Tuesday, March 25, 2025
Home » ” ඩා බිඳු” වැඩබිමේ ජනහඬ

” ඩා බිඳු” වැඩබිමේ ජනහඬ

by Gayan Abeykoon
March 19, 2025 4:01 pm 0 comment

වෘත්තීය සමිති පිළි­බඳ හඳු­න්වා­දී­මක්

වෘත්තීය සමිති යනු මොන­වාද, ඒවායේ වග­කීම කුමක්ද, වෘත්තීය සමිති සහ සේවක සබ­ඳතා ගොඩ­න­ඟා­ගන්නේ කෙසේද යන්න පිළි­බ­ඳව අන්තර් සමාගම් සේවක සංගමයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ල???? ේකම් හෙට්ටි­ආ­ර­ච්චිගේ පිය­සේන මහතා සමඟ සිදු­කළ සාක­ච්ඡා­වක් ඇසු­රින් මෙම ලිපිය සැක­සුණි.

රටෙහි මූලික ව්‍යව­ස්ථා­වට අනුව වැඩ කරන ජන­තා­වගේ අයි­ති­වා­සි­කම් ආරක්ෂා කිරී­මට වෘත්තීය සමිති සංග­මය පිහි­ටුවා ඇත. එහිදී ඕනෑම සේව­ක­ය­කුට තමාගේ වෘත්තී­මය අයි­තිය සුරැ­කී­මට වෘත්තීය සමිති සඳහා බැඳීමේ අයි­තිය ඇත.එලෙ­සම ජාත්‍ය­න්තර නීතිය තුළ ද මෙම කම්කරු නීතිය ස්ථාපිත කර ඇත. එහිදී සේවක අයි­තිය සුරැ­කී­මට වෘත්තීය සමි­ති­ය­කට බැඳී­මට ඇති අයි­තිය ජාත්‍ය­න්තර මට්ට­මින් ද තහ­වුරු වී ඇති බව පැහැ­දි­ලිය. මෙලෙස ලංකාව තුළ මෙන්ම ලෝකය තුළ ද වෘත්තීය සමිති පිළි­ගැ­නී­මට ලක්වේ. ලංකාව තුළ වෘත්තීය සමිති ආඥා පනත ආදී ලෙස මේ සම්බන්ධ බොහෝ අණ­ප­නත් පව­තියි. එලෙ­සම වෘත්තීය සමි­ති­යක් ගොඩ­නැ­ඟීමේ දී ව්‍යව­ස්ථා­වක්, නිල­ධාරි මණ්ඩ­ල­යක්, ප්‍රති­ප­ත්ති­යක් සේම එම­ඟින් සිදු­වන කාර්ය­භා­රය පිළි­බ­ඳව ද කම්කරු දෙපා­ර්ත­මේ­න්තු­වට හෙවත් කම්කරු අමා­ත්‍යාං­ශ­යට දැනුම් දිය යුතුය. එලෙ­සම කම්කරු දෙපා­ර්ත­මේ­න්තුව තුළ ලියා­ප­දිංචි වී ලියා­ප­දිංචි අංක­යක් ලබා­ගත යුතුය. එයට හේතුව වන්නේ වෘත්තීය සමිති සම්බ­න්ධ­යෙන් මූලික වග­කීම ඇත්තේ කම්කරු දෙපා­ර්ත­මේ­න්තු­වට නිසාය. මේ ආකා­ර­යෙන් ලංකාවේ දැනට වැඩ කරන ජන­තාව වෙනු­වෙන් වෘත්තීය සමිති 7000කට වැඩි සංඛ්‍යා­වක් ලියා­ප­දිංචි කර ඇත. මෙලෙස ලංකාව තුළ වෘත්තීය සමිති ආර­ම්භ­වී­මට ප්‍රධාන හේතුව වන්නේ වැඩ කරන ජන­තා­වගේ  අයි­ති­වා­සි­කම් සුරැ­කීම අවම වීම නිසාය. එලෙස පිහි­ටවූ ලංකාවේ ප්‍රථම වෘත්තීය සමි­තිය  1935 වර්ෂයේ ආරම්භ කරන ලදී. නමුත් මෙය ආරම්භ කරන ලද්දේ වැඩ කරන ජන­තාව නොව හාම්පු­තුන් විසින්ය. වෘත්තීය සමිති වූ කලී සුග­ත­ශී­ලීය. එනම් ඕනෑම දෙයක් සිදු­කි­රී­මට හැකිය. එහිදී පව­තින රජ­යක් පව­ත්වා­ගෙන යෑමට මෙන්ම බිද දැමී­මට ද මෙම වෘත්තීය සමිති  මඟින් හැකි­යාව ඇත. එලෙ­සම වෘත්තීය සමිති නොස­ලකා හැරී­ම­කට ද කිසිදු රජ­ය­කට හැකි­යා­වක් නොමැත. මේ ආකා­ර­යෙන් වෘත්තීය සමිති මඟින් ප්‍රධා­නව සමා­ජය ආර­ක්‍ෂාවේ. එලෙ­සම වෘත්තීය සමිති හොඳ පැති­ක­ඩ­කට ගමන් කළ­හොත් රටේ නිෂ්පා­දන ආර්ථි­කය ද වැඩි­දි­යුණු කර­ගැ­නී­මට හැකි­යාව ඇත.

නිසං­සලා 
කොට්ට­ග­ස්වත්ත


වැටුප් විෂ­මතා විස­ඳන්න

ජ්‍යෙෂ්ඨ අධ්‍යා­පන විද්ව­තුන්ගේ සංග­ම‍ෙය් ඉල්ලී­මක්

යල්පැ­න­ගිය පැරණි දේශ­පා­ල­නය නිමා කොට නව පර­පු­රක, නව මාව­ත­කට ගෙන­යන ජාතික ජන­බ­ල­වේ­ගය මඟින් සිය වැටුප් විෂ­ම­තා­වන් නිවැ­රැදි කරනු ඇතැයි තමන් බලා­පො­රොත්තු වන බව ජ්‍යෙෂ්ඨ අධ්‍යා­පන විද්ව­තුන්ගේ සංග­මය පව­සයි.

1977න් පසු පත්වුණු සෑම ආණ්ඩු­ව­ක­දීම සිය ගැටලු ඉදි­රි­පත් කළත් ඒ කිසිදු අව­ස්ථා­ව­කදී සිය වැටුප් විෂ­ම­තා­වන්ට කිසිදු සාධා­ර­ණ­යක් ඉටු නොකළ බැවින් ජාතික ජන බල­වේ­ගයේ පිහිට පැතූ බවත් එම ප්‍රති­පත්ති ප්‍රකා­ශය හා අධ්‍යා­පන උප ග්‍රන්ථ­යක් අධ්‍ය­යන කිරී­මේදී වැටුප් විෂ­මතා හොඳින් හඳු­නා­ගෙන, ඒවාට විස­ඳුම් ලබා­දී­මට සපථ කළ බවත් එම සංග­මය පව­සයි.

ඒ අනුව ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදී මෙන්ම මහ­මැ­ති­ව­ර­ණ­යේදී සිය සාමා­ජි­ක­යන් ප්‍රාදේ­ශීය සංවි­ධා­යක තන­තුරු දර­මින් ජාතික ජන බල­වේ­ග‍ෙය් ජය­ග්‍ර­හ­ණය උදෙසා විශාල කාර්ය­භා­ර­යක් කළේ යැයි ද එම සංග­මය දැනුම් දෙයි.

1977දී මහ­මැ­ති­ව­ර­ණ­යෙන් ආරම්භ කර, ආණ්ඩු මාරු­වත් සමඟ විවිධ වූ තාඩන පීඩ­න­ව­ලට මුහු­ණ­දෙ­මින් ආ ගම­නේදී 1994 පැවති ආණ්ඩුව පත් කරනු ලැබූ කොමි­ෂන් සභාව සිය ගැටලු සාධා­ර­ණව සොයා බලා, තන­තුරු නිර්දේශ කළ බවත් එහි ප්‍රති­ඵ­ල­යක් ලෙස කොට­ස­කට පම­ණක් සාධා­ර­ණය ඉටු කළ බවත් එම සංග­මය පව­සයි.

ඒ අනුව අත­පසු වූ අනෙක් පිරිස අධි­ක­රණ ක්‍රියා­මාර්ග ගත් අතර, එහිදී ලද අධි­ක­රණ තීන්දුව එව­කට සිටි අධ්‍යා­පන අමා­ත්‍යාං­ශය ක්‍රියා­ත්මක නොකළ බවත් එම අධ්‍යා­පන ඇමැ­ති­ව­රයා කැබි­නට් පත්‍රි­කා­වක් ඉදි­රි­පත් කර­මින් සාධා­ර­ණය ඉටු කරන්නේ යැයි තමන් රැවැටූ බවත් එම සංග­මය චෝදනා කරයි.

2001දී අධ්‍යා­පන ඇමැ­ති­ව­රයා වෙත ද ඉල්ලීම් කළ බවත් එදා සිට මෙතෙක් පත්වූ සෑම අධ්‍යා­පන ඇමැ­ති­ව­ර­යෙක්ම තමන්ව මුළා­වට පත්කි­රීම හැර සිය ඉල්ලී­ම්ව­ලට කිසිදු සාධා­ර­ණ­යක් ඉටු කර නොමැති බවත් එම සංග­මය පව­සයි.

ඉරෝෂා දීපානි


පැල්වත්ත සමා­ග­ම­ටත් අන්තර් සමා­ගම් සේවක සමි­ති­යක්

වසර ගණ­නා­වක් තිස්සේ කළ අඛණ්ඩ අර­ග­ල­යක් තුළ පැල්වත්ත කිරි සමා­ගම තුළ අන්තර් සමා­ගම් සේවක සංග­මය වෘත්තිය සමි­තිය පිහි­ටු­වන ලැබිණි. එහි ජය­ග්‍රාහී මංගල මහ සභාව ඉකුත් පෙබ­ර­වාරි 27 දින පැවැ­ත්විණ. ඒ සඳහා අන්තර් සමා­ගම් සේවක සංග­මයේ ප්‍රධාන ලේකම් නීතිඥ ජානක අධි­කාරි, උප­ස­භා­පති කණිෂ්ක නිරෝ­ෂන් යන මහ­ත්වරු එක්වූහ.


වතු සටනේ පළමු බිල්ල ගෝවි­න්දන්

1940 ජන­වාරි 12 වැනිදා වතු කම්ක­රු­වකු බිලි ගත් මුල්ඔය වතු කම්කරු සටන ද මෙරට කම්කරු සටන් ඉති­හා­සයේ තේ දල්ලේ ලේ ගෑවුණු සට­නකි. හේවා­හැට ආස­න­යට අයත් මුල්ඔය වත්තේ කම්ක­රුවෝ 1940 ජන­වාරි මස 01 වැනිදා වැඩ­ව­ර්ජ­න­යක් ආරම්භ කළහ. මෙම වර්ජ­න­යට නාය­ක­ත්වය දුන්නේ සම­ස­මාජ පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ­යකු වූ ආචාර්ය කෝල්වින් ආර්.ද. සිල්වා මහතා සභා­ප­තී­ත්වය දැරූ සමස්ත ලංකා වතු කම්කරු සංග­ම­යයි. මුල්ඔය වත්තේ මුළු කම්ක­රු­වන් 200න් 800ක්ම කොල්වින්ගේ සංග­මයේ සාමා­ජි­කයෝ වූහ. වත්තේ සේවක ප්‍රජාව අතර ජන­ප‍්‍රිය පුද්ග­ල­යකු හා ගුරු­ව­ර­යකු වූ ජෙග­නා­දන් නමැත්තා අසා­ධා­රණ ලෙස ස්ථාන මාරු කිරී­මට එරෙ­හිව ආරම්භ කළ වර්ජ­නය උග්‍රවී­මත් සමඟ මර්ද­නය නැඟී ආවේය. වතු කම්කරු නාය­ක­යකු වන වේළු­සාමි නමැත්තා අත්අ­ඩං­ගු­වට ගෙන සිර­ගත කෙරිණි. දිනෙන් දින තත්ත්වය උග්‍ර­වෙද්දී කම්ක­රු­වන්ගේ ඉව­සීම ඉක්මවා ගියේය. බ්‍රිතාන්‍ය පාලක පක්‍ෂය ඔවු­නට නයාට අඳු­කොළ මෙන් විය. මුල්ඔය සටන අනෙක් වතු­ව­ල­ටත් පැති­රෙනු ඇතැයි බියවූ සුද්දෝ, තත්ත්වය පාල­නය කිරී­මට කම්ක­රු­වන්ට වෙඩි තබ­න්නට පොලී­සි­යට අණ කළෝය.

මුල්ඔය වැඩ වර්ජිත කම්ක­රු­වන් කර්මාන්ත ශාලාව අස­ලට රැස්වී සටන් පාඨ කිය­මින් මාර්ගය දිගේ ඉදි­රි­යට ගමන් කරද්දි, එල්ල කරන ලද පොලිස් වෙඩි පහ­රින් ගෝවි­න්දන්ට සිය ජිවි­තය අහිමි විය. කම්කරු සට­නක දී පොලිස් වෙඩි පහ­රින් ඝාත­න­යට ලක්වූ ශ්‍රී ලංකා කම්කරු සටන් ඉති­හා­සයේ ප්‍රථම වතු කම්ක­රුවා වන්නේ ගෝවි­න්දන් ය.

ගෝවි­න්දන්ගේ මර­ණ­යත් සමඟ මහා විය­වු­ලක් හට­ගැ­නිණ. අව­සා­නයේ බ්‍රිතාන්‍ය ආණ්ඩු­කා­ර­ව­ර­යාට ගෝවි­න්දන්ගේ මර­ණය ගැන සොයා බල­න්නට රාජ­කීය කොමි­ස­මක් පත්ක­ර­න්නට ද සිදු­විය. මෙම මුල්ඔය රාජ­කීය කොමි­සම දීර්ඝ කාල­යක් මහ­නු­ව­රදී සිද්ධිය ගැන සාක්ෂි විම­සීය. ආචාර්ය කොල්වින් දින 27ක් කම්ක­රු­වන් වෙනු­වෙන් කොමි­සම හමුවේ කරුණු දැක්වීය. මේ නිසා ජාතික දේශ­පා­ල­නයේ මහා සසල වීමක් ද වාර්තා විය. ඒ අනුව මෙම අර්බු­දය ගැන රාජ්‍ය මන්ත්‍රණ සභාවේ හට­ගත් මත ­ගැ­ටුම් ආණ්ඩු­කා­ර­ව­රයා සමඟ හට­ගත් අර්බු­ද­යක් බවට පත්වී, පැවති ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩ­ල­යම එක­වර ඉල්ලා අස්විය. එහිදී හට­ගත් රාජ්‍ය­තාන්ත්‍රික අවුල සම­ථ­ය­කට පත්ක­ර­න්නට ආණ්ඩු­කා­ර­ව­ර­යාට මහත් වෙහෙ­සක් දර­න්නට සිදු­විය. ගෝවි­න්දන්ගේ මර­ණය විසින් තත්ත්වය තව­දු­ර­ටත් බැරෑ­රුම් කළේය. එව­කට රාජ්‍ය මන්ත්‍රණ සභාවේ ස්වදේශ කට­යුතු භාර ඇමැ­ති­ව­රයා වූ සර් ඩී.බී. ජය­ති­ලක සිය අමා­ත්‍යාංශ කමි­ටුව හරහා මුල්ඔය වෙඩි තැබීම ගැන විභා­ග­යක් පව­ත්ව­න්නට තීර­ණය කළේ ඒ නිසා ය. එහිදී පොලී­සිය කරුණු දක්ව­මින් කියා සිටියේ ගෝවි­න්දන් විසින් කම්ක­රු­වන් සිර­කොට තබා­ගෙන ගැටුම් ඇති කිරී­මට කට­යුතු කළ බව ය. ඔහු ආයුධ රැගත් කම්කරු කණ්ඩා­යමේ නාය­ක­යකු බව අභූත චෝද­නා­වක් කර­න්නට ද පොලී­සිය අම­තක නොක­ළේය.

1940 වසරේ මුල් භාගය පුරාම මුල්ඔ­යෙන් ඇරඹි වතු කම්කරු වර්ජන රැල්ල මධ්‍යම හා ඌව පළාත් වතු කරා ද පැතිර යන්නට වූයේය. එස්.කේ. නඩේ­සෙ­අ­යි­යර්ගේ සමස්ත ලංකා ඉන්දීය කම්කරු සම්මේ­ල­න­යත්, ලංකා සම­ස­මාජ පක්ෂයේ සමස්ත ලංකා වතු කම්කරු සංග­ම­යත් මේ වතු කම්කරු අර­ග­ල­යන්ට නාය­ක­ත්වය ලබා දුන්හ. සම­ස­මාජ නාය­ක­යන් වඩාත් සට­න්කාමි බවක් පෙන්ව­මින් කට­යුතු කර­න්නට ද විය.

ගෝවි­න්දන්ගේ ජීවිත පූජාව නිසා වතු කම්ක­රු­වන්ට ජයග්‍රහණ ගණ­නා­වක් හිමි­විය. ඉන් පළ­මු­වැන්න ශත 40ක් වූ වතු කම්ක­රු­වන්ගේ දෛනික වැටුප ශත 56 දක්වා ශත 16 කින් ඉහළ දැමී­මයි. ඊට අම­ත­රව වතු­වල වෘත්තීය සංග­ම්ව­ලට ඉහළ පිළි­ගැ­නී­මක් ද ලැබිණි. ගෝවි­න්දන්ගේ මර­ණය ගැන හොය­න්නට පත්කළ කොමි­සම මඟින් මර­ණය අසා­ධා­රණ යැයි තීන්දු කළේය. එහෙත් වෙඩි තැබීම ක්‍ෂණික තීර­ණ­යක වර­දක් නිසා වූ බව ද නිග­ම­නය කෙරිණි. කෙසේ වුවද, මුල්ඔය වත්තේ මහ සටන හා මෙරට කම්කරු සටන් ඉති­හාස පොතේ ගෞර­ව­නීය පරි­ච්ඡේ­ද­යක් සට­හන් විය. එදා ඒ මහ සටන පැවති මුල්ඔය වත්ත අද ඉතා සාම­කාමී සන්සුන්, සුන්දර වතු­යා­යකි. අද වන­ විට එහි කම්කරු සට­නේදී දිවි පිදූ ගෝවි­න්දන් සිහි­වීම පිණිස කුඩා ස්මාර­ක­යක් තනා තිබේ. එය වතු කම්කරු සටන් ඉති­හා­ස­යක මත­කය යළි යළිත් අවදි කරන සංකේ­ත­යක් බඳුය.

එම්. තාරික්


ධීවර ප්‍රජාව නංවන්න නව වැඩ­පි­ළි­වෙ­ළක් ඕනෑ

ධීවර ජාතික වෘත්තීය සමි­ති­යෙන් ඉල්ලී­මක්

ධීවර ජන­තාව රටේ සංව­ර්ධ­නය සඳහා දායක වන තවත් වෘත්තීය සම්ප­තකි. රට වටේ ඇති මහා සාග­රයේ ඵල තව­මත් නෙළා­ගෙන නැති බව නොර­හ­සකි. ධීවර ප්‍රජාව වෙනු­වෙන් ස්ථාපිත මීග­මුව ප්‍රධාන සංධි­ස්ථා­න­යක් කර­ගත් ජාතික ධීවර වෘත්තීය සමි­තියේ කැඳ­වු­ම්කරු හේවන් කුමාර එම සංග­මය පිළි­බඳ දැක්වූ අද­හස් ඇසු­රිනි.ධීවර අයි­ති­වා­සි­කම් පිළි­බඳ පෙනී සිටී­මට වෘත්තීය සංග­ම­යක් නොමැ­ති­වීම විශාල අඩු­පා­ඩු­වක් ලෙසින් අපි හඳු­නා­ගත්තා. මේ නිසා ධීව­ර­ය­න්ගේත් සහ­යෝ­ගය ඇතිව 2009 වස­රේදී පමණ ජාතික ධීවර වෘත්තීය සංග­මය පිහි­ටු­වූවා.

දිස්ත්‍රික් සහ පළාත් මට්ට­මින් ධීවර ඒකක ස්ථාපිත කර, ඒ හරහා ධීවර ප්‍රජා­වගේ අයි­ති­වා­සි­කම් වෙනු­වෙන් ක්‍රියා­ත්මක විය හැකි ක්‍රම­යක් ස්ථාපිත කළා. ඒ අනුව ගාල්ල, ත්‍රිකු­ණා­ම­ලය, මඩ­ක­ල­පුව, අම්පාර (පොතු­විල්), මීග­මුව, පුත්ත­ලම සහ උතුරේ දිස්ත්‍රික්ක හත­රක් වන මන්නා­රම, කිළි­නො­ච්චිය, යාප­නය සහ මුලි­තිව් එකතු කර උතුරු පළා­ත­ටත්, මඩ­ක­ල­පුව, අම්පාර සහ ත්‍රිකු­ණා­ම­ලය එක්කර නැඟෙ­න­හිර පළා­ත­ටත්, මාතර සහ ගාල්ල එක්කර දකුණු පළාත්, මීග­මුව සහ පුත්ත­ලම එකතු කර වයඹ පළා­තට වශ­යෙ­නුත් ඒකා­බද්ධ කර ජාතික මට්ට­මින් ක්‍රියා­ත්මක වන ජාතික ධීවර සංග­මය පිහි­ටුවා තිබෙ­නවා.

සංග­මය පිහි­ටු­වීම සඳහා ධීව­ර­යන්ගේ වෘත්තීය අයි­ති­වා­සි­කම් වෙනු­වෙන් ධීවර නාය­ක­ත්වය බිහි­කි­රීම ප්‍රධාන අර­මුණ වුණා. එහිදී ධීව­ර­යන්ගේ අයි­ති­වා­සි­කම් ගොඩ­නැ­ඟීම සඳහා වන ජාතික ධීවර ප්‍රති­ප­ත්ති­යක් හරහා ක්‍රියා­ත්මක වීමට රජය යොමු­ක­ර­වීම සහ ඒ වෙනු­වෙන් රජ­යන්ට බල­පෑම් කිරීම, ධීවර කම්කරු සහ ධීවර කාන්තා­වගේ ලෙස කම්ක­රු­වන්ගේ නාය­ක­ත්වය ගොඩ­නැ­ඟීම මූලික අර­මුණු වෙනවා.

ධීවර ජන­තාව‌ගේ වෘත්තීය අයි­ති­වා­සි­කම් සහ ධීවර ජන­තා­වගේ ජීව­ත්වීමේ අයි­තිය  වෙනු­වෙන් ක්‍රියා­ක­රන වෘත්තීය සංග­ම­යක් ලෙස ජාතික ධීවර වෘත්තීය සංග­මය හඳුන්වා දිය හැකියි.

මහ මුහුදේ ආර­ක්ෂාව සහ ජීවිත රක්ෂ­ණය සහ විශ්‍රාම වැටු­පක් වෙනු­වෙන් සංග­මය පෙනී සිටි­නවා. සහ­නා­ධාර ලබා ගැනීම සහ ඒවා බෙදා­දී­මේදී සහන ක්‍රම­යක් යටතේ බෙදීම වෙනු­වෙ­නුත්, ධීවර කාන්තා­වන්ට ධීවර සංග­ම­යත් සමු­ප­කාර සංග­ම­යත් නියෝ­ජ­නය කිරීමේ අයි­ති­වා­සි­කම් වෙනු­වෙන් සංග­මය පෙනී සිටි­නවා.

ඒව­ගේම ධීව­ර­යා­ටත් ඔවුන්ගේ මත්ස්‍ය නිෂ්පා­ද­න­ය­ටත් මහ මුහුදේ ආර­ක්ෂාව වෙනු­වෙන් ආර­ක්ෂණ ක්‍රියා­මාර්ග ගන්නා ලෙස සංග­මය කතා කර­නවා. සහන සහ සහ­නා­ධාර බෙදා­දී­මේදී සාධා­රණ ක්‍රම­යක් ක්‍රියා­ත්මක කිරී­මට ඉල්ලී­ම­ටත් පෙනී සිටි­නවා.

පොලො­න්න­රුව, කුරු­ණෑ­ගල, මොන­රා­ගල සහ පුත්ත­ලම යන දිස්ත්‍රි­ක්ක­වල සිටින කුඩා මිරි­දිය ධීවර ජන­තා­වක් සිටි­නවා. ඒත් ඒ කණ්ඩා­යම් වෘත්තීය සංග­ම්ව­ලට දායක වෙන්නේ නැහැ. මිරි­දිය ධීවර කර්මා­න්ත­ක­රු­වන් අඩු­වෙන්ම අව­ධා­න­යට ලක් වූ පිරි­සක්. ඔවුන්ගේ දාය­ක­ත්වය ගැනත් එත­රම් සලකා බැලී­මක් කිසිදු ආණ්ඩු­ව­කින් සිදු­වෙලා නැහැ. අපේ සංග­මය යටතේ මිරි­දිය ධීවර කර්මා­න්තයේ යෙදෙන ගොවි ජන­තාව වෙනු­වෙ­නුත් සුබ­සා­ධන සේවා ක්‍රියා­ත්මක කෙරෙ­නවා. මිරි­දිය ධීවර සහ කෘෂි­ ක­ර්මා­න්තයේ යෙදෙන එම ජන­තා­වගේ ආදා­යම් උත්පා­ද­නය සඳහා අපි විවිධ වැඩ­පි­ළි­වෙළ ක්‍රියා­ත්මක කරනු ලැබුවා. එම ජන­තා­වට ඉති­රි­කි­රී­ම්වල වැද­ග­ත්කම පැහැ­දිලි කර­දී­මත්, කොම්පෝස්ට් පොහොර නිෂ්පා­ද­න­යත් ගෙවතු වගාව සම්බ­න්ධ­යෙන් පුහු­ණු­ව­කුත් ලබාදී තිබෙ­නවා. මිරි­දිය ධීවර කර්මා­න්තය ගොඩ­ගන්න තව­මත් කිසිදු වැඩ­පි­ළි­වෙ­ළක් නැහැ. මේ කර්මා­න්තය විශාල ආදා­යම් උත්පා­ද­න­යක් තිබෙ­න්නක්. වැව් විශාල සංඛ්‍යා­ව­කුත්, මහ­වැ­ලි­යේත් ජලාශ බොහො­ම­ය­කුත් තිබෙ­නවා. මේවා වැඩක් ගෙන නැති බව කිව යුතුයි. ඒව­ගේම මන්ද­පෝ­ෂ­ණය වැඩි­වෙ­මින් පව­ති­නවා. ග්‍රාමීය මන්ද­පෝ­ෂ­ණ­යට මිරි­දිය මත්ස්‍ය නිෂ්පා­ද­නය හොඳ පිළි­තු­රක් ලෙස හඳුන්වා දෙන්න පුළුවන්.

ඉරෝෂා දීපානි


මෑන්ප­වර් ජීවිත 

එකම කම්හල, එකම වැඩ­මු­රය, එකම රාජ­කා­රිය.  ඒ වුණාට කෝණේ­ෂ්ව­රීට එකක්. අනෙක් මෑන්ප­වර් නොවෙන සේවි­කා­වන්ට වෙන එකක්. ඒ අයට වැටුප, දීමනා, අති­කාල සාපේ­ක්ෂව කෝණේ­ෂ්ව­රීට වඩා වැඩියි. ඒ එකම තන­තුරේ එකම මූලික වැටු­පක් යටතේ මේ දෙපි­රි­සම වැඩ කර­ද්දීයි.  කෝණේ­ෂ්වරී යාපනේ. එයා ඉන්නේ කොළඹ බෝඩිමේ එකම කාමරේ තවත් ගෑනු ළමයි දෙන්නෙක් එක්ක. පාන්ද­රට එතැන වොෂ් රූම් එක­ටත් පෝලිම.

මෙයාලා  භූමි­තෙල් ළිපට තෙල් ටිකක්  ගන්නත් බූලි­යත් උස්සන් රෑ පානේ හැතැප්ම ගාණක් ඇවි­දින්න ඕනි. එහෙම අවු­ළුවා ගන්නා ළිපෙන් වෑංජන දෙකක් උයා­ගෙන, බත් ගෙඩි­යක් බැඳ­ගෙන කෝණේ­ෂ්වරී අඩි­යට දෙකට වැඩ­ප­ළට දුවන්නේ, පර­ක්කුවේ රතු ඉරෙන් ගැල­වෙන්න බලා­ගෙන.  රෑ වැඩ මුරය ඉවර වෙද්දී හරි­යට වෙලා­වට ෆැක්ට­රිය ඉදි­රි­පිට නව­ත්වන කොම්පැ­නි­යේම අයට  විත­රක් විවෘත බස්ව­ලට ගොඩ­ව­දින්න මෑන් පවර් කෝණේ­ෂ්ව­රී­ලාට අව­ස­ර­යක් නැහැ. ඉඳ­හිට පව් කියලා දමා­ගෙන ගියො­තින් මිසෙක එහෙම අව­ස­ර­යක් මෑන්ප­වර් අයට  නැහැ.

ඒ වෙනු­වට ලොකු වට­යක් ගහ­ගෙන,  කොම්පැනි ගණ­නා­වක තවත් මෑන්ප­වර් සේවක සේවි­කා­වන් පුරෝ­ගෙන ඇල­වී­ගෙන එන පොඩි බස් එක තමයි කෝණේ­ෂ්ව­රී­ලාට හුඟක් දව­සට වැඩ ඉවර වෙලා යන්න තියෙ­න්නේත්. ඒ ඇතු­ළත යන්නේ වැඩි­ම­නක් පිරිමි. පිරිමි ගොඩේ හිර­වී­ගෙන, එහෙ­මත් නැති­නම් පිරිමි හිර කර­ගෙන යන එකත් ඉව­සා­ගෙ­නයි කෝණේ­ෂ්වරී ඇතුළු හුඟක්  කාන්තා­වන් මෑන්ප­වර් බස් එකෙන් බැහැ­ගන්නේ. එහෙම වේලා­වක පිරි­මින්ට ආඩ­පාලි කිවු­වො­තින් බහු­ත­ර­යක් පිරිමි ඉදි­රියේ හෑල්ලු­වට ලක්වෙ­න්නේත් කෝණේ­ෂ්ව­රී­මයි. අනෙක,  පිම්මේ දුවන ඒ බස් එකත් සම­හ­ර­දාට නව­ත්වන්නේ බෝඩිම පහු­ක­ර­ගෙන දුරක් ගිහින්. මේ පීඩා­වෙන් ගැල­වෙන්න නම් බස් වැඩ නැති, ලයිට් නැති පාරේ 500mක් විතර රස්ති­යා­දු­කා­ර­යන්ගේ හයි­කා­ර­කම් බල බලා යන්න වෙනවා. ඔය ගම­නේදී සර්ප­යන්ට ගොදුරු වුණු අයත් ඉන්නවා.

මේ සිය­ල්ලත් දරා­ගෙන උදෙන්ම වැඩට ආවත් කම්හල ඇතු­ළත අත්ද­කි­න්නට වෙන තත්ත්වය තවත් වෙනස්. කෝණේ­ෂ්වරී හැඩ­කාරි. මන­මාල මැනේ­ජ­ර්ලාගේ, සුප­ව­යි­ස­ර්ලාගේ ලොකු උන­න්දු­වක් මුලදී නම් ඇයට තිබුණා. ඒත්, ඇයගේ ලැජ්ජා බය, හැදි­යාව ඒකට හරස් වුණා. එතැ­නි­නුයි වාතා­ව­ර­ණය තවත්  වෙනස් වෙන්න ගත්තේ. කළ­ම­නා­කා­රී­ත්වයේ හුඟ දෙන­කුට දෙමළ බැහැනේ. කෝණේ­ෂ්ව­රී­ටත් යන්ත­ම­ටයි සිංහල පුළු­වන්. මේ නොගැ­ළ­පීම් ආරෝ­ව­කට හැරෙන්න ගත්තේ ෆැක්ටේ­රි­යේදී ඇඟට බර­වෙන්න  එන පිරිමි සුප­ව­යි­ස­ර්ලා­ගෙන් කෝණේ­ෂ්වරී ඈත්වෙන්න ගත්තා­මයි.

‘කොච්ච­ර­වත්,  ඩැමේජ්.  කරෙ­ක්ෂන්, රිජෙක්ට් වෙන­වාත් වැඩියි.  කියන දෙයක් තේරුම් අරන් වැඩ කරන්න බැහැ’  සිංහ­ලෙන් හැදුණු එහෙම  චෝදනා පත්‍ර­ය­කට වතා­වක් කෝණේ­ෂ්වරී අත්සන් කළෙත් දෙම­ළෙන්. වැටුප් වර්ධක, දීමනා කැපෙන්න ඒකත් කාර­ණා­වක්.  එහෙම වෙද්දී  කට්ටිය අඩු දව­ස්ව­ලට අත් උද­ව්කරු මට්ටමේ වැඩ­ව­ලට ඇයව යොදවා ගැනී­මට වැඩ පරි­ක්ෂ­ක­ව­රුන් කට­යුතු කළේ කලින් ආරෝ­වත් හිතේ තියා­ගෙන. මෙහෙම දේවල් පොල් අහු­ලන්න එනවා වගේ කලා­තු­ර­කින් එන කම්කරු නිල­ධා­රීන්ගේ අව­ධා­න­ය­ටත් එත­රම් යොමු නොවෙන තරම්. එහෙම වුණත් ඒ අය ඉදි­රියේ කරුණු දක්වන්න තරම් සාධා­රණ කාල­ය­කට ‘ලයින්’ එකෙන් කෝණේ­ෂ්ව­රීව නිද­හස් කරන්න පුළු­වන් තරම් වට­පි­ටා­වක් එක පිට එක ඕඩර් පස්සේ දුවන ෆැක්ටේ­රියේ නැහැ.

අනෙක මෑන්ප­වර් සේව­ක­යන්  කියන්නේ එක කෝල් එක­කින් ‘මෙයා එපා’ කිවු­වාම පහු­වදා රස්සාව නැති වෙලා මහ පාරට වැටෙන තැනට වැඩ සැල­සෙන තත්ත්ව­යක් කියලා, සිංහ­ලෙන්ම වැඩේ යන දකුණේ හුඟක් ෆැක්ට­රි­වල වැඩ කරන කෝණේ­ෂ්ව­රී­ලාට නොතේ­රෙ­නවා නෙවෙයි.

එක්කෝ, මෑන්ප­වර් එකෙන් අයි­න්වෙලා එන්න කියලා ඒ ඒ ෆැක්ට­රි­ව­ලින් අඬ­ග­හන්න ඕනෑ. එහෙම කිය­න්නේත් ඉතින් මැනේ­ජර්ලා, සුප­ව­යි­සර්ලා ඉහ­ළට දෙන වාර්තා අනු­වනේ. ඒත්, වැඩේ ඇරෙන්න වෙන දේව­ලුත් ගාව­ගෙන ඒවාත් හද­නවා නම් එතැ­නින් එහාට ඒ මෑන්ප­වර් අයට  අබ සර­ණම තමයි. සදා­කල්ම මෑන්ප­වර් විත­රයි.

කෝණේ­ෂ්වරී  මෑන් පවර් සේවි­කා­වක්. බිය­ගම විත­රක් ගත්තත් එහෙම දහස් ගණ­නක් ඉන්නවා. බැලූ බැල්මට ඒ කට්ටි­යව කලාප ඇතු­ළත විවිධ ෆැක්ට­රි­ව­ලදී හඳුනා ගන්න පුළු­වන්. ඒ ඒ මෑන්ප­වර් කොම්පැ­නි­යෙන් ඒ අයට වෙනම ටී. ෂර්ට් එකක් දීලා තියෙ­න­වානේ. ඒත් ශ්‍යාමලී මෑන්ප­වර් නෙවෙයි, එයා ගාමන්ට් එකේ ස්ථිර සේවි­කා­වක්.  හැබැයි මේ දෙදෙ­නාම වැඩ කරන්නේ මාසේ පඩි­යට. කොම්පැ­නි­යෙන් කෝණේ­ෂ්ව­රීගේ පඩිය මෑන්ප­වර් එකට. එතැ­නින් ගත­ම­නාව කපා­ගෙ­නයි මෑන්ප­වර් එකෙන් ආපහු කෝණේ­ෂ්ව­රීගේ බැංකු පොතට පඩිය යන්නේ. ඒ පඩි­ප­තින් ලැයිමේ නංගිලා, මල්ලිලා එක්ක වය­සක මවු­පි­යන් රැකෙ­න්නත් ඕනි. ඉතින්, කොච්චර වුණත් දත විකා­ගෙන කෝණේ­ෂ්වරී වැඩ. එහෙව් කෝණේ­ෂ­ව­රීලා දහස් ගණ­නක ජීවිත දැනුත් දකුණේ  ෆැක්ටරි ඇතු­ළත දිය­වෙ­නවා.

නුවන් ජය­වි­ක්‍රම


වරාය ලොරි රියැ­දුරු සංග­මය බිහිවේ

වරාය ලොරි රථ රියැ­දු­රන්ගේ සහ සහා­ය­ක­යන්ගේ සාමූ­හි­කය පසු­ගිය 27 වැනි දින පෑලි­ය­ගොඩ ප්‍රජා ­ශා­ලා­වේදී අන්තර් සමා­ගම් සේවක සංග­ම‍ෙය් මැදි­හ­ත්වී­මෙන් පිහි­ටුවා ගන්නා ලදි. මෙය වරාය ඉති­හා­සයේ සුවි­ශේෂී සිදු­වී­මකි.

දීපානි

 

 

 

 

 

 

 

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT