Monday, April 21, 2025
Home » මාස්ටර්ස් ලීග් ශූර­තාව ඉන්දි­යා­වට

මාස්ටර්ස් ලීග් ශූර­තාව ඉන්දි­යා­වට

by Gayan Abeykoon
March 18, 2025 8:08 am 0 comment

ජාත්‍ය­න්තර ක්‍රිකට් පිටි­යෙන් සමු­ගත් සුපිරි ක්‍රීඩ­ක­යන්ගේ සහ­භා­ගි­ත්ව­යෙන් පැවති ජාත්‍ය­න්තර ප්‍රවී­ණ­යන්ගේ ක්‍රිකට් තර­ගා­ව­ලියේ (International Masters League) ශූර­තාව දිනා ගැනී­මට සත්කා­රක ඉන්දි­යාව සමත් විය.

රායි­පූ­ර්හිදී පැවති තර­ගා­ව­ලියේ අව­සන් තර­ග­යේදී ඉන්දීය මාස්ටර්ස් පිල හමුවේ බට­හිර ඉන්දීය කොදෙව් මාස්ටර්ස් පිල කඩුලු 6කින් පරා­ජ­යට පත් විය.

තර­ගයේ පළ­මුව පන්දු­වට පහර දුන් කොදෙව් පිල ලකුණු 148කට සීමා කළ ඉන්දීය ක්‍රීඩ­කයෝ ඕවර 17.1කදී ජය තහ­වුරු කර ගත්තේ කඩුලු 4ක් පම­ණක් දැවී තිබි­ය­දීය.  අම්බති රයිදු ලකුණු 74ක් රැස් කර­මින් ඉන්දීය පිලේ ජය­ග්‍ර­හ­ණයේ නිය­මුවා විය. පන්දු යැවී­මේදී ඇෂ්ලි නර්ස් කඩුලු 2ක් දවා ගත්තේය.

ලෙන්ඩ්ල් සීමන්ස් ලකුණු 57ක් සහ ඩ්වේන් ස්මිත් ලකුණු 41ක් කොදෙව් ඉනි­මට එක් කළ අතර, පන්දු යැවී­මේදී විනය කුමාර් කඩුලු 3ක් සහ ෂාබාස් නදීම් කඩුලු 2ක් දවා ගත්හ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT