිකා, මෛත්‍රී­පාල තමන් දැනට ලබන වර­ප්‍ර­සාද අත්හැර, දැනට ඔවුන් පදිං­චිව සිටින රජයේ නිවා­ස­ව­ලින් ඉව­ත්වීම හැර වෙනත් වික­ල්ප­යක් මේ අයට නොමැත. එසේ කළොත්, අප රට වැටී ඇති ආර්ථික අර්බු­ද­යට ද සෑහෙන පිළි­ය­මක් වනු ඇත.  එසේ නොව­න්නට මේ රටේ බහු­තර ජන­තා­වගේ සාපය ඔවුන් කරා එනු ඇත.

ඩී.කුරුප්පු

ශ්‍රී ජය­ව­ර්ධ­න­පුර


ඇල්පි­ටිය කොළඹ සාමාන්‍ය බස් හිඟ­යක්

ඇල්පි­ටිය සිට කොළඹ දක්වා මාර්ග අංක 401 සාමාන්‍ය බස් රථ ප්‍රමා­ණ­වත් ලෙස නොමැති නිසා මගීහු අප­හ­සු­තා­ව­යට පත් වෙති. සුඛෝ­ප­භෝගී බස් රථ පම­ණක් වෙලා­වට තිබු­ණද  සමාන්‍ය  බස් රථ නොමැති නිසා ඔවුහු දැඩි ලෙස දුෂ්ක­ර­තා­ව­යට පත් වෙති. සම­හර වෙලා­වට 12.30ට ගමන් ආරම්භ කිරී­මට නිය­මිත ලංගම බස් රථය රියැ­දුරු මහතා බස් රථයේ රැගෙන යෑමට නොපැ­මි­ණෙයි. මෙය මගීන්ට විශාල ලෙස පාඩු­වකි, අප­හ­සු­තා­ව­යකි. දකුණු පළාත්  මගී ප්‍රවා­හන බල­ධා­රීන්ගේ අව­ධා­නය මේ ගැන යොමු විය යුතුය.

ඩී. එම්. ලක්ෂාන්

ඇල්පිටිය


පහ­සු­කම් වෙනු­වට අප­හ­සු­කම් ගොඩ­ගැ­සුණ රංගල වතු නග­රය

තෙල්දෙ­ණිය මැති­ව­රණ කොට්ඨා­සයේ පිහිටි එකම වතු නග­රය වන රංගල වතු නග­රය දිගු කාල­යක සිට දැවෙන අඩු­පාඩු රැස­කින් පිරී පව­තින පැරණි වතු නග­ර­යක් බව නගර වැසියෝ හා වතු ජන­තාව මෙන්ම වතු වෘත්තීය සමිති නියෝ­ජි­තයෝ ද පව­සති. මෙම වතු නග­රය බ්‍රිතන්‍ය පාලන සම­යේදී  වතු ජන­තා­වට අත්‍ය­වශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදා­දීම සඳහා කුඩා පෙට්ටි කඩ කිහි­ප­ය­කින් ආරම්භ වූ කුඩා පටු වතු නග­ර­යක් විය.

එදා පටන් මෙම වතු නග­රය වටා වතු ජන­තාව හා ඒ අවට පිහිටි පාර­ම්ප­රික ගම්මා­න­වල ජන­තාව තමන්ට එදි­නෙදා අත්‍ය­වශ්‍ය ආහාර ද්‍රව්‍ය එළ­වළු, පල­තුරු වැනි දෑ මිලදී ගැනීම සඳහා මෙම නග­ර­යට ඒක­රාශී විය. එතැන් පටන් මෙම වතු නග­ර‍ෙය් කෙමෙන් කෙමෙන් කඩ ඉදි­වෙ­මින් මේ වන විට කඩ සාප්පු සිය­ය­කට ආස­න්නව ඇති නග­ර­යක් බවට පත්ව ඇත.

මෙම නග­ර­යට විශාල ජන­තා­වක් එදි­නෙදා අත්‍ය­වශ්‍ය දෑ මිලදී ගැනී­මට  පැමි­ණෙති. මෙම නග­ර­යට පැමිණ බස් රථ­ව­ලින් දුර බැහැර පළා­ත්ව­ලට යාමට ද  වතු  ජන­තාව හා අවට ගම්මා­න­වල ජන­තාව දින­පතා පැමි­ණෙති.

මෙම වතු නග­රය කුඩා පටු නග­ර­යක් වුවත්, දින­කට දෙද­හ­සක් පමණ වතු ජන­තා­වක් හා අවට පැරණි ගම්මා­න­වල ජන­තාව පැමි­ණෙන නග­ර­යකි. එහෙත් මෙම වතු නග­රයේ වැසි­කිළි කැසි­කිළි පහ­සු­කම්  නොමැත. තෙල්දෙ­ණිය නග­රයේ සිට මෙම නග­ර­යට විවිධ පළා­ත්ව­ලට ධාව­නය වන බස් රථ විශාල  සංඛ්‍යා­වක් පැමි­ණි­යත් මෙම වතු නග­රයේ බස් රථ නැව­තු­ම්ප­ළක් හෝ බස් රථ නවතා තැබී­මට සුදුසු ස්ථාන­යක් නොමැත. බස් රථ­යක් හැර­වී­මට ස්ථාන­යක්  නොමැත. නග­රයේ  ත්‍රීවීල් රථ විශාල ප්‍රමා­ණ­යක් තිබු­ණත් එවා නැවැ­ත්වී­මට සුදුසු  ස්ථාන­යක් නොමැත. මෙම නග­රය හරහා දෙස් විදෙස්  සංචා­රක පිරිස් දින­පතා නක්ලස් රක්ෂි­තය නැර­ඹී­මට හා පුංචි නුව­ර­එ­ළිය නග­රයේ (තංග­ප්පුව) විසි­තුරු බැලී­මට ගියත්  මෙම නග­රයේ පහ­සු­කම් නොමැති නිසා සංචා­රක පිරිස් මෙම නග­රය අම­තක කර  පිට පාරෙන් ගමන් කරන බව නග­ර­වා­සීහු  හා වතු වෘත්තීය සමිති නියෝ­ජි­තයෝ පව­සති.

රංගල වතු නග­රයේ තිබුණ දැවැන්ත රංගල තැපැ­ල්හල  එව­කට ගිනි තබා විනාශ කර  ඇතත් එය තවම  යථා තත්ත්ව­යට පත්කර නැතැයි වතු වෘත්තීය සමිති  නියෝ­ජි­තයෝ හා රංගල නග­රයේ වෙළෙඳ සංගම් නියෝ­ජි­තයෝ පව­සති.

රංගල වතු වෘත්තීය සමිති නියෝ­ජිත කේ.එස්. මාද­වන් මහතා මෙසේ පැව­සීය.

මෙම වතු නග­ර­යට දින­පතා අති­වි­ශාල ජන­තා­වක් පැමි­ණෙ­නවා. එහෙත් නග­ර­යට එන මහ­ජ­න­තා­වට පොදු පහ­සු­කම් නැහැ.

වැසි­කි­ළි­යක්, කැසි­කි­ළි­යක් නැහැ. බස් රථ නැව­තු­ම්ප­ළක් නැහැ. සනී­පා­ර­ක්ෂක කට­යුතු දුර්ව­ලයි. රංගල වතු නග­ර­යට ආස­න්නව තිබෙන බ්‍රිතන්‍ය පාලන සම­යේදී ආරම්භ කළ රංගල තැපැ­ල්හල තව­මත් නිසි පරිදි  සකස්  කරලා නැහැ. එහි කාර්ය මණ්ඩ­ලයේ විශාල පිරි­සක් සේවය කර­නවා. එහි පහ­සු­කම් නැහැ. අවට වතු තිබෙන රාජ්‍ය වතු­ව­ලින්  ඉඩම් කොට­සක් ලබා ගෙන මෙම පැරණි රංගල වතු නග­රය සංව­ර්ධ­නය කළ යුතුයි.”

  කේ. විජේ­සිරි නිශ්ශංක

 කර­ල්ලි­යැද්ද


දිය­ව­න්නා­වට ඉල්ලී­මක්

දැනට අපේ ලංකාවේ පව­තින්නේ රටේ මහ­ජ­න­තා­ව­ගෙන් තුනෙන් දෙක­කට වඩා ඡන්දය ලබා ගත් ආණ්ඩු­වකි. මේ පත්වූ මන්ත්‍රීන් 159 ම ජන­ප­තිගේ අණ­ස­කට යටත් වැද­ගත්, උගත්, නම්බු­කාර, කාර්ය­ශූර රටට ආද­රය කරන පිරි­සක් බව අපි පිළි­ග­නිමු. එය පාර්ලි­මේ­න්තු­වක අව­ශ්‍ය­තා­ව­යකි. දැනට විප­ක්ෂයේ පක්ෂ කිහි­පය තුළ සිටින අය­ගෙන් ටික දෙනෙක් හැර වැඩි දෙනෙක් වැද­ගත්, උගත්, නම්බු­කාර, කාර්ය­ශූර රටට ආද­රය කරන පිරි­සක් ලෙස මා සිතන්නේ ඉස්සර කාලයේ මෙන් අශිෂ්ට වචන භාවිත කරන, ගිරිය පුප්පා­ගෙන කෑග­සන, ගහ­මරා ගන්නා අය ඉතා­මත් අඩු හෙයිනි. පාර්ලි­මේ­න්තුව තිබෙන්නේ එකි­නෙ­කාගේ අඩු­පාඩු, පාවිච්චි කරන වාහ­නය, පවු­ල්වල තොර­තුරු, කාපු හැටි, අත හෝදපු හැටි, අඳින හැටි ආදී පෞද්ග­ලික දේවල් කතා කිරී­මට නොවන බව මෙම මන්ත්‍රී­තු­මන්ලා නිත­රම මතක තබා­ගත යුතුය. පාර්ලි­මේ­න්තුවේ කතා කරන විට සුහද සාකච්ඡා මිස ගහ බැණ ගැනීම් කිසි­සේත්ම අවශ්‍ය නැත. අපට අවශ්‍ය වන්නේ සාමූ­හි­කව රජය සහ විප­ක්ෂය එක්ව සුහ­දව දියුණු රට­වල මෙන් රට නඟා සිටු­වී­මට අවශ්‍ය යෝජ­නා­ව­ලට සහාය දෙමින් වෙනත් සුදුසු යෝජනා ඉදි­රි­පත් කර­මින් රටේ සංව­ර්ධ­නය සඳහා සෑම දෙනාම ක්‍රියා­ත්මක වීමයි.

විප­ක්ෂයේ අයට අව­ශ්‍යම නම් ඉදිරි අවු­රුදු පහෙන් තුන­ක්වත් රජය සමඟ එක්ව වැඩ කර එයින් යහ­ප­තක් නොවන්නේ නම්, ඉන් පසුව රජ­යට විරු­ද්ධව කතා කිරීම වර­දක් නැත. මුහුදු පත්ලේ සැඟව ඇති දෙයක් මෙන් සෑම අතින්ම කඩා­වැටී ඇති අපේ ආර්ථි­කය මේ දවස් 100කටත් අඩු කාලෙ­කින් ගොඩ­ගත නොහැ­කිය. එනිසා මා කරු­ණා­වෙන් ආයා­චනා කරන්නේ අඩුම වශ­යෙන් කකු­ලෙන් නොඇද රජයේ ප්‍රධාන යෝජනා වන දුප්ප­ත්කම නැති කිරීම, ආර්ථි­කය ගොඩ­නැ­ඟීම, කෘෂි­ක­ර්මය දියුණු කිරීම වැනි වැද­ගත් යෝජනා ක්‍රියා­ත්මක කිරී­මට හැකි­තාක් උදවු කරන ලෙසයි.

ජාති, ආගම්, පක්ෂ භේද­ය­කින් තොරව ත්‍රිවිධ හමු­දාව, පොලී­සිය ඇතුළු සිය­ලුම රාජ්‍ය සේව­ක­යින්, සිය­ලුම ජන­මාධ්‍ය සහ සිය­ලුම ජන­තාව මේ අපේ පුංචි වටිනා රට ගොඩ­ගැ­නී­මට හැකි සෑම උප­කා­ර­යක්ම රජ­යට කළ යුතුය. අඩු­පාඩු සිදු වුවත් ඒවා විඳ­ගෙන රජ­යට දොස් නොකියා ඔබ සැමගේ සහාය ලබාදී අපේ රට බේරා ගන්නට එකතු වන්න. අව­සාන වශ­යෙන් ලංකාවේ සිය­ලුම ජන­තා­ව­ගෙන් ඉල්ලා සිටින්නේ ඔබ ගන්නා වැටු­පට, වර­ප්‍ර­සා­ද­ව­ලට සමා­න­ව­වත් රජය සමඟ එක්ව වැඩ කරන්න. ඔවුන්ගේ වැරදි සෙවී­මෙන් රටට කිසිම දියු­ණු­වක් වන්නේ නැත. හොඳක් වන්නේ ඔබත් වැඩ කළොත් පමණි. ඔවුන්ගේ වැරදි සුහ­දව පෙන්වා දී ඔවුන් සමඟ එක්ව අපේ රට ලස්සන, ආද­ර්ශ­වත් රටක් කිරී­මට සහ­යෝ­ගය දිය යුතුය.

ශ්‍රී ලංකා මාතාව ලෝකයේ දිදු­ලන සශ්‍රීක, යහ­පත් ප්‍රීති­මත් ජන­තා­වක් වෙසෙන රටක් වේවායි මා ප්‍රර්ථනා කරමි.

එන්. රාම­නා­යක

 රත්ම­ලාන.


දින දින කල් යන අපේක්ෂාව

මහ­ර­ගම  අපේක්ෂා  රෝහලේ  පසු­ගිය මාස­වල සැත්කම් කළ රෝගීන්ගේ ඇතැම්  වෛද්‍ය වාර්තා  තව­මත් ලැබී නැත. වෛද්‍ය වාර්තා ලබා ගැනීම සඳහා දුර­බැ­හැර ප්‍රදේ­ශ­වල රෝගීහු දින දෙක තුන  පැමි­ණීම නිසා දැඩි අප­හ­සු­තා­වට පත් වෙති.

ලලිත් රන්දෙණිය

 

 

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT