Home » ජර්මනියේ මාරියා ලංකාවේ පුංචි ඡන්දෙට ඉල්ලයි

ජර්මනියේ මාරියා ලංකාවේ පුංචි ඡන්දෙට ඉල්ලයි

by chanaka
March 19, 2025 3:56 pm 0 comment

මෙවර පළාත් පාලන මැතිවරණයේදී ස්වාධින කණ්ඩායම් අපේක්ෂිකාවක ලෙස තරග කිරීම සඳහා ජර්මානු කාන්තාවක ඇප මුදල් තැන්පත් කර ඇත.

ඇය තරග කිරීමට සුදානමින් පසුවන්නේ ගලේවෙල ප්‍රාදේශීය සභාවටය.

මෙම කාන්තාව මේ වන විට ශ්‍රී ලංකා පුරවැසිභාවය ලබාගෙන ඇතැයි වාර්තා සඳහන් කරයි.

මාරියා බෙනන්සා නමැති මෙම කාන්තාව ජනමාධ්‍ය හමුවේ පවසා ඇත්තේ, ශ්‍රී ලංකාවේ ධනාත්මක වෙනසක් ඇතිකිරීම සඳහා තමා මැතිවරණයට තරඟ කිරීමට ඉදිරිපත් වූ බවයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT