Home » හැට දෙකත් පැනලා ක්‍රිකට් පිටියේ වාර්තා­වක් තබලා

හැට දෙකත් පැනලා ක්‍රිකට් පිටියේ වාර්තා­වක් තබලා

by Gayan Abeykoon
March 18, 2025 4:10 pm 0 comment

ප්රින්ස් ගුණසේ­කර

කොස්ටා­රි­කා­වට එරෙ­හිව ගුවා­සිමා නග­රයේ පැවති විස්සයි20 ජාත්‍ය­න්තර ක්‍රිකට් තර­ග­ය­කදී, ෆෝක්ලන්ත දූපත් කණ්ඩාය‍මේ ඇන්ඩෲ බ්‍රවුන්ලී ජාත්‍ය­න්තර ක්‍රිකට් පිටි­යට පිවිසි වය­ස්ග­තම මිනිසා බවට පත්විය.

වයස අවු­රුදු 62යි දින 145 දී ජාත්‍ය­න්තර ක්‍රිකට් තර­ග­ය­කට පිවිසි ඇන්ඩෲ බ්‍රවුන්ලී දකු­ණත් මඳ­වේග පන්දු යව­න්නකු සහ පසු­පෙළ පිති­ක­රු­වකු ලෙස ෆෝක්ලන්ත දූපත් ක්‍රිකට් කණ්ඩාය‍ම නියෝ­ජ­නය කළේය. වයස අවු­රුදු 60න් පසු ජාත්‍ය­න්තර ක්‍රිකට් ක්‍රීඩා කළ පළමු ක්‍රිකට් ක්‍රීඩ­කයා බවට ඇන්ඩෲ බ්‍රවුන්ලී පත්විය.

මෙයට පෙර වය­ස්ග­තම ජගත් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩ­ක­යාගේ වාර්තාව තබා ඇත්තේ ඉංග්‍රීසි ජාතික විල්ෆ්‍රඩ් රෝඩ්ස් (අවු­රුදු 52යි දින 156) විසිනි. තුර්කියේ ඔස්මාන් ගෝකර් 2019 දී රුමේ­නි­යා­වට එරෙ­හිව ජාත්‍ය­න්තර විස්සයි20 තර­ග­ය­කට ක්‍රීඩා කරන විට ඔහුගේ වයස අවු­රුදු 59යි දින 181ක් විය.

ජාත්‍ය­න්තර තර­ග­ය­කට ක්‍රීඩා කරන 106 වන කණ්ඩා­යම වූ ෆෝක්ලන්ඩ් පිලේ ළාබා­ල­තම ක්‍රීඩ­ක­යාගේ වයස අවු­රුදු 31කි. කණ්ඩා­යමේ නව දෙනෙක් අවු­රුදු 40ට වැඩි අය වූහ. ඒ නව දෙනා­ගෙන් තිදෙ­නෙක් අවු­රුදු 56ට වැඩි ක්‍රීඩ­ක­යන් වේ. මේ තර­ග‍යේදී බ්‍රවු­න්ලීගේ ෆෝක්ලන්ඩ් කණ්ඩා­යම කොස්ටා­රි­කාව ඉදි­රියේ ලකුණු 66කින් පරා­ජ­යට පත් විය. බ්‍රවුන්ලී එක ලකු­ණ­කට දැවී ගියේය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT