Saturday, April 5, 2025
Home » ගෝලීය තිරසර පරිවර්තනයකට බහු-පාර්ශ්වීය හවුල්කාරීත්වය

ගෝලීය තිරසර පරිවර්තනයකට බහු-පාර්ශ්වීය හවුල්කාරීත්වය

by Gayan Abeykoon
March 19, 2025 4:08 pm 0 comment

බහුමානික දරිද්‍රතාවය හා කුසගින්න අවසන් කිරීම, සැමට ගුණාත්මක අධ්‍යාපනය, මානව අයීතීන් සුරකින සාමකාමී සමාජය, ස්ත්‍රී-පුරුෂ සමාජභාවය සහිත ගෝලීය පාරිසරික සම්පත් තිරසර අයුරින් භාවිත වන බහු පාර්ශ්වීය හවුල්කාරීත්වය තුළින් වසර 2030 දී ළඟාකර ගැනීමට අපේක්‍ෂිත ගෝලීය තිරසර පරිවර්තනයක් සඳහා වන විශ්වීය අරමුණු 17ක්, එම අරමුණු වෙත ගමන් කිරීමට අවශ්‍ය ඉලක්ක 169ක්, හා ඉලක්ක වල ප්‍රගතිය මනිනු ලබන දර්ශක 248ක් සහිත අභිලාෂාත්මක ගෝලීය මානව මූලික ක්‍රියාකාරී සැලැස්ම වර්ෂ 2015 දී UNO විසින් ප්‍රකාශ කරන ලදී (SDG Source Document, 2015).

එම ගෝලීය අරමුණු 17 අතර අධ්‍යාපනය සඳහා වන තිරසර සංවර්ධන අරමුණු අංක 04, මානව සංවර්ධනයේ මූලික අංගයක් වන අතර සෙසු අරමුණු බොහොමයක් ළඟාකර ගැනීමට සෘජුවම හා වක්‍රව දායක වන අතර ඒ සඳහා වන බහුපාර්ශවිය හවුල්කාරීත්වය ඉතා වැදගත් වේ. ගුණාත්මක අධ්‍යාපනය මෙන්ම බහුපාර්ශවිය හවුල්කාරීත්වය යන අරමුණු ද්විත්වයම පරිවර්තනිය වෙනසක් සහිත සමාජ ප්‍රගමනයට දායක වේ. මෙම එක් එක් අරමුණු අතර අන්තර් සම්බන්ධතාවය පවත්වා ගනිමින් ආර්ථික, සමාජය සහ පාරිසරික අභිලාෂයන් සාක්ෂාත් කරගත් වඩාත් යහපත් සමාජයක් බිහි කිරීමට සඳහා බහු-පාර්ශ්වීය හවුල්කාරීත්වය අත්‍යවශ්‍ය හා කාර්යක්ෂම ප්‍රවේශයකි. සමෘද්ධිමත් ආර්ථිකයක්, සශ්‍රීක සමාජයක් සහ සුරක්ෂිත පරිසරයක් ගොඩනැඟීම ප්‍රධාන භූමිකා ත්‍රිත්වය කරගත් මෙම ගෝලීය න්‍යාය පත්‍රයේ සැමට ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදීම සශ්‍රීක සමාජයක් ගොඩනැඟීම සඳහා පදනම වන ප්‍රමුඛතම අරමුණක් වේ.

රාජ්‍ය හා ආණ්ඩු මගින් තිරසර සංවර්ධනය සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය, ඒවා ක්‍රියාවට නැංවීම සඳහා අවශ්‍ය ආයතන පිහිටුවීම (ප්‍රාදේශීය, ජාතික හා ජාත්‍යන්තර), අවශ්‍යතා මත සම්පත් වෙන් කිරීම  (තාක්ෂණික හා මූල්‍යමය), නව්‍යතා සම්පාදනය හා හුවමාරු කිරීම මෙන්ම සිවිල් සමාජය හරහා  ගෝලීය තිරසර සංවර්ධන අරමුණු හා ඉලක්ක ළඟාකර කරගැනීමට යොමු කිරීම තුළින් ශක්තිමත් ආර්ථිකයක්, සෞඛ්‍යමත් පරිසරයක්, බුද්ධිමත් සමාජයක් මෙන්ම දේශපාලන හා නීතියේ ආධිපත්‍යය සුරැකීමට අවස්ථා සලසා ගනී. ඒ අනුව තිරසර සංවර්ධනය සඳහා යොදා ගත හැකි බහු-පාර්ශවීය හවුල්කාරිත්ව යාන්ත්‍රණයේ ප්‍රධාන අවස්ථා තුනකි. සම්පත් හුවමාරු කරගැනීම, හුවමාරු සම්පත් ඒකාබද්ධ කිරීම හා පද්ධති පරිවර්තනය මගින් අරමුණු සාක්ෂාත් කරගැනීම එම අවස්ථාවන් වේ.  බහු-පාර්ශවීය හවුල්කරුවන් සතුව පවතින මූල්‍ය හා තාක්ෂණික සම්පත්, දැනුම, අත්දැකීම්, සම්බන්ධතා ඒකාබද්ධ කිරීම හා හුවමාරුව තුළින් ගුණාත්මක අධ්‍යාපනයේ ගෝලීය තිරසර අරමුණු ළඟාකර ගැනීමට සෘජු හෝ වක්‍ර වෙනස්වීමක් සඳහා විස්තීරණ අවස්ථාවන් උත්පාදනය කරයි. තිරසර සංවර්ධනය සඳහා බහු-පාර්ශවී හවුල්කරුවන් සතු ආන්තික සම්පත් ඒකරාශී කර ගුණාත්මක අධ්‍යාපනයක් ළඟා කර ගැනීම සඳහා ප්‍රාග්ධන, මානව, භෞතික හා තාක්ෂණික සම්පත් ඒකාබද්ධ කර හෝ හුවමාරුව මඟින් පවතින සාම්ප්‍රදායික සංවර්ධනයට අභියෝගාත්මක අයුරින් අධ්‍යාපන පද්ධතියේ පරිවර්තනයක් සිදු කිරීමට ඉඩ ප්‍රස්ථා පවතී.

ප්‍රාග්ධනය, තාක්ෂණය, නවෝත්පාදනය, නව්‍යතා සංවර්ධනය හා ධාරිතා සංවර්ධනය, වෙ‍ෙළඳාම, ප්‍රතිපත්ති හා ආයතනික සබඳතා, දත්ත, අධීක්ෂණය හා වගවීම ප්‍රධාන නිර්ණායක යටතේ ගුණාත්මක අධ්‍යාපනය තුළ ප්‍රාථමික, ද්විතීයික හා තෘතියික අංශයන්හි ප්‍රමාණවත් සුදුසුකම් සහිත හා තාක්ෂණික කුසලතා සහිත දක්ෂ පිරිසක් ගොනු කර ගැනීමට බහුපාර්ශ්වීය සහයෝගිතා සෘජුවම දායක කර ගත හැකි වේ. සැමට ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදීම තුළින් ශ්‍රම බලකාය සංවර්ධනය වීම, ශ්‍රම වෙ‌ෙළඳපළ ඉල්ලුම හා සැපයුම අතර ඇති නොගැළපීම ඉවත්වීම, පොදු සහ සමාජ යටිතල පහසුකම් සංවර්ධනය වීම, අධ්‍යාපනික තාක්ෂණික, පර්යේෂණ හා විශ්ලේෂණ අවස්ථා සැකසීම හා සංවර්ධනය, විවෘත දත්ත පද්ධති රැස්කිරීම්, නවෝත්පාදනය, නව්‍යතා හා ධාරිතා සංවර්ධනය අනුව රැකියා වෙ‍ළෙඳපළ අනුපාතය ඉහළයෑම ආදීය අරමුණු කරමින් ප්‍රාදේශීය, දේශීය සහ ගෝලීය වශයෙන් පද්ධති පරිවර්තනයක් පහසුවෙන් ළඟාකර ගත හැකි වේ. විශ්වසනීයත්වය හා පාරදෘශ්‍යතාවය, බලය හා සාධාරණත්වය, අන්‍යෝන්‍ය ප්‍රතිලාභ, වගවීම හා බැඳීම, යන සහයෝගී තිරසර බහු-පාර්ශ්වී හවුල්කාරීත්ව සංකල්ප, ස්ත්‍රී-පුරුෂභාවය, බහු සංස්කෘතිකත්වය, විවිධ අවදානම් තත්ත්වයන්ට මුහුණ දී ඇති සිසුන් මෙන් ම අධ්‍යාපනයේ විවිධ අවස්ථාවන් සඳහා වන සම-සාධාරණිය අධ්‍යාපන ප්‍රවේශය ඇතිවීමට බලපා ඇත්තේ ද ‘’බහු-පාර්ශවීය සහයෝගී හවුල්කාරීත්වය’’ යන සංකල්පයයි (The SDG Partnership Guidebook, 2020).බහුමානික දරිද්‍රතාවය අවම කිරීම හා අනෙකුත් සියලූම මානයන් ළඟා කර ගැනීම ගෝලීය ප්‍රබල අභියෝගයකි.

ගුණාත්මක අධ්‍යාපනය ලබාදීමේදී අවදානමට ලක්විය හැකි ප්‍රජාව කෙරෙහි අවධානය යොමු කරමින් සහයෝගී බහුපාර්ශවීය හවුල්කාරී සහභාගිත්වය සහිතව සංවර්ධනය වෙමින් පවතින රටක් ලෙස ශ්‍රී ලංකාව තිරසර සංවර්ධනයේ ප්‍රතිජනනාත්මක සන්දර්භීය වෙනස්කම් ආමන්ත්‍රණය කිරීමේදී, ප්‍රායෝගික අභියෝග හඳුනා ගැනීම අතිශය වැදගත් වේ.

සැමට ගුණාත්මක අධ්‍යාපනයක් සඳහා වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේදී සංවර්ධනය වෙමින් පවතින දූපත් රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාව සමාජ-ආර්ථික තත්ත්වයන් පිළිබදව දැනුම, විශේෂඥතා ඥානය, නවෝත්පාදන සඳහා පුළුල් වේදිකාවන්, සංවර්ධන කේන්ද්‍රීය හා සංවේදී  මැදිහත්වීම් සඳහා තාක්ෂණය හා මූල්‍ය අරමුදල් සංවිධානය කිරීම හා හුවමාරු කර ගනිමින් පරිවර්තනීය ගෝලීය තිරසර සංවර්ධනයක් සඳහා ප්‍රාදේශීය, ජාතික, අන්තර්ජාතික මට්ටමෙන් රාජ්‍ය, අන්තර් රාජ්‍ය සංවිධාන හා සිවිල් සමාජ  සහයෝගී හවුල්කාරීත්වය කැපී පෙනේ. FAO, IOM, ILO, UNFPA, UNWOMEN, ESCAP වැනි ආයතන විශාල ප්‍රමාණයක් හා ඔස්ට්‍රේලියාව, කැනඩාව, එක්සත් රාජධානිය, එක්සත් ඇමරිකන් ජනපදය රාජ්‍යයන් හදිසි ප්‍රතිචාර දැක්වීමේ හා සාමය ගොඩනැගීමේ ව්‍යාපෘති සඳහා මෙරටට ඇ.ඩො.මි.39ක මූල්‍යමය හා තාක්ෂණික ආධාර ලබා දී ඇත. ඒ අතරින් අධ්‍යාපනය සඳහා ප්‍රාථමික සිසුන් (160,000) සඳහා උදෑසන කිරි ආහාර  වැඩසටහන, ජාතික පාසල්  7,917 දිවා ආහාර වේල සඳහා මෙ.ටොන් 455 ක සහල් ලබා දීමක් සිදුකර ඇත (Annual Results Report, 2023).

මෙම තත්ත්වය තුළ ශ්‍රී ලංකාව මුහුණ දෙන බරපතළ  අභියෝග කිහිපයකි. අධ්‍යාපන ක්‍ෂේත්‍රය තුළ පවතින සමාජ ස්ථර පැවතීම, රාජ්‍ය හා පෞද්ගික මෙන් ම නාගරික හා ග්‍රාමීය පරතරය වැඩිවීම, යාවත්කාලීන නොවූ දත්ත පද්ධති මත තීරණ ගැනීම, එක්ව කටයුතු කළ යුතු ආයතන හුදකලාව කටයුතු කිරීම, සපයනු ලබන සහයෝගී හවුල්කාරීත්වයන් පවතිනඅවශ්‍යතාවයන් නිවැරදිව ආමන්ත්‍රණය නොකිරීම, ජාතික ප්‍රතිපත්ති රාමුවක් නොපැවතීම යනාදිය මේ අතර ප්‍රමුඛ වේ. මෙම අභියෝග නිරාකරණය සඳහා අධ්‍යාපනය පද්ධතිය තුළ ගතයුතු උපාය මාර්ග ලෙස: සපයනු ලබන සහයෝගී හවුල්කාරීත්වය, අවශ්‍යතාවයන් නිවැරදිව ආමන්ත්‍රණය කිරීම සඳහා අධ්‍යාපන කොට්ඨාස මට්ටමෙන් යාවත්කාලින කරනු ලබන දත්ත පද්ධතියක් ඇතිකිරීම හා පවත්වාගෙන යෑම. අධ්‍යාපන කොට්ඨාස මට්ටමෙන් පාසල්හි අවශ්‍යතාවන් වර්ගීකරණය කිරිම හා අවශ්‍යතා ප්‍රමුඛත්වය අනුව පෙළගැස්වීම. අවශ්‍යතාවයේ සැබෑ තත්ත්වය, ප්‍රායෝගිකත්වය හා එහි ප්‍රමාණය හා හිදැස හඳුනා ගැනීම, අවශ්‍යතාව ඉටුකර ගැනීමට පවතින සම්පත් ප්‍රමාණය හා අවශ්‍යතාවය ළගාකර ගැනීමට අවශ්‍ය සම්පත් ප්‍රමාණය හඳුනා ගැනීම හා ඍජු හා වක්‍ර ප්‍රතිලාභීන්  සංඛ්‍යාව නිශ්චිතව හඳුනා ගැනීම, ව්‍යාපෘති ආරම්භය, පවත්වාගෙන යෑම හා එහි අඛණ්ඩතාව පිළිබද දත්ත පද්ධතිය යාවත්කාලීන කිරීම. ගුණාත්මක අධ්‍යාපනයක් සඳහා වන සහයෝගී හවුල්කාරීත්වය පිළිබද ජාතික ප්‍රතිපත්තිමය රාමුවක් මගින් එක් එක් ආයතන හුදකලාව කටයුතු කිරීම වළක්වාලීමේ  අවශ්‍යතාවය. ගුණාත්මක අධ්‍යාපනයක් සඳහා වන සහයෝගී හවුල්කාරීත්වයේ නම්‍යශීලීතාවය, අවශ්‍යතාවය වෙනස් කිරීමට හැකි වන අයුරින් ක්‍රියාත්මක තලයේ ප්‍රතිපත්ති එකඟතා ඇති කරගැනීම.ආරම්භක ව්‍යාපෘතීන්වල අවම අඛණ්ඩතාව අවම කිරීම සඳහා ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ පැහැදිලි, නිවැරදි දත්ත පද්ධති ජාල ගතකිරීම, ආයතනික හුදකලා බව අවම කිරීම සඳහා ආයතන, ප්‍රජා, නීතිමය හා දේශපාලනික නියෝජිතයන් අතර මනා ජාලගත සබඳතා ඇති කිරීම එහිදී ප්‍රධාන ය.

  ආර්. එම්. ඒ දිසානායක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT