Wednesday, March 26, 2025
Home » තවත් ලාංකිකයින් පිරිසකට ඊශ්‍රායල් ඉදිකිරීම් රැකියා

තවත් ලාංකිකයින් පිරිසකට ඊශ්‍රායල් ඉදිකිරීම් රැකියා

by chanaka
March 19, 2025 4:15 pm 0 comment

ඊශ්‍රායල් රජය හා ශ්‍රි ලංකා රජය අතර ඇතිකර ගත් අවබෝධතා ගිවිසුම අනුව 2025 වසරේ ජනවාරි සිට මේ දක්වා ගතවූ කාලය තුළ ශ්‍රි ලාංකිකයින් 1154 දෙනෙකු ඊශ්‍රායලයේ ඉදිකිරීම් රැකියා සඳහා පිටත්ව ගොස් ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය සදහන් කරයි.

මේ අතර, ඊශ්‍රායලයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා හිමිවූ රැකියා ලාභීන් 22 දෙනෙකු වෙත ගුවන් ටිකට්පත් පිරිනැමීම ඊයේ (18) කාර්යාංශ සභාපති කෝශල වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය. මෙම පිරිස ඊයේ දිනම ඊශ්‍රායලය බලා පිටත් ගියේය.

එසේම තවත් 32 දෙනෙකු ඊශ්‍රායලයේ ඉදිකිරීම් රැකියාෙ පිටත්ව යාමට සූදානමින් සිටියි. ඒ අනුව කණ්ඩායම් 4 ක් ඊශ්‍රායලය බලා පිටත් වීමට නියමිතව ඇත.

නිපුණතා සහිත ශ්‍රමිකයින් ඉහළ වැටුප් සහිත වෘත්තිය රැකියා සදහා විදේශ ගතකිරීමට කාර්යාංශය අපේක්ෂා කරන අතර, ඒ අනුව පුහුණු ශ්‍රමිකයින් රැකියා සඳහා විදෙස් රටවලට යොමුකිරිමට මේ වන විට කටයුතු කරමින් පවතී. ඊශ්‍රායලයේ රැකියා සඳහා යොමුවීමට ද ශ්‍රි ලාංකිකයින්ගේ වැඩි උනන්දුවක් පවතී. ඊශ්‍රායලයේ ඉදිකිරීම් රැකියා රැකියා ලබාගැනීම සඳහා වෙනත් කිසිඳු පුද්ගලයෙකුට මුදල් හෝ ගමන් බලපත්‍ර ලබාදීමෙන් වලකින ලෙස කාර්යාංශය රැකියා අපේක්ෂිතයින්ගෙන් ඉල්ලා සිටියි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT