ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගත් සුපිරි ක්‍රීඩකයන්ගේ සහභාගිත්වයෙන් පැවති ජාත්‍යන්තර ප්රවීණයන්ගේ ක්‍රිකට් තරගාවලියේ (International Masters League) ශූරතාව දිනා ගැනීමට සත්කාරක ඉන්දියාව සමත් විය.
රායිපූර්හිදී පැවති තරගාවලියේ අවසන් තරගයේදී ඉන්දීය මාස්ටර්ස් පිල හමුවේ බටහිර ඉන්දීය කොදෙව් මාස්ටර්ස් පිල කඩුලු 6කින් පරාජයට පත් විය.
තරගයේ පළමුව පන්දුවට පහර දුන් කොදෙව් පිල ලකුණු 148කට සීමා කළ ඉන්දීය ක්‍රීඩකයෝ ඕවර 17.1කදී ජය තහවුරු කර ගත්තේ කඩුලු 4ක් පමණක් දැවී තිබියදීය. අම්බති රයිදු ලකුණු 74ක් රැස් කරමින් ඉන්දීය පිලේ ජයග්‍රහණයේ නියමුවා විය. පන්දු යැවීමේදී ඇෂ්ලි නර්ස් කඩුලු 2ක් දවා ගත්තේය.
ලෙන්ඩ්ල් සීමන්ස් ලකුණු 57ක් සහ ඩ්වේන් ස්මිත් ලකුණු 41ක් කොදෙව් ඉනිමට එක් කළ අතර, පන්දු යැවීමේදී විනය කුමාර් කඩුලු 3ක් සහ ෂාබාස් නදීම් කඩුලු 2ක් දවා ගත්හ.