කැලණිය විශ්වවිද්‍යාලයේ දර්ශන අධ්‍යයන අංශයේ මනෝවිද්‍යා ඒකකයේ ප්‍රධානී, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය එන්.ඩී.ජී. ගුනේන්ද්‍ර ගයන්ත මහතා හදිසි අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.
මියයන විට ආචාර්යවරයා 46 වන වියේ පසුවිය.
ඔහු සිය කුඩා දරුවන් තිදෙනා සහ බිරිඳ සමග යාපනය, නාගදීපයේ සංචාරයක ගොස් නැවත එමින් සිටිය දී මෙලෙසෙ අවාසනාවන්ත ලෙස අනතුරකට ලක්ව තිබුණේ මධ්‍යම අධිවේගී මාර්ගයේ 48.5 වැනි කිලෝමීටර් කණුව ආසන්නයේදීය.
ඔවුන් ගමන්ගත් වෑන් රථය ඉදිරියෙන් ධාවනය වූ ලොරි රථයක පිටුපස ගැටීමෙන් අනතුර සිදුව ඇත.
අනතුරින් තුවාල ලැබූ දරුවන් තිදෙනා, බිරිඳ සහ තවත් දෙදෙනෙකු මේ වනවිට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබයි. අනතුර සම්බන්ධයෙන් මීරිගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.
ආචාර්ය ගයන්ත මහතා කැලණිය හා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල දෙකෙහිම සිසුන් අතර ඉතා ජනප්‍රිය හා ගෞරවයට පාත්‍ර වූ ආචාර්යවරයෙකි.
ඡායාරූප -Accident 1st